හෙජින් ගනුදෙනුව – විත්ති කූඩුවට නැංවිය යුත්තේ කවුද?

Posted on December 3, 2008



මේ ආන්දෝලානාත්මක ගනුදෙනුව පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අදහස් මා දුටුවේ A Voice in Colombo –http://landlikenoother.blogspot.comනමැති බ්ලොග් අඩවියේ ය.

මේ බ්ලොග් අඩවියේ මේ ගනුදෙනුව ගැන තිබූ බොහෝ දේ පිළිබඳව මා එකඟ වෙතත් එහි අඩංගු එක් කරුණක් සම්බන්ධයෙන් මට වෙනස් මතයක් තිබේ.

ඒ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිදහස් කොට අසන්ත ද මැල් පමණක් විත්ති කූඩුවට නැංවීමේ තැත පිළිබඳව ය.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විත්තිකූඩුවට නැංවීමට රනිල් වික‍්‍රමසිංහට ද වුවමනා වී තිබේ. එය තේරුම් ගත හැක්කකි. එහෙත් ඔහු ඒ සඳහා ගෙනෙන තර්කයන් මුලූමනින්ම නිවැරදි නැත. ඒ පිළිබඳව ඉතාමත් නිවැරදි කරුණු දැක්වීමක් මේ බ්ලොග් අඩවියෙන් කෙනෙකුට දැක ගත හැකි ය. ඒ නිසා රනිල්ගේ තර්ක බිඳීමට මා අමතර උත්සහයක් දැරීම අවශ්‍ය නොවේ.

රනිල් ඉදිරිපත් කරන හේතු නිසා නොව වෙනත් හේතු නිසා මා ආණ්ඩුව චුදිතයකු කිරීමට සූදානම් ය.

අසන්ත ද මැල් යනු රජයේ ඉහළම තැනට ඥාතිත්වයක් ඇති පුද්ගලයෙකි. ඔහු ඒ තැනට පත් කරනු ලබන්නේ 17 සංශෝධනය පැත්තකට තල්ලූකර දැමීමෙන් පසු ය. ඔහුට මෙවැනි සෙල්ලම් කිරීමට නිකම්ම බලයක් ලැබෙන්නේ නැත. බලය අයුතු ලෙස පාවිච්චි කරන බොහෝ දෙනා එසේ කරනු ලබන්නේ ඉහළම බලය සමග ඇති තම සම්බන්ධය විසින් දෙන රැුකවරණය පිළිබඳ සහතිකය සමගිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය අසන්ත ද මැල් ඉවත් කරන තෙක් මේ පිළිබඳව කිසිවක් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ නැත.

ඒ නිසා ආණ්ඩුව මෙම වගකීමෙන් නිදහස් කිරීමට දරණ තැත පිළිගත නොහැකි ය. එතෙකුදු නොබියව මේ පිළිබඳ ඉතා සවිස්තර විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම ගැන A Voice in Colombo බ්ලොග් අඩවියට අපේ ප‍්‍රණාමය හිමිවිය යුතු ය.

දැන්වත් 17 සංශෝධනය කි‍්‍රයාත්මක කළ යුතු යයි රජයට බලකිරීමට මීට වඩා හොඳ අවස්ථාවක් නැත. අසන්ත ද මැල් ඉවත්කොට ඔහු විත්ති කූඩුවට නැංවීමෙන් පමණක් සාධාරණය ඉෂ්ඨ වන්නේ නැත.

Advertisements
Posted in: Uncategorized