වෙන කුමක් කරන්න ද? පහළ හෙලනු මිස!

Posted on December 1, 2008



අසව්! අසව්! අසව්!

ශ‍්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ වාර්ථාවක් පිහිටුවමින් පළමු වරට දුම්රිය ගාස්තු අද සිට අඩු කර ඇත.

මේ බව කියා සිටියේ නෙත් එෆ් එම් සේවයට කතා කළ බලධාරියෙකි. මේ වැදගත් ප‍්‍රවෘත්තිය දෙසැම්බර් මස අපගේ මුල් බ්ලොග් සටහන ලෙස ලියැවෙන්නේ ඒ ප‍්‍රීතිය නිමිත්තෙනි.

කාට ද ආඩම්බර!

පහුගිය වකවානුවේ දුම්රිය දුම්රිය ගැටුම් නිසා ද දුම්රිය පිලී පැනීම් නිසා ද අන්දමන්ද ව සිටි ලජ්ජාවට පත් ව සිටි හා දුර්මුඛව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවට එය මෙහෙයවන බලධාරීන්ට හා ඇමතිතුමට නොවේ දැයි සමහරු කියන්නට පුලූවන.

ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට මත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රෙදි ගලවන්නට මත්තෙන් හා එහි ඇමතිතුමා ඉවත් කරන්නට නියෝග දෙන්නට මත්තෙන් මෙය කළා යැයි කියමින් මේ ෙඓතිහාසික අවස්ථාව හෑල්ලූවට ලක් කරන්නට ද මිනිස්සු ඉදිරිපත් වන්නට පුලූවන.

ලෝක වෙළඳපොලේ තෙල් මිල ෙඓතිහාසිකව පහළ ගිය කල මෙසේ නොකර වෙන කුමක් කරන්න දැයි සමහරු ප‍්‍රශ්න කරන්නට ද පුලූවන.

විහිලූවලින් පමණක් සංග‍්‍රහ ලැබූ ජනතාවට මෙහෙම හෝ යම් නිෂ්චිත වාසියක් ලබා දීමට කටයුතු කළ බලධාරීන් අගය කරනු වෙනුවට මෙසේ හෑල්ලූවට ලක්කරන්නේ ඉරිසියා කාරයින් ය.

ඔවුන්ට ප‍්‍රතිපක්ෂව මේ ඓතිහාසික අවස්ථාව පිළිබඳ උද්දාමයට පත්ව සිටින පිරිස අතරට අපිත් එක්වන්නට මෙසේ තීරණය කළෙමු.

Advertisements
Posted in: Uncategorized