ජාතිවාදය සිංහලයාගේ දෙමළාගේ ද යන්න අදාළ නැත. දෙවර්ගයේම ජාතිවාදය එකසේ පිළිකුල් කළ යුතු ය. එසේ වුවද මා සිංහලයෙකු ලෙස වඩාත් කැමති සිංහල ජාතිවාදයට වැඩිපුර පහර ගැසීමට ය. ඒ මා සැබෑ අභිමානයෙන් පෙළෙන සිංහලයෙකු බැවිනි. මට අභිමානයෙන් සිංහලයෙකු ලෙස ජීවත්විය හැක්කේ සිංහලයන් අතර පවතින ජාතිවාදය නැති කිරීමට දායක වීමෙනි. මගේ ඒ දායකත්වය දෙමලූන් අතර ජාතිවාදය තුරන් […]
November 21, 2008
දෙමල වීම නිසා සිදුවුණු හෝ සිදුව ඇති අසාධරණකම් කවරේදැයි යන ප්රශ්නය නැවත නැවතත් මතුවන්නකි. සින්නතම්බි කසාද බැඳ සිටියේ පියසීලි වය. මේ පියසීලී කියූ කතාවයි. අපි වතුර බොන ලිඳේ නාන්න සිංහල මිනිස්සු එනවා. අපි කිව්වහම අපි ඔය ලිඳෙන් නාන්නෙ නෑ ඔය වතුර බොන ලිඳය කියල ඒ අය කියනවා උඹලා දෙමල අපි නාන වතුර බිව්වහම මක් වෙනවද […]
November 20, 2008
දේශ සීමා අහෝසි වී ගොස් පොදුවේ සැවොම කතා කරන භාෂාව බවට ඉංග්‍රීසිය පත් වී පෘතුවියෙන් එපිට ග්රහලෝකයන් හා වෙනත් ග්රහමණ්ඩල ජය ගන්නා ආකාරය ගැන පෘතුවි වැසියන් එකම බසකින් කතා කරනු අසන්නට පුලූවන. නැතිනම් එකිනෙකා කා කොටා ගෙන මේ පෘතුවිය සුන්ද්¥ලි වී ජීවයෙන් තොරව තිබෙන්නට ද පුලූවන. ඒ දිසා දෙකකින් එකට ලොව තල්ලූ කිරීමේ බලය ඇත්තේ […]
November 20, 2008
පහත දැක්වෙන්නේ නිලන්තගේ දින සටහන් නම් වෙබ් අඩවියේ තිබූ බ්ලොග් සටහනින් උපුටා ගැණුනකි. නිලන්ත කියන්න යන දේ සංයමයකින් යුතුව විමසිය යුතු කාරණයකි. මට අසාධාරණයක් වූයේ යැයි කියා හෝ වේවි කියා හෝ කඩුවක්, තුවක්කුවක් ගෙන සැවොම මරමි‘යි කියා යකා නැටිය හැකිද? හෙට දිනේ අවිය තොපේ හිසට එල්ල කොට මෙය කරවැයි හොරෙකු හෝ තක්කඩියෙකු අණ දුන් කල […]
November 20, 2008
මේ ප්රශ්නය මගේ ඔලූවට වද දෙන්නට පටන් ගත්තේ අපගේ පාඨකයෙකු විසින් දක්වන්නට යෙදුනු පහත සඳහන් හේතු පාඨය නිසාය. මේ කාටවත්ම මතක් වෙන්නේ නැද්ද මේ යුද්ධය ට පෙර සාමය තිබූ කාලයේ රජය විසින් සාමයට අත දිගුකර තිබු කාලයේ මේ ත්රස්තවාදීන් විසින් කරන ලද ක්‍රියාවන්. අප මේ උත්තර දෙන්නේ ඒ සමයේ එල් ටී ටී ය කළ ක්‍රියාවලට […]
November 19, 2008
Comments Off on අපි සුදෝ සුදු වෙමු. ඔවුන් කාක්කන් මෙන් කලූ ය.
අපි සුදෝ සුදු වෙමු. ඔවුන් කාක්කන් මෙන් කලූ ය. අප ළඟ ඇති සියල්ල නිවැරදි ය. ඔවුන් තුළ දක්නට ලැබෙන හැම දෙයක්ම අඩුපාඩුවලින් යුක්ත ය. මේ අප බොහෝ දෙනෙක් සිතන්නට කැමති ආකාරය යි. මෙම බ්ලොග් අඩවියට ලැබුණු සමහර ප්‍රතිචාරවලින් පෙනෙන්නේ ද බොහෝ දෙන්නා තමන්ගේ දේ අගය කරන බවයි. තමන් සතුව ඇති සැබෑ යහපත් හා සාධනීය දේ […]
November 19, 2008
”පල ප..යා යන්න” ඒ අප ලැබූ සංග්‍රහයයි. එය අපගේ ”මා අවදි කරන්නට හදන මේ පාහරයා කවුද?” යන බ්ලොග් ලිපිය සඳහා ලැබුනු ප්රතිචාරයයි. තිත් සහිතව මෙහි සඳහන් කළද මුලූ ප්‍රතිචාරය වචනයකුදු සංශෝධනය නොකොට පළ කිරීමට කටයුතු යොදා ඇත. පළමුවෙන්ම එසේ පළ කළ දෙය දැන් තිත් දමා පළ කරන්නේ ඇයි ද යන්නට හේතු පැහැදිලි කළ යුතු ය. […]
November 18, 2008
සිත ඇඳි සටහන් බ්ලොග් එකේ පළවූ ලිපියක් දැක ලියන්නට සිතුවෙමි. ජාතිකාභිමානය යහපත් එකකි. ජාතියක් හැටියට එළඹෙන අභියෝගයන්ට මුහුණ දීමටත් ජාතියක් හැටියට නැගී සිටීමටත් ඉන් පිටුබලයක් ලැබෙන බැවිනි. ජාතික ගීය යනු එම අභිමානය සංකේතවත් කරන එක් අපූරු මෙවලමකි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා කිරීම යහපත් නොමැතිවාක් මෙන්ම ජාතික ගීය ද උදේ හවස ගායනා කිරීම ඒ අභිමානය ඔප් […]
November 18, 2008
රජයේ ආයතනවල බුදුපිළිම ඉදිකිරීම දැන් තරගයට මෙන් කෙරෙමින් තිබේ. ඒවායේ ප්‍රදර්ශනයට තබා ඇති බුදුපිළිමවලින් මේ ආයතනවල කළකමනාකරුවන් අපට කියන්නට හදන්නේ කුමක් ද? ඒවා බෞද්ධයින්ට පමණක් විවෘත බව ද? තමන් බෞද්ධ බව ද? මේ රට පිළිබඳව බෞද්ධයින්ට වැඩිපුර අයිතියක් ඇති බව ද? බෞද්ධ දර්ශනය අනිත් දර්ශනයන්ට වඩා ශ්‍රේෂ්ඨ බව ද? බුදු හිමියන් තමන්ට දෙන්නා වූ සියලූ […]
November 18, 2008
වෙළෙන්දා කියන බඩුමිල මට ඇසුනේ නැත. ඒ වනවිටවත් පුනරින් ජයග්‍රහණය ගැන කඬේට බඩුගන්නට පැමිණි අය කියන කතා වලින් මගේ කණ් වැසී තිබුණි. පැය භාගයක් පමණ පාර වසාගෙන අප සීරුවෙන් සිටවා අවසානයේ වේගයෙන් ඇදීගිය රිය පෙළහරේ ශබ්දය මට ඇසුනේ නැත. මාන්කුලම් ජයග්‍රහණය ගැන අභිමානයෙන් කථා කළ දේශපාලනඥයකුගේ හඩින් එය මැකී ගියේ ය. බිම් බෝම්බයකට අසුවී දෙපා […]
November 21, 2008
2