මම ද එල්ටීටීයෙන් බැට කන දකුණේ වැසියෙක්මි. එල්ටීටී ත්‍රස්තවාදය අවසන් වනු දැකීමට මම සියයට දෙසියයක් කැමැත්තෙමි.
ඔලූව රුදාවෙන් පෙළෙන කෙනෙකුට එයින් මිදීමට පැනඩෝල් ගත හැකි ය. එහෙත් ඔලූව රුදාවට ඇති හේතුව නොවිසඳුන හොත් එයින් ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණකි.
මට අවශ්‍ය තාවකාලික සහනයක් නොවේ. මුලූමනින් මෙයින් මිදීමට ය.
එහෙත් තවමත් එයට කාලය පැමිණ නැති බව මම දනිමි. වෛද්‍යවරු තවමත් පැනඩෝල්ම නිර්දේශ කරමින් සිටිති.
මෙවැනි බ්ලෝග් සටහනකට රණ බෙර නගන යුගයක කළ හැක්කේ රණබෙර හඩින්ම පහසුවෙන් යටපත් කළ හැකි හීන් කෙඳිරියක් නැගීම පමණකි. සිදුවෙමින් තිබෙන්නේ එයයි.
එහෙත් අනාගතයේ යම් දිනයක රණ බෙර හඩ වියැකී ගිය පසු (ගොඩ වෙදවරු සතු විකල්ප අවසන් වූ කල්* මීට වටිනාකමක් ලැබෙනු ඇත. පැනඩෝල්වලින් හොඳ නොවන ඔලූවේ රුදාවක් බව අවබෝධ වූ විට රෝග නිධානය හොයන්නන්ට රෝගීන් පෙළඹෙනු ඇත. එවන් කාලයක මේ අදහස්වලට ද ඉල්ලූමක් ඇති වනු ඇත.
රොගියා එතෙක් සුවයෙන් ජීවත්වනු ඇතැයි ද රෝගය අසාධ්‍ය නොවනු ඇතැයි ද මම ප්‍රාර්ථනා කරමි.
Sarath Gunatunga
November 24, 2008
ඉරුවෙ රුදාවේ ඇති රෝග ලක්ෂන මොනවාද? එයින් එක්තරා ක්රමයක ඉසේ ඇම්මක් ඇති බවක් පෙනේ. කරුණාකර තව විස්තර ලියන්න.. හැදෙන වේලාව, ඔලුවේ කොයි ප්‍රදේශයටද දැනෙන්නෙ, කොයි වගේ කැක්කුමක්ද? මොනවා කලොත් අඩු වැඩිවෙයිද? යනාදී දේවල්.
නිලන්ත
November 24, 2008
රණ බෙර ගසන්නේ, ඔබත් විනාස වෙනවා දකින්න කැමති ත්‍රස්තවාදය නසන්නටයි. නමුත් පැණය නම් ඒ රණ බෙර හඩට ඔබට ඉරුවා රුදාව හැදෙනවා නොවැ. ඉදින් මොකදෑ කරන්නේ?
අමල් ඉෂාන්ත
November 27, 2008
තව ටිකක් හයියෙන් කහින්න ඔය ගතිය අඩු වෙලා යාවී.