කලින් ලෝකයට ආවේ කිකිළිය ද බිත්තරය ද?

Posted on November 20, 2008



මේ ප‍්‍රශ්නය මගේ ඔලූවට වද දෙන්නට පටන් ගත්තේ අපගේ පාඨකයෙකු විසින් දක්වන්නට යෙදුනු පහත සඳහන් හේතු පාඨය නිසාය.

මේ කාටවත්ම මතක් වෙන්නේ නැද්ද මේ යුද්ධය පෙර සාමය තිබූ කාලයේ රජය විසින් සාමයට අත දිගුකර තිබු කාලයේ මේ ත්රස්තවාදීන් විසින් කරන ලද ක්රියාවන්.

අප මේ උත්තර දෙන්නේ ඒ සමයේ එල් ටී ටී ය කළ ක‍්‍රියාවලට ය. ඒ සමයේ එල් ටී ටී ය උත්තර දුන්නේ අප ඊට කලින් කළ ක‍්‍රියාවලට ය. අප එසේ උත්තර දුන්නේ එල් ටී ටී ය ඊට ඊටත් කලින් කළ ක‍්‍රියාවලට ය. මේ විමර්ශනය අවසානයේ ඉතිරිවන්නේ කුමක් ද? අප මෙසේ වී ඇත්තේ අනෙකා නිසාය. ඒ නිසා ඌට ඉවර වෙනතුරු බැට දිය යුතු ය. අප විතරක් එසේ කල්පනා කරනවා නම් ප‍්‍රශ්නය සරල ය. එහෙත් ප‍්‍රශ්නය අප මෙන් අනෙකා ද එසේ ම කල්පනා කරන නිසා ය. ඔවුන් කල්පනා කරන්නේ ද අප මෙසේ වී ඇත්තේ අනෙකා නිසා බව ය. වගකිවයුත්තේ කවුදැයි ඉතිහාසයට ගොස් සොයන විට හමුවන්නේ කිකිළිය ද බිත්තරය ද මුලින් පැමිණියේ දැයි තවමත් සොයමින් සිටින පුද්ගලයා පමණකි. වග උත්තරකරු කවුරුද යන ප‍්‍රශ්නයට උත්තර සොයා ගත හැකි නම් යහපත් ය. එහෙත් ගැටඵව නම් ඒ වන විට දෙපාර්ශවයම හති වැටී සිටිය හැකි වීම යි. හරියට නයි මුගටි සටන වගේ ය. නයි මුගටි සටන කෙළවර ඉතිරිවන නයෙකුත් මුගටියකුත් නැතිවීම මෙහි ප‍්‍රථිඵලයයි.

අප මෙසේ එකිනෙකාට කෙළවන අතරේ ලෝකය අප පසු කර බොහෝ දුර ගොස් තිබෙන්නට පුඵවන. එය බොහෝ දෙනෙකු නොදකින අතුරු ප‍්‍රශ්නය යි.

Posted in: Uncategorized