පහත දැක්වෙන්නේ නිලන්තගේ දින සටහන් නම් වෙබ් අඩවියේ තිබූ බ්ලොග් සටහනින් උපුටා ගැණුනකි. නිලන්ත කියන්න යන දේ සංයමයකින් යුතුව විමසිය යුතු කාරණයකි.
මට අසාධාරණයක් වූයේ යැයි කියා හෝ වේවි කියා හෝ කඩුවක්, තුවක්කුවක් ගෙන සැවොම මරමි‘යි කියා යකා නැටිය හැකිද? හෙට දිනේ අවිය තොපේ හිසට එල්ල කොට මෙය කරවැයි හොරෙකු හෝ තක්කඩියෙකු අණ දුන් කල තොප මේ හොරා මෙසේ කියන්නේ ඔහු ගේ දුප්පත් කම නිසා හෝ ඔහුට අසාධාරණයක් වූ හෙයිනැයි සිතා එසේ කරමීයි කියන්නේ ද නැතහොත් වෙනත් අයෙකුට මෙම අවි තුඩඟ එල්ල කිරීමට පළමු ඊට එරෙහි වන්නේද?
පුද්ගලයෙක් අවියක් එල්ල කොට මෙසේ නොකළොත් මරා දමමැයි කියයි නම් එතැන ඇත්තේ පුද්ගල ත්රස්තවාදයයි. ඊට උත්තරය ඔහු මෙල්ල කිරීම ය. එහෙත් දේශපාලන සංවිධානයක් එසේ කරන විට එහි සියුම් වෙනසක් තිබේ. එම දේශපාලන ඉලක්කය අනුයන අය විසින් එකකුගෙන් උදුරා ගන්න ධජය නැවත ඔසවනු ලැබීමේ හැකියාවය. ඒ නිසා අප පළමුව පුද්ගල ත්‍රස්තවාදය හා දේශපාලන ත්‍රස්තවාදය අතර වෙනස අප හඳුනාගත යුතු ය. මගෙන් ගිලිහෙන අවිය ගන්නට තව බොහෝ දෙනා සිටිනා බවට දේශපාලන ත්රස්තවාදීන් විසින් පාරම්බානු ලබන්නේ එබැවිනි.
දෙවනුව දේශපාලන ත්රස්තවාදයේ ද ප්‍රභේද තිබේ. එකක් දේශපාලන මතවාදයක් සිය අභිප්‍රාය ලෙස යොදාගනී. දෙවන වර්ගය යම් ජාතියක අභිප්රායක් තම අභිප්‍රාය ලෙස යොදා ගනී.
පළමු වර්ගයේ මතවාදය එවකට පවතින සමාජ දේශපාලන වටපිටාව තුළ ඉදිරිගාමී නම් පමණක් එකෙකුගෙන් ගිලිහෙන ධජය ගැනීමට තවත් අය ඉදිරිපත් වේ. එය පසුගාමී නම් එම සමාජ දේශපාලන වතාවරණය හේතුකොට ගෙන සමාජයෙන් පිටමං කෙරුණු අය අතරින් ඉදිරිගාමී කොටස පමණක් එසේ ඉදිරිපත් වෙති. දෙවැනි වර්ගයේ දේශපාලන ව්‍යාපාර එම ජාතියේ දේශපාලන අභිප්රායයන් වෙනුවෙන් නිවැරදිව හා දක්ෂව පෙනී සිටින්නේ නම් ඔවුනට වැටෙන අවි නැවත ඔසවා අමෝරා ගන්නට පිරිසක් සොයා ගැනීමට හැකි වෙයි.
දේශපාලන ත්‍රස්තවාදය ආයුධවලින් පමණක් පැරදිය නොහැක්කේ එබැවිනි.
නිලන්තට හෝ මට වුවමනාව තිබූ පමණින් හා ඒ පිළිබඳව අප පරිත්‍යාගයන් කිරීමට සූදානම් වූ පමණින් දේශපාලන ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි වන්නේ ඒ නිසා ය.
අමල් ඉෂාන්ත
November 20, 2008
කොහෙද දැන්දෙශපාලන ත්රස්තවාදයක් තියෙන්නේ. ප්රභාකරන් හා ඔහුට සහය දක්වන කිහිප දෙනෙකුගේ ත්රස්තවාදයක් මිස. මේ සාකච්චාව ආරම්භයේ සිට අප නගන ප්‍රශ්නයක් ඇත.
මේ යුද්ධය නවත්තලා කරන්න පුළුවන් දේ මොකද්ද?
දෙමළ ජනතාවට පමණක් තිබෙන පැහැදිලි ප්රශ්නය කුමක්ද?
විසඳුම මොකද්ද?
Shan, beyond frame ඔබ විසින් සැම විටම මගහරින ප්රශනයද එයයි. කවුදෝ නිර්නාමිකයෙක් කියන ලද කුණු හරපයකට හෝ දමන ලද comment එකක් වෙනුවෙන් post දමන ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු මග හරින්නේ ඇයි. වෙනත් කරුණු නොකියා මෙම ප්‍රශ්නයට කවුරුන් හො පිළිගත හැකි පිළිතුරක් දෙන්නේ නම් අගනා වේ….
Sam
November 20, 2008
අනුන්ගේ බ්ලොග් වලට හොට දාන එක මගේ පුරුද්ද නේ. ඕක මට නවත්තන්න බැරි ජම්මෙට වඩා පුරුද්ද ලොකුයී කියාල තියන නිසා නොවැ.
මම නම් හිතන්න, දෙමල ජනතාවට පමනක් දැන් තියෙන එකම සාදාරන පුරස්නය එල්ටීටිය බවයී. වංගියක් උඩිදිනම ඒ උන්දෙලාට වෙන වෙන පුරස්න තිබුන බව ඇත්ත, ඔය වංගියෙන් වංගියග ගෙවල් ගිනිතියන, පොලුවලින් ගහලා මරලා දාන වගේ සුලු සුලු දේවල්.. අපි දැන් ඒ පුරස්න ගොඩක හදා ගෙන තියෙන්නේ. අනිත් තියන සියලුම පුරස්න, ඔය කාරනයක් ගැන කතා කොරනකොට පුද්ගල නොක්කලයක් දාන්නෙ නැතිව ඉන්න බැරිකම. රෑ එලි වෙනකම් ලවුස්පීකර ගස් බදින කෙරුවාව වගේ දේවල හැමෝටම පොදුයී.