තව අවුරුදු සියයකට පස්සෙ….

Posted on November 20, 2008



දේශ සීමා අහෝසි වී ගොස් පොදුවේ සැවොම කතා කරන භාෂාව බවට ඉංග‍්‍රීසිය පත් වී පෘතුවියෙන් එපිට ග‍්‍රහලෝකයන් හා වෙනත් ග‍්‍රහමණ්ඩල ජය ගන්නා ආකාරය ගැන පෘතුවි වැසියන් එකම බසකින් කතා කරනු අසන්නට පුලූවන.

නැතිනම් එකිනෙකා කා කොටා ගෙන මේ පෘතුවිය සුන්ද්¥ලි වී ජීවයෙන් තොරව තිබෙන්නට ද පුලූවන.

ඒ දිසා දෙකකින් එකට ලොව තල්ලූ කිරීමේ බලය ඇත්තේ අද ජීවත්වන ඔබට හා මට ය.

බහුතරයක් දෙනා අනුගාමික භූමිකා රගන බැවින් නායකත්ව භූමිකා රග දැක්විය හැකි අය දරණ ස්ථාවරය අනුව මේ දෙදිසාවෙන් කුමක් ජය ගන්නේ දැයි තීරණය වනු ඇත.

ස්වාභාවධර්මයේ සිද්ධාන්තයන්ට අනුව දෙවැන්න දෙසට තල්ලූකරන අය වැඩිවුව ද අවසානයේ ප‍්‍රබල සටනකින් පසු මුල් කඳවුර ජයගනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. මානව වර්ගයාගේ ඉතිහාසය මෙතෙක් ගමන් කර ඇත්තේ අඳුරින් ආලෝකයට ය. බරපතල අර්බුදයක් ඇති නොවේ නම් එය ඉදිරියට ද එසේ වනු ඇත.

ඒ නිසා ඉංග‍්‍රීසි ටිකක් ඉගෙන ලෝක පුරවැසියෙක් ලෙස දැන් සිටම හිතන්නට ගත්තොත් මොකද?

Advertisements
Posted in: Uncategorized