”පල ප..යා යන්න” ඒ අප ලැබූ සංග්‍රහයයි. එය අපගේ ”මා අවදි කරන්නට හදන මේ පාහරයා කවුද?” යන බ්ලොග් ලිපිය සඳහා ලැබුනු ප්රතිචාරයයි. තිත් සහිතව මෙහි සඳහන් කළද මුලූ ප්‍රතිචාරය වචනයකුදු සංශෝධනය නොකොට පළ කිරීමට කටයුතු යොදා ඇත.
පළමුවෙන්ම එසේ පළ කළ දෙය දැන් තිත් දමා පළ කරන්නේ ඇයි ද යන්නට හේතු පැහැදිලි කළ යුතු ය. අප කුණුහරුපවලට විරුද්ධ නැත. අනවශ්‍ය ලෙස ශිෂ්ඨ වීමට වුවමනාවක් ද අප තුළ නැත. එහෙත් කුණුහරුපවලින් අපට මොනම හෝ ආශ්වාදයක් නොලැබෙන හෙයින් ද සමහරුන්ට එය ජුගුප්සාජනක විය හැකි හෙයින්ද එවැනි වදන් තෙපලීමේ හා පළකිරීමේදී කිසියම් සංයමක් ඇති කරගැනීමට අපි පෙළඹී ඇත්තෙමු. එහෙත් එවන් වදන් තෙපලීමට අනෙකාට ඇති අයිතියට ද අපි ගරු කරන්නෙමු.
දෙවනුව මේ ප්‍රතිචාරය ගැන ය. ඒ ප්‍රතිචාරය දැකීමෙන් මතුවන කරුණු කිහිපයක් ඇත. මුල්ම කාරණය මේ බ්ලොග් ලිපියෙන් අපගේ පාඨකයාට රිදී ඇති බව ය. සම්මතය ප්‍රශ්න කිරීම අරමුණු කරගත් බ්ලොග් අඩවියක සාර්ථකත්වය ඇත්තේද අනෙකාට රිදෙන ප්‍රමාණය අනුව වීම එක් අතකින් ශෝචනීය වුවද අනෙක් අතින් යථාවාදී ය. ඒ නිසා අපට සතුටක් ඇත. ඒ අනෙකාට රිදීම නිසා ඇතිවූ උද්දච්ඡු සතුටක් නම් නොවේ. අනෙකාට රිදීමට තරම් අපගේ ලිපිය ප්‍රබල වීම නිසා ඇතිවුනු නිහතමානී සතුටකි. මතුවන දෙවැනි කාරණය නම් අපගේ ඇතැම් පාඨකයින්ට සත්‍යයට මුහුණ දීමට තරම් ධෛර්යයක් නැතිවීම ය. එය දුකට හේතුවකි. මතුවන තෙවැනි කාරණය නම් යම් කෙනෙකු ගොඩ නගන ප්රවාදයකට බුද්ධිමත්ව විරෝධය පළ කිරීමට තරම් සමහර පාඨකයින්ට ශක්තියක් හැකියාවක් නොමැති වීම ය. එය අපගේ කළකිරීමට හේතුවකි. මක් නිසා ද යත් වත්මන ශී්රලංකාවට වැඩියෙන්ම අවශ්‍යව ඇත්තේ එවන් සංවාදයන් බැවිනි.
අවසාන වශයෙන් කිවයුත්තේ මේ ප්‍රතිචාරය අප විසින් බාර නොගෙන නැවත ආපසු හරවා යැවෙන බව ය. අපට අවශ්‍ය අප වැරදි නම් වැරදි ඇයි දැයි පෙන්වා දෙන ප්‍රතිචාර ය. එහෙත් මේ බ්ලොග් අඩවිය තුළ ඕනෑම ප්‍රතිචාරයකට ඉඩක් ඇති බවට නැවත වතාවක් සහතික වෙමු.
සංවාදය වෙනුවෙන් පෙනී සිටිමු. අපගේ දේශය ගොඩ නැගිය හැක්කේ එවැන්නක් තුළින් පමණකි.
කසුන්
November 19, 2008
>සංවාදය වෙනුවෙන් පෙනී සිටිමු. අපගේ දේශය ගොඩ නැගිය හැක්කේ එවැන්නක්
>තුළින් පමණකි.
i agree with you.
malee_msg
November 19, 2008
සතුටුයි ඔබ ශ්‍රී ලංකාව ගැන හොද දැනුමකින් සිටී… වැඩිමතත් දෙයක් කීමට නොමැත..ඔබේ ගමන ඹබ ඔබේ පාඩුවේ යන්න…සංග්‍රහ අවශ්‍ය නොවනු ඇත..නමුත් නුඹට හති වැටෙන දින නුඹ පසු පසින් එන පිරිස නුඹේ විඩා නිවනු ඇත
Sarath Gunatunga
November 19, 2008
ඔබ තුමා සමග මමද සම්පූර්ණයෙන් එකඟ වෙමි. සභ්‍යත්වය අගය කොට සලකමි. සිංහල වූ අපට දායාද වූ සංස්කෘතියක් ඇත. එය රැක ගත යුතුය. අන්‍යයන්ගේ අදහස් වලට ගරු කල යුතුය.
Sam
November 19, 2008
ගුටි කෙලියකින් ඉවරවෙන්නේ නැතිව, දායක සබා සමිතිය ඉවරකොරන්න බැරි අපිට, ඕවා අමුතු දේවල් නෙවෙයී. කාරනයක් කීවොතින්, ඒකේ හොද නරක කියන්නේ නැතිව, එකෙ වැරදි මොකැයී කියන්නේ නැතිව, මෑනියන්ගේ රස්සාව ගැන නැත්තම්, දෙමාපියන්ගේ කසාදය ගැන හරි අනිත් පුද්ගලයාගේ ලිංගික කෙරුවාව ගැන කතා කිරීම අපේ අයගේ පුරුද්ද නොවැ. අම්මපා කියනවානම්, ඔය කෙරුවාවේ ගද උහුලාගෙන ඉන්න බැරුව මම සිංහල බ්ලොග් වලට හොට ඔබන එක සම්පූර්නෙම්ම නවත්තලා දැම්මා කාලෙකට ඉස්සෙල්ල, ඕහේගෙ බ්ලොග් පිටුව දකිනකම්. විවිද අදහස් අහන්න කියන්න දකින්න තියන අවස්තාව මසුරන්. ඒ අවතාව ලබාගන්න මිනුස්සු අවුරුදු දහස් ගානක් දග දැම්මා. ඒත් ඕන් කියන්නේ අන්දයාගේ කකුලෙ මැණිකක හැපුනත් අගයක් නැහැ කියලානේ.
හර්ෂණ
November 19, 2008
අප ජීවිතයේ බලාපොරොත්තු නොවූ දේ අපට ලැබෙනව. ඉත්න් හිත අමනාප කරගන්න එපා. දිගටම ලියන්න.
apelogic
November 19, 2008
“ඔබේ ගමන ඹබ ඔබේ පාඩුවේ යන්න…සංග්‍රහ අවශ්‍ය නොවනු ඇත..නමුත් නුඹට හති වැටෙන දින නුඹ පසු පසින් එන පිරිස නුඹේ විඩා නිවනු ඇත”
Bo
November 20, 2008
එක් එක් මානසික මට්ටම් වල සිටින පිරිස් අන්තර්ජාලය තුල සැරිසරනවා. එවිට ඔයාකාරයේ අත්දැකීම් ලැබෙන්න පුළුවන්, නමුත් වඩා වැදගත් නොසැලීමයි. බොහෝ අය අන්තර්ජාලය හරවත් වැදගත් දේ සඳහා යොදා ගන්නවා. ඒවා නුරුස්සන පිරිස් වැඩියි. ඒ අයට ඕනෑ මෙවැනි දේ තුලින් ලියන්නා කෝපගැන්වීමටයි. මම නම් හිතන්නේ මේවා ගණන් නොගෙන හිටියහම හරි. මේ ඔබේ බ්ලොග් එකයි, ඔබට අවශ්‍ය දෑ ඔනේ දෙයක් ලියන්න පුළුවන්, සාරවත් සංවාද හැරෙන්න අනෙක් සියල්ල නුදුටුවා සේ සිටින එක හොඳයි, නේද. හිතවත්, සොයුර/ සොයුරිය, දිගටම ලියන්න. මේ බ්ලොග් අඩවිය, හැකි සෑම විටම මම කියවනවා. ඔබට ජය ශ්‍රී