වෙළෙන්දා කියන බඩුමිල මට ඇසුනේ නැත. ඒ වනවිටවත් පුනරින් ජයග්‍රහණය ගැන කඬේට බඩුගන්නට පැමිණි අය කියන කතා වලින් මගේ කණ් වැසී තිබුණි.
පැය භාගයක් පමණ පාර වසාගෙන අප සීරුවෙන් සිටවා අවසානයේ වේගයෙන් ඇදීගිය රිය පෙළහරේ ශබ්දය මට ඇසුනේ නැත. මාන්කුලම් ජයග්‍රහණය ගැන අභිමානයෙන් කථා කළ දේශපාලනඥයකුගේ හඩින් එය මැකී ගියේ ය.
බිම් බෝම්බයකට අසුවී දෙපා සුනු විසුනුව ගොස් ආරෝග්‍යශාලාවේ වැතිර සිටි මගේ ඥාති සොහොයුරාගේ වේදනාත්මක කෙඳිරිය මට ඇසුනේ නැත. කිලිනොච්චිය යටත් කරගැනීම සිහිනයක් පමණක් බව කියන ප්රභාගේ වීරෝන්මාදයෙන් එය යටපත් වී ගියේය.
මරණයේ කටින් දිවි ගලවා ගෙන පැමිණි එහෙත් සිරුර පුරා ඇති තැලූම් තුවාලවල වේදනාවෙන් කෑගසන මාධ්‍ය වේදියාගේ හඩ මට ඇසුනේ නැත. රූපවාහිනිය දෙදරවමින් කොටි හිතේෂීන්ට බැන වැදුනු නිවේදකයාගේ කට හඩින් එය යටපත් විය.
අහසින් දමන බෝම්බවලට බියේ තැති ගෙන පලා යන මරණ බයෙන් කෑ ගසන මිනිසුන් ගැහැණුන් හා දරුවන්ගේ හඩ මට ඇසුනේ නැත. දේදුනු වර්ණ මවමින් අහසට පියාඹන මල්ටි බැරල් රොකට් හඩින් හා කාලතුවක්කු හඩින් මගේ දෙසවන පිරීතිබුනේය.
මට තවත් බොහෝ දේ ඇසුනේ නැත. ඒ වනවිටත් මම අභිමානයෙන් මත්ව සිටියෙමි. මම සිටියේ සිහිනයක ය. ඒ සිහිනයෙන් මා අවදිකරන්නට හදන මේ පාහරයා කවුද?
pakaya
November 18, 2008
පල පකයා යන්න
beyondframe
November 18, 2008
ඉහත දැක්වූ පිළිතුර මට සිහිපත් කළේ කැලේ සිටින වඳුරන්ගේ හැසිරීම ය. එයින් මා අදහස් කළේ වඳුරන් කුණුහරුප කියන බවක් නොවේ. උන්ගේ වැයික්කියට සිංහයෙක් පැමිණි කල ඌට වෙන විදියක විරෝධයක් නොදැක්විය හැකි නිසා වඳුරන් කරන්නේ හඩ තලමින් කෑ ගෑම ය. මේ පිළිතුර ද එවැනිය. මෙවැනි පිළිතුරු ලැබ ඇත්තේ මා පමණක් නොවේ. මේ රටේ බොහෝ දෙනෙකු සත්‍ය දක්වා සිටි විට කරන පොදු දෙයකි, ඒ. සංවාදයේ අසමත් අයට කළ හැක්කේ ගැරහීම පමණකි. අප රටක් හැටියට මේ වැටී ඇති ඉරණමට වගකිව යුත්තේ ද මේ ශෝචනීය තත්වයයි.
නිදහස් අදහස්
November 18, 2008
අවාසනාවකට වගේ ලංකාවෙදි යතාර්ථය තියෙන්නෙ ගව් ගානක් දුරින්. බලාගෙනයි ඔබටත් ලේබල් අලවන්න ඉඩ තියෙනවා.
සු
November 18, 2008
ඒ “පාහරයා” යැයි කියු එකාට මල් මිටක් !
අපිට වෙලා තියෙන්නේ ඕක තමයි.
පැත්තක අත පය නැති කොල්ලෝ ටිකක් ඇඳන් උඩ අසරණ වෙලා ඉන්න කොට පැත්තක රතිඤ්ඤා පත්තු කරනවා…
බස්වල සීට් ගලවලා බිම දාලා අත පය නැති වුන් කොළඹ ගේන කොට පාර්ලිමේන්තුවට එක දවසක කන්න විතරක් මාලු ගේන්න වෙනම ලොරි එනවා..ඒ පාරෙන්ම…
ලොක්කාගෙ සේවා කාලය දික්වෙනවා-පොඩ්ඩන්ගේ ජීවිත කාලය කෙටි වෙනවා..
මොරාල් ඉතිරිවෙලා බලන කොට අත පය නැති වෙලා..
දේවාලවලට ගිහින් ඉල්ලන්න ඕනා හැමෝටම අත් සහ කකුල් ලබා දෙන්න ආරක්ෂා කරලා දෙන්න කියලා ..
මට තේරෙන්නේ නෑ මොනවා කියන්නද කියලා.
Homo Erectus
November 18, 2008
වෙන මොනවා කරන්නද, නොබෙදී ඉඳපල්ලා.
බෙදෙනකම් ඔය හැම ප්‍රශ්ණයක්ම උරුමයි.
පුළුවන් කරම් බෙදීම් අඩුකරගන්ල්ලා.
චතුරංග රූපසිංහ
November 18, 2008
අපිට නැති වෙලා හිටියේ මේ වගේ එකෙක් විතරයි අන්තිමට එහෙම එකකුත් ආවා
gayankt
November 18, 2008
අන්‍යන්ගේ මත වාද ඉවසීමට නොහැකි පිරිසක් අන්නර්ජාලයේත් සැරි සරන හැඩයි. අන්‍යන්ගේ මත සමග පරස්පරයන් ඇති විටෙදී බුද්ධිමත් සංවාධයක් තුලින් එයට පිළිතුරු නොදී වෙස් මුණ බැඳගෙන අසභ්‍ය වචන දෙඩවීමෙන් සිදු වන්නේ එම පුද්ගලයාගේ නිරුවත හෙළි වීමයි.
කසුන්
November 19, 2008
ඔය කියන යථාර්තය වටහාගන්න එක සරල වුනත් ඇග රිදෙන වැඩක්. වටේ පිටේ හැමෝම මේ ප්‍රමෝදයෙන් ඉහලම තලයේ බන්න වෙලාවේ ඊට යම්තරමකින් විවේචනාත්මක මතවාදයක් එනවා කියන්නේ එතන අනිවාර්්‍යය ගැටුමක්. මේ නිසා බොහෝ අය නිහඩවෙනවා තමන්ගේ හෘද සාක්ෂිය අමතක කර දාලා. බොහෝ ‘ප්රගතිශීලීන්’ කියන අය ඇන ගන්නේත් ඔන්න ඔතනදි තමා.
Ajith
November 19, 2008
ගණන් ගන්න එපා. ඕවා අපි කාටත් එන ප්‍රතිචාර. හැබැයි මේ ගොල්ල ඕවා නමින් කියන්න බයයි.
ඔබේ සටහන නිතර කියවමි. ඊට සුභ පැතුම්. දිගටම ලියන්න.
අජිත්
ආගන්තුකයා...
November 19, 2008
ඇත්ත තිත්තයි… මනොවිකාරයෙන් මෙන් අපි ඔක්කම යුද්ධයෙන් ඔද වැඩී අපේ දෑස් අඳුරෙන් වැහිලා… රණවිරුවන්ට සීන්දු ගහන අපි.. රණ විරුවන්ට මල් මාලා තියන අපි… කී දෙනෙක් ඔවුනට සහයෝගයට යුධ පෙරමුනට යයිද… සියලු දෙනා අවදි වී යුතුව ඇත… ස්තුතිය… ජය…
බැරිද… මේ කුනුහරුපය අයින් කරන්න…
අමල් ඉෂාන්ත
November 19, 2008
මේ කාටවත්ම මතක් වෙන්නේ නැද්ද මේ යුද්ධය ට පෙර සාමය තිබූ කාලයේ රජය විසින් සාමයට අත දිගුකර තිබු කාලයේ මේ ත්රස්තවාදීන් විසින් කරන ලද ක්‍රියාවන්.
නිදහස් අදහස්
November 20, 2008
ලඅකාවේ පීඩිත පන්තිය මත අටවන ලද මර උගුලක් තමයි මේ යුද්ධය. අපේ ඇමතිවරුන්ගේ දූ දරුවන් සහ ප්රභාකරන්ගේ දූ පුතුන් යුද්ධයට නොයන බව මේ යථාර්තය වටහා ගැනීමට ඇති හොදම උදාහරණයකි. නමුත් යුගයෙ දේශප්‍රේමිත්වය උදෙසා අපේ පරම්පරාවේ ලෙයින් මේ භූමිය සෝදා හැරිය යුතුව තිබේ.