දේශීයත්වයට යන ගමන සඳහා

Posted on November 16, 2008



 

දේශීයත්වයට පා නගන අයවැය වැඩි ඡන්දයෙන් ද සම්මත වූ පසු හිතට ඇති වූ ගැම්මෙන් මෙය ලියන්නට හැකි විය පාන් පිටි වෙනුවට අපට හෙට සිට කුරක්කන් වළඳින්නට වුව තීරණයක් ගත හැකි ය මෙතෙක් කලක් ලයිට් දමා සිටි අයට පොල්තෙල් ලාම්පුවක් ඒ වෙනුවට පත්තු කළ හැකි ය දිය රහ ඇපල් කනු වෙනුවට ලාඛෙට තියෙන රසවත් අඹ ගෙඩියක් සප්පායම් විය හැකි ය බස්තියන් පයින් යෑමෙන් පැරණි අපේ මුතුන් මිත්තන් සිහි කරගත හැකි ය පයින් ගමන අමාරු නම් එකල මෙන් තිරික්කලයක් බැඳ ගත හැකි ය ගමන් වෙහෙස නිවා ගැනීමට ගැල් කවියක් ගයමින් කරත්තේ ගමන් කළ හැකි ය එවිට විදෙAශවලින් ගොඩ බට රූපවාහිනී ගුවන් විදුලි යන්ත්‍ර වලට පිටුපා ජීවත් විය හැකිය කුඹුක් ගහක් අද්දර සිසිල් දිය කඳකින් ඇග නිවා දෝවනය කරගෙන දිවිගෙවීමට සිතට ගන්නේ නම් ටයිල් ඇල්ලූ නාන කාමරවලට මින්පසු ආයුබෝවන් කිය හැකිය වී පෑලක් දෙකක් වවා ගෙන පිදුරු සෙවිලි කළ පැල්පතක අමා සුවය පෙර මෙන් අපට විඳිය හැකි යග ඇත්තටම වේල් තුනක් කා ජීවත් වූ අපේ මුතුන් මිත්තන් කාසිපනම් සොයා ගියේ නැත අප වටා ඇති විදෙAශීය සියල්ලම පාහේ එජාපය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ දායාදය ඒවා අපට සපයන ලද්දේ අප වැනසීමට ය දැන් එවැනි පරිහානියක් ගැන බියෙන් තොරව අපට අනාගතය දෙස බැලිය හැකිය අපට මින්පසු අපේකම තුරුලූ කරගෙන අභිමානයෙන් ජිවත් විය හැකි ය එවන් දේශීය අයවැයක් ඉදිරිපත් කළ මහින්ද චින්තනය තවත් කාලයක් දිනේවා මේ ආණ්ඩුව පහළ වන්නට තිබුනේ නිදහස ලැබූ අලූතයග පමා වී හෝ පහළ වීම අපේ වාසනාවකි පමා වී හෝ එවන් ආණ්ඩුවක් ලබා දීම  ගැන අපේ රට රකින සතරවරම් දෙවි හාමුදුරුවන්ට පින් දිය යුතු ය විදේශීය පිට දේශක්කාර දේ ගණන් ගියාට මින්පසු අප සැලෙන්නේ නැත අපට අපේම පිහිටයි

 

 

 

Advertisements
Posted in: Uncategorized