කන්න නැතත් හත් ඉලව්වේ අභිමානයක් කියල දෙයක්……

Posted on November 16, 2008



 

  

කන්න නැතත් හත් ඉලව්වේ අභිමානයක් කියල දෙයක් තියෙන්න  ඕනෑ නේදමේ කථාව දඹර අමිල හිමියන් විසින් කියන ලදැයි පුවත් පතක දුටුවෙමි

 එය මගේ මතකයට ගෙනාවේ මා කුඩා කල අසා ඇති ජන කතාවකි එක් කුල ගෙයක කුල කුමරියක් අවාහයට දෙන්නට කුල කුමරුවෙක් සොයා දෙමාපියෝ වෙහෙසුනහ කුලයෙන් වංශවත් වුවත් ධනයෙන් ආඪ් නොවීම නිසා හමුවූයේ වංශවත් පවුලක දුප්පත් තරුණයෙකි අවාහය සිදුවිය අවාහයෙන් කලක් ගෙවී ගිය කල දෙමාපියෝ සුව දුක් බැලීමට තම දුවණියන් වෙසෙන නිවෙසට පැමිණිය ඈත සිටම එන්නේ කවුදැයි දුටු දුවණිය ඉක්මණින් කුස්සියට ගොස් කබලක් ලිපේ තබා හැදි ගාන්නට වන්නීය කිසිවෙකුත් පිළිගන්නට නොපැමිණියෙන් ගෙයි පිළිකන්න හරහා ගොස් දෙදෙන කුස්සියට පිළිපන්හ ලිපේ කබලක් තබා හැඳි ගානු දුටු මව දුවේ ජයටම උයනව වගේ යැයි කියමින් කුස්සිය ඇතුළට ආවේලූ ඔව් ගේ හරියේ මුකුත් නෑ ඉතින් මං මේ වංශෙ කබල් ගානවා යයි උත්තර දුවණියගෙන් ලැබිණ

 කන්න හරි හමකට නැති නිසා බොහෝ දෙනෙකු මේ දවස්වල කරමින් තිබෙන්නේ අභිමානය ආහාරයට ගැනීම තව කොතෙක් කල් මෙසේ අභිමානයෙන් ජීවත් විය හැකි දැයි අතරේ කල්පනා කිරීම දඹර අමිල හිමියන් හෝ වෙනත් කිසිවෙකු ලඟ උත්තර ඇතොත් බඩට තව දුරටත් ඉවසන ලෙස කියා සිටිය හැකිය එතෙක් කබල් ගෑමට අභිමානය වඩ වඩාත් ඇති කර ගැනීමට දඹර අමිල හිමියන්ට සවන් දිය යුතු

Advertisements
Posted in: Uncategorized