වැයික්කියේ රජකම් කිරීම

Posted on November 6, 2008



 

 

එය කොළඹ ඉහල පෙළේ ආරෝග් ශාලාවකි.  ඇතුළුවීම සඳහාද පිටවීම සඳහාද විශාල ගාම්භීර ගේට්ටු දෙකක් ඊට ඇත.  පිටවීමේ ගේට්ටුව සදහටම වසා තිබේ.  ඇතුළු වීමේ ගේට්ටුව ඇරෙන්නේ වාහන වලට පමණකි.  තම හිතේෂියන් බලා කියා ගැනීම සඳහා පැමිණෙන අය වේලාව එනතුරු නොඉවසිල්ලෙන්  පිටත බලා සිටිති.

 

අවසානයේ වේලාව පැමිණියේය.  ගාම්භීර ගේට්ටුව ඇරුනේ නැත.  ඊට එහායින් පුංචි කුරුබිලියක් තිබිණි.  එය ඇරුන විට එයින් ඇතුළට පැන ගන්නට විශාල කලබලයකි.  මේ තෙරපිල්ල දිහා මහත් උජාරුවෙන්ද රීතියෙන්ද බලා සිටින මුර පල්ලෙකි.

 

මම ඔහුට ළංව, විශාල ගේට්ටුව අරින්නේ නැත්තේ මන්දැයි විමසුවෙමි.  ඔහු හිසේ සිට පාදාන්තය දක්වා මා දෙස භෙලූ බැල්මන් මම පසුබා ගියෙමි.  තමුසේ කවුද මගෙන් එභෙම අහන්න.  කටින් පිටවුනේ නැති වුවද බැල්මේ ඇත්තේ රශ්නයයි.

 

ඔහු මට උත්තර දුන්නේ නැත.

 

ඔහුගේ හැසිරීමන් මට පෙනුනේ fමතැන ඔහුට වඩා ලොක්කෙක් සිටීම ඔහු අනුමත නොකරන බවයි.

 

මිනිසුන්ට අවස්ථාව ලැබුන විටක තමන් සතු බලය පෙන්වීමනැතිනම් රැස්පොට්පෙන්වීම මේ රටේ ලොක්කන්ගේ පමණක් නොව සොක්කන්ගේද පුරුද්දකි.

 

රජයේ කාර්යාලවල පමණක් නොව සිය පාරිභෝගිකයින් රජුන් හැටියට සලකන සමහර පුද්ගලික ආයතන වලද මේ රැස්පොට් පෙන්වීම අඩුවක් නැතිව සිද්ධ වේ.

 

මහජනයා ඉදිරියේ ලොක්කෙකු හැටියට සිය අධිකාරිය පෙන්වීමට තම සුළු සේවකයින් හට සුළුවෙන් කථා කරන මුලාදෑනීන් මම දැක ඇත්තෙමි.  පහසුවෙන් කර ගත හැකි වැඩක් අමාරු දෙයක් බවට පත්කොට මිනිසුන් ඉන් විදින පීඩනය දෙස බලා සතුටක් ලබන නිලධාරීන් මම දැක ඇත්තෙමි.

 

මේ පර පීඩක චින්තනය අපේ කොටසක් වූයේ කවදා සිටදැයි මම නොදනිමි.  එභෙත් එය අද වනවිට අපේ ලේ නහර වල දුවන මානසිකත්වයක් දක්වා වර්ධනය වී ඇති සැටියක් නම් පෙනෙන්නට තිබේ.

 

බල්ලන් උන්ගේ වැයික්කියට තව බල්ලෙක් ඇතුළු වනවාට කැමති නැත.  විශේෂයෙන් තම වැයික්කිය තුළ වෙන බල්ලෙකුගෙන් අභියෝගයක් එනවාට  විශේෂයෙන් කැමති නැත.  මුතරා කරමින් උගේ වැයික්කිය සළකුණු කර දක්වයි. 

 

සමහර නගර අයිති නගරං කාරයින්ටය.  නගරය ඇතුළත කිසිම දෙයක් නගරං කාරයාගේ අනුමැතිය නැතිව සිදු කළ නොහැකිය.  සමහර දේශපාලනඥයෝ පළාත් පිටින් බදු අරගෙන සිටිති.  පළාත් තුළ කාක්කෙකුටත් අවසරය නොමැතිව උඩින් පියාසර කළ නොහැකිය.  එසේ කළොත් සිදුවන්නේ  රචන්ඩ රියා තවත් එකකින් ඉහළ යාමය.  ඉතින් ස්පිරිතාල මුරපල්ලෙකු සිය වැයික්කියේ රජකම් කළාට අමනාපෙන් කිපෙන්නට හේතුවක් අපට තිබිය නොහැකිය.

 

එල්ටීටීයේ කරුණා කිපුනේ තමන්ගේ වැයික්කියේ තමන් නොදැන එල්ටීටීය විසින් සිදුකළ දේශපාලන ඝාතනයක් නිසාය. රභාකරන් කරුණා එලවා දමන්නේ තමන්ගේ වැයික්කියේ ඉඳගෙනම තමන්ට පිප්පීම සම්බන්ධයෙනි.

 

පුංචි ආණ්ඩුව රජකල සමයේ සමහරු එලොව ගියේ පුංචි ආණ්ඩුවේ වැයික්කිය තුළ එපා කියද්දීත් ලයිට් දැම්මේ නැත්නම් ටීවී බැලීමේ අපරාධයටය.

 

මේ නයින් ගත් කළ මේ නියාමය උතුරෙන් දකුණෙත් වෙනසක් නැතිව රියාත්මක වෙයි.  සම්පරදායිකද රැඩිකලද කියන එසේත් නැත්නම් රගතිශ්රීලීද රතිගාමීද යන වෙනසින්ද තොරව එය රියාත්මක වෙයි.

 

වැයික්කියේ රජා කල්පනා කරන්නේ වැයික්කිය තුළ අනෙකුත් අය සිටින්නේ තමන්ගේ  අනුකම්පාව නිසා බවය.  නිසා ඔවුනට වැයික්කිය තුළ රැදිය හැක්කේ අනුකම්පාව ලැබෙනතෙක් පමණකි.  සඳහා වැයික්කියේ රජාට අවනත භාවය පක්ෂපාතිත්වය පළ කළ යුතුය.  පුංචි හෝ එහා fමහාවක් සිදු වුවහොත් සඳහා ඔවුන් දඬුවම් විදීමට ලක ලෑස්ති වී සිටිය යුතුය.

 

මේ රීතියට  අනුව සිංහල රටේ වෙනත් ජාතිකයින්ට සිටිය හැක්කේ ඔවුන් සිංහල ජාතියට හා ජාතිකයන්ට අවනත වන රමාණය මතය.  සිංහලයින් ගේ අනුකම්පාව මතය.  බෞද්ධ රටේ අන්යාගමිකයින්ට සිටිය හැක්කේද සීමාව තුළ පමණය.  එජාප රජයක් තියෙන විටක අන් පාක්ෂිකයින්ටද පොදු පෙරමුණු රජයක් තියෙන විටක සෙසු පාක්ෂිකයින්ටද  ආනිසංසයම අයත් වෙයි.

 

සිංහල හා මුස්ලිම් ජනතාවට උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ නිජභූමි තුළ සිටිය හැක්කේද දෙමල නායකත්වයේ කරුණාවේ තරමටය.  රයිවෙට් බස් රථය තුල මගියට සිිටිය හැක්කේ කොන්දොස්තරගේ  කැමැත්තේ තරමටය.  බිරිඳට ගෙදර සිටිය හැක්කේ සැමියාගේ කරුණාවේ තරමටය.  ඔහුට අවනත වන තරමටය.   දරුවන්ට ගෙය ගෙදරක් වන්නේ පියාට පක්ෂපාතී වන තරමටය.  ශිෂ්යයාට පාසැල ඇරෙන්නේ ඔහු ගුරුවරුන්ට දක්වන ගරුසරුවේ තරමටය.

 

මේ කිසි තැනක පීඩනයට පත්ව සිටින තැනැත්තාට ගැන කථා කිරීමට හඬක් නැගීමට පමණක් නොව කෙඳිරියක් නැගීමටද අයිතියක් නැත.  එසේ කිරීම සිය අවසානය ළඟා කර ගැනීමකි.  සිය පැවැත්ම අහෝසි කර ගැනීමකි.  දිවිනසා ගැනීමකි.

 

නිසාම කට පියාගෙන අවනත වීම කීකරු කම හැටියට උත්කෘෂ්ඨත්වයට පත් කර තිබේ.  රශ්න නොකර දරා ගැනීම විනය ලෙස ඔටුනු පළඳවා තිබේ.

 

fමවන් සමාජයකට අවශ් මූලික ගුණාංග දෙක වන්නේ මේ ඊනියා කීකරුකම නොහොත් පක්ෂපාතකම හා විනය ලෙස අර්ථ ගන්වා ඇති වහල් භාවයයි.  භය පක්ෂපාතකම හා වහල් භාවය යන රෝද සවිකරගත් බර කරත්තයකට යා හැක්කේ නොදියුණු අතීතයටම පමණකි.

 

Advertisements
Posted in: Uncategorized