ඔබාමා …… ඇමරිකානු ජනතාව සමග එක්ව ….ඔබ මේ සැබෑ කරමින් සිටින්නේ ඒ සිහිනය ද?

Posted on November 5, 2008



මගේ මිත‍්‍රවරුනි, දුෂ්කර හා අපේක්‍ෂා භංගත්වයයෙන් පිරුණු මේ වත්මන මැද වුවද මම ඔබට කියමි. මේ ජාතිය නුදුරු දිනකදි නැගිට තමන් ගේ උරුමක්කාරයින්ගේ වචන වල නියම අරුතින් ජීවත් වනු ඇතැයි යන සිහිනයක් මට තිබේ ඔවුන්ගේ ඒ වචන කෙසේද යත් : හැම මිනිසෙකුම සමානව නිර්මාණය කර ඇත. මේ අප පිළිගන්නා හා පෙනී සිටින සත්‍යයයි.

ජෝර්ජියාවේ රතු කඳු මුදුන් වල පැරණි වහලූන්ගේ දරුවන් හා පැරණි වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටා එකට වාඩි වී සිටින හීනයක් මට තිබේ.

දැනට පීඩනයේ හා අසාධාරණයේ ගිනියමින් රත්ව ඇති කාන්තාරයක් බඳු වු මිසිසිපි රාජ්‍යය නිදහසේ හා යුක්තියේ රාජ්‍යයක් බවට පරිවර්තනය වන හීනයක් මට තිබේ.

මගේ දරුවන් හතරදෙනා ඔවුන් ගේ සමේ පැහැයෙන් නොව ඔවුන් ගේ චරිතයේ හරයෙන් මණින දේශයක ජිවත් වනු මම හීනයෙන් දකිමි.

මම අද දකින හීනයක් තිබේ අල්බාමා දේශය, අද එහි ආණ්ඩුකාරයාගේ තොල් අතරින් ගලා යන බැහැර කිරිමේ හා අවලංගු කිරිෙමි වචන වලින් පිරි තිබුන ද කුඩා කළු කොල්ලන් හා කෙල්ලන් සුදු කොල්්ලන් හා කෙල්ලන් ගේ අතින් අල්ලාගෙන සහොදර සහොදරියන් සේ ඇවිදින” දේශයක් වන සිහිනයක් මට තිබේ.

මම අද සිහිනයක් දකිමි. හැම කන්දක්ම කපා පහත් කර නිම්නයන් පුරවා රළු ගැට්ට සමතලා කොට ඇද වුනු භූමිය කෙලින් කොට දෙවියන් ගේ කීර්තිය සියල්ලන්ටම දැක ගත හැකි ලෝකයක් බිහිවන සිහිනය මම දකිමි.

මේ අපේ බලාපොරොත්තුවය. මම නැවත දකුණට යන්නේ මේ විශ්වාසය ඇතුව ය. මේ විශ්වාසය සමඟ කටයුතු කිරිමෙන් අපට අපේක්ෂා භංගත්වය නැමැති කන්ද කපා බලාපොරොත්තුව නැමැති ගලක් සොයා ගත හැකිය. මේ විශ්වාසය නිසා අමිහිරි අක‍්‍රමවත් සිද්ධි වලින් ගහන වු අපේ දේශය සහොදරත්වයේ මිහිරි වාද්‍ය වෘන්දයකට පෙරළිය හැකිය. මේ විශ්වාසය ඇතිව අපට එකට වැඩ කිරීමට, එකට වැඳ යඥා කිරීමට, එකට සටන් කිරීමට, එකට හිරගෙට යාමට, එක් ව නිදහස වෙනුවෙන් නැගි සිටීමට, අපට නුදුරු දිනයකදී නිදහස ලබන බව දැන, ඒ සියල්ල කිරීමට, පුළුවන් වනු ඇත.

මාගේ දේශය, ඔබේ දේශය, විමුක්තියේ රස පිරුණු දේශය වෙනුවෙන් මම ගයමි. මාගේ පියවරු මිනිසුන් කළ දේශය, වන්දනාකරුවන් ගේ සාඩමිබරය වූ දේශය, හැම කන්දකින්ම නිදහසේ හක්‍ෂ ඇසේවා.
 
දෙවියන් ගේ සියලූ දරුවන් මෙවන් අරුතකින් එක්ව ගයන්නට එදින හැකිවෙනු ඇත්තේ ය.

ඇමරිකාවට ශේ‘ෂ්ඨ ජාතියක් වීමට නම් මේ හීනය සත්‍යය විය යුත්තේය. ඒ නිසාම නිව් හෙමිස්ෆියර් ප‍්‍රාන්තයේ කඳු මුදුන් වලින් මේ නිදහසේ කාහල නාදය නැෙඟ්වා. නිව්යෝක් නගරයේ කඳු මුන් වලින් එයම ප‍්‍රතිරාව නැගේවා. පෙන්සිල්වේනියාවේ කඳු ශිඛර ද ඊට එක් වේවා.

හිමෙන් වැසුණු කොලරාඩෝවෙන් ද වක‍්‍රව හැඩ ගැසුණු ශිඛරයන්ගෙන් යුත් කැලිෆෝනියාවෙන් ද එපමණක් නොව ගල් ශිඛර සහිත ජොර්ජියාවෙන් ද ඒ නාදය ඇසේවා. ටෙනෙසිනි සිට නැරඹිය හැකි කඳු මුදුන් වලින් ද, මිසිසිපියේ පුංචි කඳු ගැට වලින් ද හැම උස් හා මිටි කන්ඳකින් ම ද මේ නිදහසේ කාහල නාදය ඇසේවා.
 
නිදහසේ නාදයට මෙසේ ඉඩ දෙන විට, එය හැම ගමකින් ම, හැම නගරයකින් ම,  හැම ප‍්‍රදේශයකින් ම, හැම රාජ්‍යයකින් ම, ඇසෙන විට දෙවියන් ගේ සියලූ දරුවන්හට, කළු හා සුදු මිනිසුන් ට, යුදෙව්වන් හා කි‍්‍රස්තු භක්තිකයින් ට, ප්‍රොතෙස්තන්තවරු හා කතෝලිකයින් ට එකට අත් වැල් අල්ලා ගෙන පැරණි නීග්‍රෝවරුන්ගේ අධ්‍යාත්මික ගීතය ගැයිය හැකිය. අන්තිමේ දී නිදහස: අන්තිමේ දී නිදහස: සර්ව බලධාරි දෙවියන්ට ස්තුති වේවා. අපි අන්තිමේ දී නිදහස ලැබුවෙමු

මාටින් ලූතර් කිංන්ග් සහෘදයාණෙනි මේ සැබෑ වෙමින් ඇත්තේ ඔබ එදා දුටු මේ සිහිනය ද?

Advertisements
Posted in: Uncategorized