ග්‍රීස් යක්කු හම්බ පකයෝ ත්‍රස්තවාදය

Posted on August 27, 2011


ග්‍රීස්‌ යක්‌කු කවරහුදැයි දැන් හෙළිදරව් වී ඇතැයි සිතමි. පසුගිය සතියේ දැක්‌මෙන් අපි ඒ පිළිබඳ හෝඩුවාවක්‌ දුනිමු. අද වන විට සමස්‌ත ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අදහසක්‌ ඇතිකරගැනීම අපහසුවක්‌ නොවේ. ග්‍රීස්‌ යකුන් පිටුපස ඇත්තේ ආණ්‌ඩු විරෝධී, සිංහල විරෝධී දේශපාලන කණ්‌ඩායමකි. අද ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන් ක්‍රියාකරන්නේ කෙසේ නමුත් මේ ආණ්‌ඩුව බලයෙන් පහකිරීමටය. ඔවුහු ලෝකයේ තමන් අකැමැති ආණ්‌ඩු බලයෙන් පහකරති. ඔවුහු ඇතැම් අවස්‌ථාවල සාර්ථක වෙති. එහෙත් ඇතැම් විටක පර2dජය වෙති. අද ඔවුන්ට ලිබියාවේ යම් සාර්ථකත්වයක්‌ ඇති කරගැනීමට හැකි වී ඇත. බටහිරයන්ට අවශ්‍ය තමන්ට නැමෙන මුස්‌ලිම් නායකත්වයකි. ඔවුහු සෞදි අරාබියේ නායකයන් ආරක්‍ෂා කරන අතර ගඩාෆිලා පන්නා දැමීමට කටයුතු කරති. ගඩාෆිගෙන් පසුව සිරියාව, ඉරානය බටහිරයන්ගේ ඉලක්‌ක වනු ඇත. බටහිරයන්ට ලංකාවේ ද අවශ්‍ය වනුයේ ඔවුන්ට ගැති මුස්‌ලිම් නායකයන් පිරිසකි. එය මුස්‌ලිමුන්ට පමණක්‌ සීමාවන්නක්‌ ද නොවේ. සිංහලයන් හා දෙමළ ජනයා අතර ද ඔවුන්ට අවශ්‍ය බටහිර ගැති නායකයන්ය. ඔවුන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි නායකයන්ය. පොන්නම්බලම් රාමනාදන්ගේ සිට ප්‍රභාකරන් දක්‌වා දෙමළ ජාතිවාදී නායකයන් අවසාන වශයෙන් කටයුතු කළේ බටහිරයන්ට අවශ්‍ය අන්දමටය. ඇතැමකු ප්‍රභාකරන් බටහිරයන්ට අකීකරුව කටයුතු කළ බව ප්‍රකාශ කළත් එය එසේ නොවේ. අවසාන මොහොත දක්‌වා ම බටහිරයන් ක්‍රියා කළේ ප්‍රභාකරන් බේරා ගැනීමටය. නම්බියාර් එකල මෙරටට පැමිණ සිටියේ ඒ කටයුතු සංවිධානය කිරීමටය. එහෙත් ආණ්‌ඩුව හා හමුදා බටහිරයන්ට වඩා ඉක්‌මන් විය. එතරම් ඉක්‌මනට නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් හසුවේ යෑයි බටහිරයෝ නො සිතූහ. සුදු කොඩි කතාවේ එක්‌ අරමුණක්‌ වනුයේ ප්‍රභාකරන් බේරාගැනීමට අසමත් වූ බටහිරයන් තමන්ට අත්වූ පරාජය මකා දැමීමය. එහි ප්‍රධාන අරමුණ ජනාධිපතිතුමා, ආරක්‌ෂක ලේකම්තුමා හා රණවිරුවන් කිහිප දෙනෙකු ඊනියා ජාත්‍යන්තර අධිකරණයක්‌ ඔස්‌සේ හැකිනම් දංගෙඩියට යෑවීමටත් නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගු බව නැතිකිරීමත්ය. ඒ සඳහා බටහිරයන් යොදාගන්නා ප්‍රධාන අවිය වනුයේ බීබීසියේ හතරවැනි නාලිකාව හෙවත් චැනල් 4ය.

අද ප්‍රභාකරන් නැත. බටහිර ගැති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ අගමැතිවීමට සුදුසු වුවත් මෙරට ජනාධිපතිකමට නුසුදුස්‌සෙකි. එහෙත් ඔහුට අභියෝග කිරීමට හැකි ජාතිකත්වයක්‌ ඇති නායකයෙක්‌ එජාපක්‍ෂයේ නැත. කරු ජයසූරිය මෙන්ම සජිත් ප්‍රේමදාස ද ව්‍යාජ ජාතිකත්වයක්‌ සහිත පුද්ගලයෝය. සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන උපදේශිකාවක වූ රෝසි සේනානායකගේ ඇති ජාතිකත්වය කුමක්‌ද? ඇය සමග සම්බන්ධකම් පැවැත්වූ ප්‍රේමදාස පවුලේ අනෙක්‌ අය අද ඇත්තේ කොතැනක ද? බටහිරයන් ඒ ඒ රටවල ක්‍රියාත්මක වීමේ දී අද ඒ ඒ රටෙහි ජාතිකත්වය, සංස්‌කෘතිය සමඟ ව්‍යාජ ලෙස බැඳුණු පුද්ගලයන් ඉදිරිපත් කරනු දැකිය හැකිය. මෙය වඩාත්ම ක්‍රියාත්මක වන්නේ බටහිර ආසියාවේ මුස්‌ලිම් රටවලය. සිංහල – බෞද්ධ සංස්‌කෘතියක සජිත් – රෝසි නටන නෙයියාඩගම වටහාගැනීම අසීරු නොවේ. පන්සල් කිහිපයකට ගොස්‌ මුදල් බෙදා දීමෙන් ජාතිකත්වය ඇතිකර ගැනීමට හැකිනම් සුනාමියෙන් පසු පන්සල් ගිය සෝල්හයිම්ලාට ද ජාතිකත්වය ඇතිකර ගැනීමට හැකිවිය යුතුව තිබිණි. අප මෙයින් කීමට අදහස්‌ කරන්නේ විජාතික මනසක්‌ ඇති රනිල් වික්‍රමසිංහ රැකගත යුතු බව නොවේ. අද එජාපක්‍ෂයට ජාතිකත්වයක්‌ ඇති නායකයකු සොයාගැනීමට නොහැකිවී ඇත. පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල දැනගැනීමට අංජනම්එළි බැලිය යුතු නොවේ. ජ. වි. පෙරමුණ ජාතිකත්වය හා ජාත්‍යන්තරවාදී මාක්‌ස්‌වාදය අතර දොaලනය වන පක්‍ෂයකි. අද එය ජාතිකත්වයට විරුද්ධය. අද ජවිපෙ බටහිරයන්ගේ තවත් අතකොළුවක්‌ පමණකි.

ආණ්‌ඩුවට විරුද්ධව ඊනියා ජනතා උද්ඝෝෂණ යොදා ගන්නා ආකාරය පෙන්වා දීමට බටහිරයන් යොදාගන්නේ, එසේත් නැත්නම් අත්හදා බැලීම් කිරීමට යොදා ගන්නේ ජවිපෙරමුණ බව පැහැදිලිය. 1971 දී අත්හදා බැලුණු ත්‍රස්‌තවාදය ප්‍රභාකරන් අතින් වර්ධනය විය. ඒ සඳහා තරමක කාලයක්‌ ගත විය. අද බටහිරයන්ට එතරම් කල් බලා සිටිය හැකි නොවේ. බටහිර රටවල් අද කඩා වැටෙමින් පවතියි. ඒ මාක්‌ස්‌වාදයට අනුව සිදුවන කඩාවැටීමක්‌ නම් නොවන බව මෙරට සිටින කසිකබල් මාක්‌ස්‌වාදීන්ට කියා දිය යුතුය. අද බටහිර රටවල් කඩාවැටෙන්නේ ධනපති පංතිය බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක්‌ සූරාකෑම නිසා ඇතිවන ඊනියා අපෝහක ප්‍රතිවිරෝධතා නිසා නොව පරිසරය, එනම් ස්‌වභාවිකත්වය සූරාකෑමත් ස්‌වාභාවිකත්වයට එරෙහිව යැමත් පෞද්ගලිකත්වය ඉස්‌මතු කිරීමත් පෞද්ගලික ඉන්ද්‍රිය පිනවීම සඳහා ස්‌වභාවිකත්වය බිලි දීමත් ආදී කරුණු නිසාය. බටහිරයන්ට ඉන් ගොඩ ඒමක්‌ නැත. ඔවුන් වෑයම් කරන්නේ තම සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යැම සඳහා ආසියාවේ හා අප්‍රිකාවේ රටවල ඔවුන්ට ගැති නායකයන් බිහිකර ගැනීමටය. එහෙත් එය ඉක්‌මනින් කළ යුතුව ඇත. අද බටහිරයෝ ප්‍රභාකරන් නැති ලංකාවක, ජාතිකත්වයක්‌ නැති රනිල් හා ව්‍යාජ ජාතිකත්වයක්‌ පමණක්‌ ඇති සජිත් අලි පටලැවිල්ලක හිරවී ඇති ලංකාවක යන එන මං නැති ජවිපෙරමුණට පාඩම් කිරීමට හැකි එහෙත් කල්පනා කිරීමට නොහැකි සරසවි ඇදුරන් කිහිප දෙනකු මුළාකිරීම හැරෙන්නට විශ්වවිද්‍යාලයක්‌වත් වසා ගැනීමට නොහැකි ලංකාවක, ව්‍යාජ ජාතිකවාදී මුස්‌ලිම් නායකත්වයක්‌ වහ වහා ඇතිකර ගැනීමට උත්සාහ කරති. ග්‍රීස්‌ යකුන් ඒ සඳහාය. එහෙත් ග්‍රීස්‌ යකුන්ට ලිස්‌සන ගසේ බැසීම හැරෙන්නට වෙනත් කළ හැකි දෙයක්‌ නැත.

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරන බටහිරයන්, ඉන්දියානුවන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, තිස්‌ස විතාරණ ප්‍රමුඛ පැරැණි වාමාංශිකයන් අවුරුදු තිස්‌පහක්‌ පමණ ක්‍රියාත්මක වන වික්‍රමබාහු කරුණාරත්න වැනි ඊනියා නව වාමාංශිකයන්, දෙමළ ජාතිවාදීන්, ඉස්‌ලාම් ජාතිවාදීන් අද වන විට තේරුම්ගෙන ඇති කරුණක්‌ නම් සිංහල ජනතාවගේ කැමැත්තක්‌ නැතිව එය කළ නොහැක්‌කක්‌ බවය. ආණ්‌ඩුව ඇතුළත සිටින්නන් හැරෙන්නට එකී අනෙක්‌ සියලු දෙනාගේම අද අවශ්‍යතාව වී ඇත්තේ ආණ්‌ඩුව අස්‌ථාවර කිරීමය. එහෙත් ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වූ එ ජා පක්‍ෂයට එවැනි අවශ්‍යතාවක්‌ නැත. අද රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයෙහි මුලටම ඇත්තේ ආණ්‌ඩුව අස්‌ථාවර කිරීම නොව පක්‍ෂ අභ්‍යන්තරයෙහි තම ස්‌ථාවරත්වය රැකගැනීමය. ලංකා දේශපාලනයෙහි බිහිවූ දුර්වල ම දේශපාලනඥයන් අතර ඔහු ප්‍රධානියා නොවන්නේ නම් ප්‍රධානියෙක්‌ වෙයි. එහෙත් ඔහු සජිත් නිසා රැකෙයි. ඊනියා සාකච්ඡාවලින් බලය බෙදීමකට සිංහලයන් කිසි දිනෙක ඉඩ නොදෙනු ඇත. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අද දේශපාලනය සමඟ සංගත නොවෙයි. ඒ අප කිහිප වතාවක්‌ම කියා ඇති පරිදි රාමනාදන්ලාගෙන් ඇරැඹි දෙමළ ජාතිවාදී දේශපාලන ප්‍රවාහය හා සම්බන්ධ සියලු ගිවිසුම්, ව්‍යවස්‌ථා සංශෝධන නන්දිකඩාල් කලපුවේ ජයග්‍රහණයෙන් පසු අවලංගු වීම නිසා ය. අද බටහිරයන්ට අවශ්‍ය කෙසේ නමුත් මේ ජයග්‍රහණය අකා මකා දැමීමටය. චැනල් 4 මෙන්ම මුස්‌ලිම් ජාතිවාදීන් කිහිප දෙනකු විසින් මෙහෙයවන ග්‍රීස්‌ යක්‌කු ද ඒ සඳහාය. රාවුෆ් හකීම් වැන්නන් ග්‍රීස්‌ යකුන් පිටුපස සිටින මුස්‌ලිම් ජාතිවාදීන්ට විරුද්ධව දැඩි ස්‌ථාවරයකට නොයන්නේ නම් අපට ඒ පිළිබඳව ප්‍රශ්න ඇති වෙයි.

ග්‍රීස්‌ යකුන් අල්ලා ගත්තත් නැතත් පහර දෙන්නේ පොලිසිවලටය. එසේත් නැත්නම් හමුදා කඳවුරුවලටය. ජනතාව ප්‍රකෝප කර සංවිධානාත්මක වී පොලිසියට පහර දීම අත්හදා බැලුණේ කටුනායක දීය. එහි දී පොලිසියේ ඇතැම් දුර්වලකම් ද ප්‍රයෝජනයට ගැනිණි. ජ. වි. පෙ. ඒ පසුපස විය. කටුනායක සිද්ධිය කම්කරු පංතියේ නැගිටීමක්‌ ලෙස දුටු අඳ බාල මාක්‌ස්‌වාදීහු ද වූහ. අද මුස්‌ලිම් ජාතිවාදීන් හා දෙමළ ජාතිවාදීන් පිරිසක්‌ විසින් ජ වි පෙ ආකෘතිය ක්‍රියාත්මක කරනු ලැබෙයි. බටහිරයන් මේ සියල්ල මෙහෙයවන්නේ යෑයි අපි නො කියමු. එහෙත් ඒ පිළිබඳ ඔවුන් නොදන්නවා නොවේ. මෙහි ඇත්තේ මූලික වශයෙන්ම ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්වරයා අපකීර්තියට පත්කිරීමත් පොලිසිය හා ත්‍රිවිධ හමුදා ගෞරවය කෙලෙසීමත්ය. ඒ සියල්ල ඔස්‌සේ නන්දිකඩාල් ජයග්‍රහණය පලුදුකිරීමත් එමගින් සිංහලයන්ට විරුද්ධව ඇති ගිවිසුම් හා ව්‍යවස්‌ථා ක්‍රියාත්මකකර දෙමළ ජාතිවාදයට උඩගෙඩි සැපයීමත් කෙරෙයි. ජනාධිපතිතුමා ඇතුළු පිරිසක්‌ දංගෙඩියට යෑවීමත් සමස්‌ත වැඩපිළිවෙළේ ම කොටසක්‌ වෙයි.

අප හැකිතාක්‌ සමස්‌තය දැකීමට වෑයම් කළ යුතුය. අතනින් මෙතනින් කොටස්‌ අහුලාගෙන වරක්‌ ඉන්දියාවට බැණ වැදීමත් තවත් වරෙක ඉන්දියාව අපේ ලොකු අයියා යෑයි කියමින් ඔවුන්ගේ සරණ පැතීමත් තවත් වරෙක පෞද්ගලික හේතුමත ජාත්‍යන්තර යුද්ධාධිකරණය හමුවේ ඇති තර්ජනය සුළු කොට තැකීමත් සිංහල ජාතිකවාදීන්ගෙන් අප බලාපොරොත්තු වන්නක්‌ නොවේ. ග්‍රීස්‌ යකුන් කවුරුන්දැයි දැනගැනීමට ආණ්‌ඩුවට ඉක්‌මනින්ම හැකිවී තිබීම සතුටට කරුණකි. දෙමළ ජාතිවාදයටවත් මුස්‌ලිම් ජාතිවාදයටවත් මෙරට කිසිම ඉඩක්‌ දිය යුතු නොවේ. මෙරට දෙමළ ජනතාව මෙන්ම මුස්‌ලිම් ජනතාවද කිසි විටෙකත් බටහිරයන්ගේ අතකොළු නොවිය යුතුය. බටහිරයෝ තමන්ගේ රටවල මුස්‌ලිම් කාන්තාවන්ට පර්දාව ඇඳීමට තහංචි පනවති. මුස්‌ලිමුන්ට මුස්‌ලිමුන් සේ ජීවත්වීමට අවශ්‍ය නම් තම රටවලින් පිටව යන ලෙස බටහිරයෝ මුස්‌ලිමුන්ට කියති. එහෙත් ඔවුහු ලංකාවේ ඊනියා බහුසංස්‌කෘතික බහුබූතයක්‌ කතා කරමින් මුස්‌ලිම් ජනතාව සිංහල බෞද්ධ සංස්‌කෘතියට එරෙහිව උසිගන්වති. ඒ ඇතැමුන් කියන ආකාරයෙන් කුමන්ත්‍රණයක්‌වත් දෙබිඩි පිළිවෙතක්‌වත් නොව බටහිර ප්‍රතිපත්තියය. ඔවුන්ට අවශ්‍ය වන්නේ හැකිතාක්‌ කල් ලෝක ආධිපත්‍යය රැකගැනීමය.

Advertisement
Posted in: Uncategorized