කේන්දරය විශ්වාස නොකරන අය පවා අප උත්පත්තියෙන් අපේ ඉරණම ගෙන එනවා යැයි විශ්වාස කරති. ඊට විද්‍යානුකූල පදනමක් ද සපයති.
ඔවුන්ට අනුව ඉරණම ඇත්තේ ග්‍රහචාරයේ නොවෙතත් එය අප විසින් උරුම කරගන්නා ජානවල කොටා තිබේ. ඉතින් අප බුද්ධිමත් වෙන්නේ ඒ අනුව ය. අපගේ වටිනාකම් සාරධර්ම හැදෙන්නේ ඒ අනුව ය. අපේ අනාගතය ලියැවී ඇත්තේ කේන්දරේ නොවේ නම් ජානවල ය.
ජාන අපට යම් මූලික පදනමක් සපයන බව ඇත්ත ය. එහෙත් විද්‍යාවේ අලුත් සොයා ගැනීම්වලට අනුව ජාන ප්‍රකාශයට පත්වන්නේ පරිසරයේ සාධකවල බලපෑම ද සමගින් ය. ඒ නිසාම අප අපගේ ඉරණම වෙනස් කිරීමට සූදානම් නම් අපට එය කළ හැකි ය. ඒ සදහා අවශ්‍ය වන්නේ වෙහෙසව අනලස්ව කැපවීම ය.
එයින් අදහස් කරන්නේ අප හැමටම අයින්ස්ටයින්ලා විය හැකි බව නොවේ. එහෙත් අප දැන් සිටිනවාට වඩා බොහෝ සෙයින් ඉහළට අපට යා හැකි බව ය.
නිතර කියවන කෙනෙකුගේ කියවීමේ වේගය නිතර නොකියවන කෙනෙකුගේ කියවීමේ වේගයට වඩා බොහෝ සෙයින් වැඩි ය. ලිවීම සම්බන්ධයෙන් ද සත්‍යය වන්නේ එයයි. ටයිප් කිරීම ගැන ද එය අදාළ ය. ගණන් හැදීම රිය පැදවීම ගායනය වාදනය යන ඔය කොයිවා ගැනත් එය අදාළ ය.
අප බොහෝ දෙනෙකු අපට උරුමව ඇති ශාක්‍යතාවය පවා ප්‍රයෝජනයට ගන්නේ නැත. ඒ අප සතුව අලස කමේ ජාන තිබීම නිසා නොවේ. සමහර විට ඒ පරිසර උත්තේජනයන් නිසි ලෙස නොලැබීම නිසා ය. එහෙත් මේ අවබෝධයම සියල්ල වෙනස් කිරීමට වුවමනා අයට ඒ සදහා උත්තේජනයක් සපයන්නේ ය.
අලස කම අප උත්පත්තියෙන් උරුම කරගන්නක් නොවේ. එය අපගේ තෝරාගැනීමකි. අලසකම මැඩලීම සදහා යෝග ව්‍යායාම ඇවිදීම සංගීතය වැනි දෙයෙහි පිහිට ගත හැකි ය. සමහරු මේ අලසකම බදා ගන්නා අතර සමහරු එය පැත්තකට තල්ලු කර දමති. තීරණය ඇත්තේ ඔබ අතේ ය. ඒ සදහා වගකීම ජානවලට පැවරීම අමන කමකි.
ජානවලට වගකීම පැවරීමෙන් කරන්නේ අප කේන්දරය විස්ථාපනය කර ඒ වෙනුවට වඩා විද්‍යාත්මක යැයි ගණන් ගත හැකි බහුබූතයක් කර පින්නා ගැනීම ය. යල් පැන ගිය යමක් විසිකර වැඩකට නැති නූතන යමක් ගැනීමෙන් වෙනසක් ඇතිවන්නේ නැත.

hghfg
December 17, 2010
Some one hacked BF
beyondframe
December 17, 2010
අප තේරුම් ගැනීම පහසු නැත. ඔබගේ ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ ඔබට එය දැඩි ලෙස දැනී ඇති බව ය.
Ritigala Jayasena
December 17, 2010
@BF: This is a very good topic and a healthy change from your usual politically charged commentary.
Speaking of Genes, I read two interesting essays by a college lately (links provided below). In both of these essays he is speaking of the ‘genetic makeup’. He also speaks of how moralily is genetically defined. However, I don’t think he is implying that ‘Genes decide everything’. I will poke him personally and persuade him to write more one the fact that ‘It is the genetic makeup + Environmental factors’ that decide the outcome and any outcome has unpredictable randomness associated with it anyway.
මයෝසීන යුගයේ සිට මානව පරිණාමය
http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/understanding-evolution
The Moral compass
http://www.secularsrilanka.com/discussions/prasad-s-rants/understanding-evolution/the-moral-compass
K
December 17, 2010
ඔබල සේරම දේවල් විද්‍යා/ත්මක කෝණයකින් ගවේෂණය කරන්න උත්සහ කරන එකේ වැරුද්දක් නැහැ. තවත් අයෙකුගේ මත වලින් යැපෙනානට උත්සහ කරන එකේ වැරුද්දකුත් නැහැ. ඒත් තමා විසින් ප්ර්ත්යක්ෂ කරගන්න එක වාඩාත් නිවැරදියි කියලයි මම හිතන්නේ.
වාසනාවකට හෝ අවාසනාවකට මේ ලියන මම මේ ලෝකෙ පහල වුන සියලු ආගම්, දර්ෂණ වලට ගරු කරන කෙනෙක්. ඒ නිසා මම පොඩි ලින්ක් ටිකක් පහල දාන්නම්, වෙලාවක් තියන වෙලාවක කියවල බලන්න. Karma and Freewill කියල පොඩි Search පාරක් දැම්මොත් මෙයිට වඩා ගොඩක් කරුණු දැනගන්න පුලුවන්.
http://www.gita-society.com/bhagavad-gita-section4/4_Freewill.htm
http://srath.com/2010/12/karma-and-freewill/ මේ link එකේ මෙම මාතෘකාව පිළිබඳ කතා කරන්නේ මගේ ගුරුවරයා. මේක විග්රහ වෙන්නේ ජ්‍යෝතිෂමය කෝණයකින්.
beyondframe
December 17, 2010
ඔබ කියන විදිහට ඔබ බුදුදහම පවා අදහන කෙනෙක්. බුදුන් ඉර තරු ග්‍රහලෝක ජීවිතයට බලපානව කියන මතය විවේචනය කරපු කෙනෙක්. ඒ වගේම තමන්ට පිහිට තියෙන්නෙ තමන්ගෙ අතේ කියල තමන්ගේ ඉරණමේ වගකීම ගන්න මිනිසුන්ව දිරිමත් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ව අදහන ගමන් නක්ෂත්රයත් එකපාට අදහන්නෙ කොහොම ද කියල කියමු ද?
K
December 17, 2010
සමාවෙන්න. මම බුදු දහම අදහන කෙනෙක් නෙමෙයි. ඒක පාරුවක් විදිහට භාවිත කරන කෙනෙක්. මම ඒක කරේ තියාගන යන්නේ නැහැ. කාලාම සුත්‍රයෙන් බුදුන් මම කෙරෙහි විශ්වාශය තබන්න කියල කියපු කාරනයට මම වැඩියෙන් ගරු කරන හින්ද, මම අනිත් දේවල් ගැනත් ගවේෂණය කරනවා. මම නෂත්රය අදහන්නේත් නැහැ. ඒත්ඒක භාවිත කරනවා. හැබැයි ඔබ හිතන ලංකාවේ තියන නක්ෂත්රය නෙමෙයි. නක්ෂත්රය පිළිබඳ ඔබගෙ අර්ථකතනය වෙනස් වුන දාකට ඔබට තේරෙයි මේ සියල්ල එකයි කියල.
Ritigala Jayasena
December 18, 2010
@K : You are a good marketing person. You can come up with commercials that does not give any information, but only persuades the consumer to “buy”. Yes, astrology needs people like you!
ThePhilosopher
December 17, 2010
The Harvard Psychologist Steven Pinker in his The Blank Slate has touched upon this issue and provided evidence that it is the genes that will determine who we are and not any other thing.
If we don’t have the correct genetic composition, however much we try to be a genius, we simply fail to do so according to him. This is a subject which is being studied in evolutionary psychology and they have so far not been able to tell us how we inherit our genes.
The explanation given in astrology is that we inherit what we have as a result of the configuration of stars at the time of birth, Buddhism, karma, and other religions, the will of the God.
Perhaps, in about 5 years’ time when evolutionary biologists are able to document the human genome, we will be able to tell exactly how we came to own the genes with which we are made of.
That will be a path – breaking revelation because it will help us to redesign education strategies and training programmes according to the ability of everyone.
beyondframe
December 17, 2010
David Shenk in his book titled “The Genius in All of Us” has brought in many scientific evidence to say that genes cannot explain how we progress or our potential to progress. You could listen to his speech by following the link below.
http://fora.tv/2010/03/18/The_Genius_in_All_of_Us_David_Shenk
I have also read about the plasticity of the brain. Like any other biological device it become stronger when you use it more and more.
Though I agree that we all cannot be Einsteins we still can be better than what we now are by making effort.
Ritigala Jayasena
December 17, 2010
@ThePhilosopher: Sir, you are taking scientific research at face value, and also cherry picking statements from scientific research to support the non-sciences and pseudo sciences. I will write about this familiar argument of ‘cherry picking’ scientific statements, whenever I get more time. I a hurry at the moment.
One point we are missing is that according to what we observe, there is an inherent randomness in nature, where you cannot trace to a cause. Trying to fill that gap with mystical elements is what causes these tangents a along pseudo-sciences.
ThePhilosopher
December 17, 2010
To Ritigala Jayasena: Good intervention and I wait for your detailed explanation.
Steven Pinker has assessed both arguments for and against, evaluated them in the proper context and reached his conclusion which a right minded person can either accept, reject or modify. That is the nature of science.
Cherry picking is done by many of us in order to prove our point of view. However, at the end, what matters is whether we were honest to ourselves or not.
To Beyond Frame: While training can help us to gain marginal improvements, we cannot be geniuses if we are not made to become ones.
Ritigala Jayasena
December 17, 2010
@ThePhilosopher : Sir, your good natured mature response, actually motivated me to engage in this discussion further. I wholeheartedly agree with your comment above. I will try to find some time during the weekend.
පද්දා
December 18, 2010
මෙතන තියන පුරස්නෙ තමයි බොලවු කේන්දර කාරයෝ කියන එක මේ උලවුව විද්යාත්මකයි කියල. එහෙම කිවුව නං ඉතින් විද්දියාත්මකව ඕක ඔප්පු කොරල පෙන්නන්නත් වෙයි. හැබැයි මේ උන්නැහේලා එක්කෙනෙක්වත් එහෙම කොරන්නේ නෑ. මෙතන ඉන්න සමහර කේන්දර උන්ද්ලා කියනවා ඇති ගිරහ බලපෑම් පාර් භෞතිකයි ඒ හින්දා විද්දියාවෙන් ඕව තේරුම් කොරන්න බෑ කියල. එහෙම කිවුවත් ඒ උන්දලා නොකියන කතාව තමයි, ගිරහ බලපෑම් පිටට පේන්නෙ බෞතික දේ විද්දියට කියල. එහෙම නම් ඒවා ඔප්පු කොරල පෙන්නන්න පුලුවං වෙන්න ඕන. නවීන විද්දියාව ගත්තත්, බුද්දාගම ගත්තත් ඔය දෙකෙන්ම ජෝතිසේ බොරු කියල අයින් කොරල තියෙනව. ඒ හින්දා ඔය ගැන තවත් දොඩල පලක් නෑ.
Ritigala Jayasena
December 18, 2010
@පද්දා: අන්න හරි!
මම BF ගෙ අනිත් බ්ලොග් පෝස්ට් එකේ දාපු කමෙන්ටුවක් ආයෙත් මෙතනත් දානවා
@K, still you are doing your marketing talk. You are very good in marketing, I agree. However, can you point out one single proven benefit that mankind as a whole or someone as an individual achieved through this so called ‘astrology proper’. Now you may say that kind of people like me always ask for “proof” for anything. That’s true, kind of people who don’t want proof or empirical evidence as far as their mystical belief is concerned; quickly change and demand all kinds of proofs and evidence, if someone accuses them for looting public funds or taking bribes. If I tell one of those mystics that their wife is cheating on them, they sure need proof before they believe. And those mystics will surely review empirical data before they buy a used car. In short, everyone need proof and empirical evidence when it really matters.
සිතුමිණි
December 20, 2010
මේ කාරණය බුදු සමයේත් කියැවෙන්නේ මෙහෙමම තමයි….. K නං එළ පිස්සෙක්… K ට ඔක්කොම පැටළිලා වගෙයි..හික්z