මැතිවරණ බඩුමල්ලට වුනේ මොකද?
මදැයි පරිප්පු කන්න බලන් හිටියා.
ඒකෙන් මේකෙන් අපිත් හොද පරිප්පුවක් කෑවා.
අල නැත් ද ලාබෙට කියල ඇහුවහම සමූපකාරෙ අයියල අල වගේ ද ගෝවා කියල අහල ගෝවා ගෙඩියක් දික් කරපි! සුදු ලූනු ගැන නම් කිව්වෙ වාතෙට අගුණයි කියල.
බඩු මිල හෙණ ගහන්නැහෙ අඩු කරහම රටේ මිනිස්සු කියන්න පටන් ගත්තා දෙයියනේ අපි මේ කාල තියෙන්නේ අපිට පත්තු කරපු ගිනි නොවැ! මුන්ට හෙණ ගහන්න අපේ කෑම පතට නොවැ මුං බදු ගහල තියෙන්නෙ කියල!
ජනතාවට තිබුනේ ඒ පණ්ඩිත කම් නැතිව ඕක බාර ගන්න ය. ඇත්තටම කෑම පතට ගහන්නේ නැතිව බදු ගහන්නට කියන්නේ බුලත් විටට ද?
උතුරු නැගෙනහිරෙන් එන අඩුමිල මාලු තාමත් එනවා ය. ඒවා දකුණට සේන්දු වීමට තවත් කලක් යනු ඇත්තේ ය. ඇත්තටම ආණ්ඩුවට කරන්න දෙයක් නැත. ඒ මාලු පටවා තිබුනේ ගොලුබෙල්ලෙකුගේ පිටේ ය.
දැන් බඩුමල්ල නැති එකට ද ආණ්ඩුවට දොස් කියන්නට බැරි ය. ඒක හිතුවාටත් වඩා ලොකු නිසා කොහේ හෝ හිරවී තියෙන්නට පුලුවන. ඒකවත් හොයා බලන්නට ජනතාවට වුවමනාවක් නැත.
අඩුවක් පාඩුවක් නැතිව මැතිවරණ ලැබෙද්දී ඇත්තටම නැතිවාදමම කිය කිය ඉන්නේ නැතිව ජනතාවට තියෙන්නේ ලැබෙන දේ ගැන සතුටු වන්නට ය.
ඇත්තටම තව අවුරුදු දෙකකින් පවත්වන්නට තියෙන ජනපතිවරණය දැන් පවත්වන්නේ ජනතාවට තියෙන ආදරය නිසා ය. ආණ්ඩුව දෙන්නේ ජනතාව ඉල්ලන දේ ය. උන් ඉල්ලන්නේම මැතිවරණ ය.
මැතිවරණ තියේ නම් ඇත්තටම ජනතාවට නොකෑවත් කමක් නැත.
ඇත්තටම ජනතාවගේ හද ගැහෙන රාවය මෙතරම් හොදින් අදුනන පාලකයින් පිරිසක් අපට කවදාවත්ම ලැබී නැත.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



කඩප්පුලියා Said:
on November 24, 2009 at 6:27 pm
මහින්ද මගේ දෙයියෝ උඹව නයාම කපිය.
basil rajapaksha Said:
on November 24, 2009 at 6:31 pm
ape aiya hadanne mata wayasa hariyanakotama raja karawanna !
chaminda Said:
on November 25, 2009 at 4:57 am
anee aththaamayy
The Independent Said:
on November 25, 2009 at 7:33 am
ජනතාව මැතිවරණයක් ඉල්ලුවේ නැත.ජනතාව යනු ශ්‍රී.ල.නි.ප. සමුළුව පමණක් නොවේ.මැතිවරණයක් ඉල්ලුවේ මෙරට 70%ක් වූ(සිරිපාල න්‍යායට අන්ව)බත් කන පුද්ගලයින් විසිනි.
තණ කොළ කන්නන්ගෙන් ද ඕනෑ මොනවාදැයි ඇසුවා නමි හොඳ නැද්ද?
areader Said:
on November 25, 2009 at 9:12 am
Ranil’s booklet.
http://rapidshare.com/files/311853356/Anagatha_Abiyogaya_Ranil_Wickramasinghe.pdf
Poorna Said:
on November 30, 2009 at 10:03 am
ජනතාව යනුවෙන් හදුන්වනු ලබන්නේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධව තමන් නියෝජනය කරන පක්ෂයේ නායකයින් කියන කරන ඕනෑම දෙයක් හුරේ දමා පිළිගන්නා අයයි. නැතිනම් තමන් නියේජනය කරන පක්ෂග්‍රාහී මාධ්‍යයන් විසින් තෝරාගෙන ලබා ගත් අදහස් එම මාධ්‍ය තුලින් විකාශනය කිරීමට ඉඩ දෙන අයය. එවැනි අයට රටේ ජනතාව. කොළඹ ජනතාව ආදී වශයෙන් අදහස් ප්‍රකාශ කිරීමට දෙවියන් වහන්සේ විසින් බලය පවරා ඇත.
අනෙකුත් සියඵ දෙනා ජනතාව වශයෙන් නොසලකන බව සියඵ දෙනා විසින් දැන ගත යුතුය.