සරත් ෆොන්සේකා හා මර්වින් – කැළණියේදී ගහට ගහක් මුණ ගැසේ

සරත් ෆොන්සේකා සිය විශ‍්‍රාම ලියවිල්ල බාර දී ගියේ කැළණි විහාරයට ය.

කැළණිය යනු මර්වින්ගේ පුරයයි. කැළණීය උඩින් අවසර නැතිව කාක්කෙක්වත් පියාඹීම මර්වින් සළකන්නේ තමන්ට කරන අගෞරවයක් හැටියට ය.

රජතුමා විසින් නින්දගමක් ලෙස තමන්ට පවරා දී ඇති මෙපුරවරයට ඊයේ පෙරෙදා තමන් විසින්ම අවමානයට ලක් කළ කෙනෙකු ගරු ගාම්භීර විලාශයකින් පැමිණ සිටීම ඔහුට දැනුනේ තමන්ට කළ මදි පුංචි කමක් හැටියට ය.

ඇත්තටම මර්වින් කියා සිටියේ සරත් යන්න හදන්නේ කොහාටදැයි තමන් දන්නා බවත් ඊට පාර පෙන්නීමට තමන් සූදානමෙන් සිටින බවත් ය

එය වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමට සරත් ෆොන්සේකා කැළණිය වදින්න ආවිට මර්වින්ට ඔනෑවිය

තමන්ගේ සහචරයන් ලවා සරත්ට හූවලින් හා වෙනත් අවමානයෙන් සංග‍්‍රහ කිරීමට ඔහු පියවර ගත්තේ ඒ නිසා ය.

කොන්ත‍්‍රාත්තුව බාර දී තිබුනේ ඉහළින් ද මෙ පෝරිසාදයා පාලනය කර ගැනීමට නොහැකි වල් සතෙකු දැයි අප දන්නේ නැත. එහෙම දන්නා කෙනෙක් ඉන්නා බව වත් අප දන්නේ නැත.

දුටුගැමුණු පරපුරෙන් පැවත එන කෙනෙකු වත්මන් දුටුගැමුණු රජතුමාගේ සෙන්පති හට හූවකින් සංග‍්‍රහ කිරීම එක් අතකින් දෛවයේ සරදමකි.

සටන පටන් ගත්තා පමණ ය. හොඳ ආසනයක් හොයා ගෙන වාඩිවී දැන් නැරඹිය හැකි ය.  මෙම සටන වන්නිය මුදාගත් මානුෂීය මෙහෙයුමට ද වඩා මානුෂීය වන බවත් ත‍්‍රාසජනක වන බවත් ආතල් සපයනු ඇති බවත් දැනටම පෙනේ.

දේශපේ‍්‍රමය හෙට අනිද්දා රෙද්ද පල්ලෙන් බෙරෙනු ඇත. වෘත්තීය රෙදි අපුල්ලන්නන්ට වැඩ තිබෙනු ඇත. ඔවුන් අවශ්‍ය වනු ඇත්තේ දුසිම් ගණනින් නොවෙ. සිය දහස් ගණනිනි.

9 Comments »

  1. ඉහලින් ආපු නියොගයක් තමයි !!

  2. අල මල්ලි Said:

    මර්වින් කියන්නේ මොන මැට්ටෙක්ද?

  3. Defector Said:

    චන්දෙට ඉදිරිපත්වුනා නම් කොහොම ද? මෙ චන්දෙ ඉල්ලන ආරංචියට ය

  4. Saman Said:

    පොඩ්ඩක් ඉන්න! පොඩ්ඩක් ඉන්න!

    දැන් මෙ හූ කියන්නෙ තනතුරෙන් විශ‍්‍රාම යන්න අවසර ඉල්ලපු එකට ද? නැත්නම් පන්සල් ඇවිල්ල බුදුන් වඳින එකට ද

    විශ‍්‍රාම ගිය ජෙනරාල් කෙනෙකුට (නිකම් නිකම් ජෙනරාල් කෙනෙකුට නොවෙ වසර 30 ක් තිස්සේ දිග්ගැස්සුණු යුද්ධයක් ජයගත් ජෙනරාල් කෙනෙකුට) පන්සලක් වැඳගන්නට නිදහසක් නැත්නම් සෙසු ජනයා ට අපේක්ෂා කළ හැකි නිදහ ස කුමක් ද

    කියා දෙන්නට කෙනෙකු වෙත් ද?

  5. Lahiru(London) Said:

    kik ma thamai. Maru hu thiyapala mara ganila.

  6. Lahiru(London) Said:

  7. chamaramj Said:

    ආරංචියේ හැටියට නම් බඩ කට පුරා කන්නත් හම්බුනාලු ඕකුන්ට.

  8. කපු‍ටා Said:

    මේ ව‍ගේ බල්ලො ඉන්නකන් ලංකාවක් නැත. ලෝක‍යෙ උතුම් රට ලංකාවලු


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment