සෞභාග්‍යය උදාවෙමින් තිබේ. අඩුමිල බඩු මල්ලක් ජනතා අයිතියට පැවරෙයි!

ජනහිතවාදී ආණ්ඩුවක් කටයුතු කරන්නේ මේ අයුරින් යැයි පෙන්වමින් අපේ ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිල එකවර අඩුකළේ ය. එය කළේ මොනම හෝ වාසියක්වත් බලාගෙන නොව ජනයා විදින දුක උහුලන්නට බැරි කම නිසා ය.

‍හැම මගුලකම හිලක් හොයන විරුද්ධපක්ෂය දැන් සරම් උස්සාගෙන කෑගහන්නට ඉඩ තිබේ.

ඇයි මේ හදිස්සියෙ? කොහොම ද මේ මැජික් එකකින් වගේ බඩු අඩු කරන්නෙ? බන්දුල ගුණවර්ධන කඩයක්වත් කැඩුවද? රජතුමාට පිටරටවලින් නෑදෑයෝ එවලාද ? මේ කන්න ලැබෙන්නෙ තව කොච්චර කාලෙකට ද? රට උගස් තිබ්බෙ කාට ද? උගස බේර ගන්න මේ ගමන පුලුවන් වේවිද? ඉස්සරහට මේවා ඇරියස් එක්ක අල්ලන්න බලාපොරොත්තුවක් එහෙම තියෙනවද?

ඔය ප්‍රශ්නවලින් ආණ්ඩුවට හිතවත් උදවිය සැළෙන එක නාක ය.

ඇත්තටම අඩුමිලට ලැබෙනවා නම් ඒවා ගන්නවා මිසක ඔය ඕනෑනැති ප්‍රශ්න මක්කට ද ආයුබෝවන්?

බඩුමිලත් අඩු කර ඇති වෙලාවක අරගල කරන්නෝ ජාතී ද්‍රෝහීන් මිස අන් කවුරුද?

මෙහෙම හිත උණුවන ආණ්ඩුවකට නොදී චන්දය දෙන්න කියන්නේ සරත් ‍‍‍ෆොන්සේකාට ද?

යුද්ධය අවසන් වූ පසු උතුරු නැගෙනහිර වෙරළින් පැමිණි අඩුමිල මාලු සප්පායම් වෙමින් සිටි ජනතාවට ද දැන් ඒ පිටට කදමල්ලක් ම ලැබී තිබේ.

දෙන දෙයියො ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ මේවාට ය (අඩුමිල බඩු සමූපකාරයට එනතුරු අපට බඩගිනි වෙන්න එපා! ඒක ඉල්ලන්න තිබෙන්නේ ද දෙවියන්ගෙනි. පේන්නට තියෙන විදිහට දෙවියන්ට අහක බලන්නට හේතුවක් නැත).

4 Comments »

  1. mama Said:

    Me labunu awasthawe idiriyatath ekka kewa nam hodai. Wamaranna gaththama addresuth nathi weine.

  2. සියදෝරිස් සීයා Said:

    දැන් අපේ මිගාර කොළුවා ඇති කඩේ ඉස්සරහ පන් මල්ලත් අරන් අඩු මිළට බඩු ගන්න රජතුමාගෙ වරුණාව කිය කියා. හික් හික්.

  3. සූස්ති ගුනේ Said:

    ඩිස්පැන්සරියා කඩේ යන්නෙ රාජ-පස්ස ලාටනේ. අනේ සාදු! ඕකට අදවත් තමන්ට කියල යමක් කඩෙන් ගන්න පුලුවන් නෙ..;)

  4. no_frames Said:

    නලීන් ගැන කතා කොරලා වරිගෙ නහ ගත්තට පස්සෙ මෙන්න සූස්තියා කල එළි බැහැලා!


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment