විමල් වීරවංශ දුකින් තැවෙමින් නාමල්වතු නාහිමියන් හමුවී අවනඩුව කීවෙ ය. ඒ නන්දන ගුණතිලක කළ පාවා දීම ගැන ය. ජානිපෙ ද දෙකඩ වීම ගැන ය.
නොදරුවකු මෙන් අඩනු ද අවවාද පවා නොඅසා දිගින් දිගටම කියවනු ද තවදුරටත් ඉවසා ගනු බැරිව නාමල්වතු නාහිමියන් කළ හැක්කේ කුමක්දැයි දහ අතේ කල්පනා කළේ ය.
එක්වරම යමක් මතක් වී නාහිමියන් විමල්ට කීවෙ විමල්ගේ ප‍්‍රශ්නයට උත්තර දීම සඳහා දෙකට නොකැඩුනු පක්ෂයක සමාජිකයෙකු කෙසේ හෝ හොයා ගෙන එන ලෙස ය.
විමල් කලින් ම ගියේ ශ‍්‍රීලනිපයට ය.
පිස්සු කෙළින්නේ නැති ව මෙන්න මෙහේ වරෙන් උඹත්. ඔහොම පක්ෂ කොහෙද බං තියෙන්නෙ?
විමල් තවදුරටත් ඇඩුවෙ නැත.
BF ගේ අවවාදය ඇහුවා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැත. ඒත් තවමත් පරක්කු වැඩි නැත. විමල්ට එහෙමත් හිතුනා වන්නට පුලුවන.
සමාජිකයෙක් සෙවීම පැත්තක තබා විමල් සාමාජික අයදුම් පත‍්‍රයක් හොයා ඇවිද්දේ ය.
පක්ෂ සමාජිකත්වය ලැබීම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණකි.
(විමලේ, උඹ ගෙයක් හදන්නට පටන් ගන්න මුල් ගල තිබූ බවක් අපට දැන ගන්නට ලැබුණා ය. රාවය පත‍්‍රයේ තිබූ ඒ වාර්ථාවට අනුව වර්ග අඩි 4865ක ගෙයක් නිසා වැඩෙ ලේසි වන්නේ නැත. සියලු වැටුප් පක්ෂයට දී සීගිරිය වත් බලාගන්නට නොහැකිව වැඩ කළ කාලයේ මෙන් නොව උඹගෙ අතේ දැන් නම් සල්ලි තියෙනව වන්නට පුලුවන. ගෙයක් හැදු කෙනෙක් හැටියට නොව ගෙයක් හැදූ බාස් කෙනෙකුට අත් උදව් දුන් ගොලයෙක් හැටියට මට කියන්නට ඇත්තේ ඔවැනි මාලිගාවක් නම් ලෙහෙසියෙන් ඉදිකරන්නට බැරි ය කියා ය. යාලුවාගෙන් ඇමතිකමක් වත් ඉල්ලා ගන්නට බැලුවොත් මොකද? හැබැයි පුංචි පරහක් ඇත. දැන් වගේ ඔනෑම ජරාවකට අත දාන්නට එවිට බැරි ය. ඒ තමන්ගේ වපසරිය දී ඇති අමාත්‍යංශයට සීමාවන නිසා ය. ඒ නිසා එක අතකට ඇමති කමක් නොගෙන සිටීමට උඹ ගත් තීරණය හරි වෙන්නට පුලුවන උඹ කොහොමටත් අපට වඩා බොහෝ දේවල් දන්නවා වගේ අපට දැනෙන්නේ ය.
දේශපේ‍්‍රමීන් ගැන එන්ජීඔකාරයින්ට ඇත්තේ වෛරයකි. ඊටත් වඩා ඉරිසියාවකි. ඒ නිසා ගේ හදන වැඩ පොලේ මෙහෙම බෝඩ් එකක් ගහගනින් ය.
“මෙ උත්සහය රජවන්නට නොවෙ”)


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



Taboo Subjects Said:
on November 7, 2009 at 5:52 am
අහල තියෙනවද මේ කතාව?
ඔන්න එක කාලෙක ගෞතම බෝධිසත්තයිනුයි, මෛත්‍රී බොධිසත්තයිනුයි එකට කැලේක තවුස් දම් පුරනවලු.
දෙන්න එක්ක ආහාර හොයන්න යනකොට දවසක් දැක්කලු ගිරි හෙළක් පාමුළ කොටි දෙනකුයි පැටවුන් රොත්තකුයි බඩගින්නේ කෑගහනවා.
මෛත්‍රී බෝධිසත්තයින් වහාම ගියාලු කෑමක් හොයන්න. ගෞතම බෝධිසත්තයින් ටිකක් වෙලා බලා හිටියලු. කොටි පැටවුන්ගේ සාගිනි අඳෝනාව දරා ගන්නම බැරිලු. ඉතින් හිතට ධෛර්‍ය අරගෙන පැන්නලු මගේ සිරුර තොපට ආහාර වේවා කියලා.
ටික වෙලාවකින් මෛත්‍රී බෝධිසත්තයින් ආවලු ආහාර හොයාගෙන. ඇවිත් වෙච්චි දේ දැකලා බොහෝම ඉවසීමෙන් කිව්වලු “ඉක්මන් බුදුන් බුදු වුනාවේ” කියලා.
නන්දන ගැනයි විමල් ගැනයි කියන්න තියෙන්නෙත් එච්චර තමයි. ඉක්මන් බුදුන් ඉක්මනින් බුදුවෙයි.
ජාතික නිදහස් පෙරමුණ Said:
on November 7, 2009 at 1:41 pm
මේ ලිපිය අපේ සදාදරණීය දේශප්‍රේමී නායකයානන්ට නිකරුණේ මඩ ගැසීම සඳහා නන්දන ගුණතිලක හා කමල් දේශප්‍රිය නැමැතිදේශද්‍රෝහීන් ගෙනයන කුමන්ත්‍රණයක එක් පියවරකි. මෙවැනි මඩ ගැසීම් වලින් අපගේ නායකයානන් ගෝලීය ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට, ලෝක බැංකුවට හා එහි දේශීය නියෝජිතයන්ට හා බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව ගෙනයන සටන නතර කළ නොහැකි බව දන්වා සිටිමු.
අත්සන් කළේ,
විමල් වීරවංශ පා.ම.
සභාපති, ජා.නි.පෙ.
සරත් වීරවංශ
ජාතික සංවිධායක, ජා.නි.පෙ.
ශශි වීරවංශ
ලේකම්, ජා.නි.පෙ.
kirimama Said:
on November 8, 2009 at 2:15 pm
NFF message is one of the best l Love it!
ශෂි රණසිංහ Said:
on November 8, 2009 at 5:28 pm
විමල් උඹ වචනයේ පරිසමාප්ත අරථයේන්ම වසලයේක්,පාදඩයේක්. උඹ ඔය ගෙට දාගන්න ඕන සහ උඹට පුලුවන් ඔක්කෝම ආරක්ෂාව දාගනින්,උඹට බලය නැතිවෙච්චි දවසක අනිවාර්‍යයේන්ම ඔය ගේ මහජනයා ගිනි තියනවා.ජනයා ඒක පිංකමක් කියලා හිතලා කරන වැඩක්.ඒ හින්දා උඹටත් මොකුත් ඒ ගැන කියන්න බැරි වේනවා.මොකද උඹත් සදාචාරය ගැන බොරුවට හරි කාතා කරන එකෙක හින්දා.