යම් විශ්වාසයක් වැරදි නිසා හෝ එයින් අනතුරක් ඇතිවිය හැකි ඉඩ නිසා එවන් විශ්වාසයක් නීතියෙන් තහනම් කළ යුතු ද?
මෙ ප‍්‍රශ්නය මතුවූයේ පහුගිය දිනයක පැවැත්වූ අමුතු දේව මෙහෙයකදී දේව විශ්වාසය නිසා ලෙඩ සුව වෙතැයි යන පණිවුඩය අසා බෙහෙත්නොගැනීමෙන් මිය ගිය දෙදෙනෙකු පිළිබඳ වාර්ථා වීම නිසා ය.
ප‍්‍රශ්නය මතු කළේ නෙත් එෆ් එම් ගුවන් විදුලිය යි. ඒ ඔවුන් මෙහෙයවන බැලුම් ගල වැඩ සටහනෙනි.
නීතියෙන් තහනම් නොකළ ඒ විශ්වාසය බලය යොදා විනාශ කර දැමීමට භික්ෂුන් ද ඇතුළු පිරිසක් තීරණය කළ බව පසුව වාර්ථා විය. ඒ කොස්වත්තේ ක්‍රිස්තියානි ආගමේ අතුරු නිකායක දේවාස්ථානයකට වැදී කලබල ඇති කිරීමෙනි.
සර්ප විෂට සිංහල වෙදකමෙන් බෙහෙත් නැතැයි කියන්නේ බටහිර වෛද්‍යවරු ය. එහෙත් සර්පයන් කෑ අය සිංහල බෙහෙත් නිසා බේරි ඇතැයි විශ්වාස කරන්නේ ජනතාව ය.
බටහිර වෛද්‍යවරු කියන්නේ ලංකාවෙ ඉන්නා බොහෝ සර්පයින් මාරාන්තික නොවන බව ය. ඒ නිසා මේ හොද වෙනවා යයි කියන්නේ නැති අසනීපයකි. විස සර්පයෙක් දෂ්ඨ කළොත් ඒ බෙහෙත් වැඩ කරන්නේ නැත. ඊළග ලෝකයට ටිකට් ඇදෙනවා සිකුරු ය. සිංහල වෙදකමින් හරි ගියේ නැතැයි කියමින් සර්පයන් දෂ්ඨ කළ ලෙඩ්ඩු ඉස්පිරිතාලයට ගෙනෙන බොහෝ විට සිදුවිය යුතු හරිය සිදුවී හමාර ය. කෙළින්ම ඉස්පිරිතාලෙට ගෙනාවා නම් ගෙදර යාමට හැකියාව තිබූ රෝගියාට ඒ වෙනුවට යන්නට සිදුවන්නේ පරලොවට ය. සිංහල වෙදකමින් අත් වන සෙතය නම් සර්පයා කෑම නිසා ඇතිවන ගැස්ම පමණක් බෙහෙත් පිළිබඳ විශ්වාසය නිසා අඩුවීම ය.
ඉතින් මෙම විශ්වාසය නීතියෙන් තහනම් කළ යුතු ද නැතිනම් මෙ පිළිබඳ දැනුම් දී ජනතාව තුළ අවබෝධය ඇති කළ යුතු ද?
බටහිර පිළිකුල් කරන අය මේ බටහිර වෛද්‍යවරුන් බඩ රස්සාව සදහා ගොතා ඇති කෙප්පයකැයි කිව හැකි ය. ප්‍රශ්නය මතුවන්නේ එතැන දී ය. මේ විශ්වාසය හරි ද වැරදි ද යන්න නිගමනය කළ හැක්කේ කාට ද? සමහර විශ්වාසයන්ගේ හරි වැරැද්ද කිව නොහැකි තරමට විවාදාත්මක ය.
හතර කේන්දරේම පාලුනිසා ළමුන් මහණ කරන්නේ කේන්දර පිළිබඳ විශ්වාසයක් ඇති නිසා ය. අහවල් දරුවාගෙන් තමන්ට අපල යයි දැනගත් විට දරුවා පිට කර හරින්නේ ද විශ්වාසය නිසා ය.
කේන්දර ඔප්පු කර නැති නිසා මෙම ව්‍යාසන දෙකින් දරුවන් ගලවා ගනු වස් අපට කේන්දර තහනම් කළ හැකි ද?
අප අතර අප මෙසේ සඳහන් කළ මෙන්ම නොකළ විශ්වාස ද බොහෝමයක් තිබේ. ඒ නිසා ජනතාවට පාඩු විඳින්නට වූ අවස්ථා බොහෝමයක් ද තිබේ. ඒ පාඩුව සමහරු කර්මයට බැර කරන නිසා නිශ්චය ලෙසම එසේ පාඩුවක් වූවා ද යන තර්කය නැවත නැවතත් නැගිය හැකි ය.
එහෙත් ජනතාව අතර මේ විශ්වාසයන් පිළිබඳව සංවාදයක් අරඹන්නේ නැතිව එක්කෝ නීතියේ බලයෙන් නැත්නම් බාහුවේ බලයෙන් මෙම ව්‍යාසනයන් කර අඹා පාලනය කිරීම හරහා ඒවා සමාජයෙන් තුරන් කළ හැකි ද?
විශ්වාසයක් හරි ද වැරදි ද යන තීරණය ගත යුත්තේ කවුද?
ආණ්ඩුව ද පොලීසිය ද නැත්නම් ගමේ චණ්ඩීන් ද?
ආණ්ඩුව නම් ඇමති වරු ද පාර්ලිමේන්තුව ද පොලීසිය නම් ඒ ඕඅයිසී ද එස් එස් පී ද ගමේ චණ්ඩින් නම් කසිප්පු පෙරන එකා ද නැත්නම් අයි ආර් සී කාරයා ද?
මෙවැනි උත්තර නැති ප‍්‍රශ්න රාශියක් නීතිය යොදා මේවා යටපත් කිරීම සම්බන්ධයෙන් නැගිය හැකි ය. එය එසේ තිබිය දී නීතිය ද ඉක්මවා මේවා බාහු බලයෙන් යටපත් කිරීමේ ප‍්‍රයත්නය අප දැකිය යුත්තේ කෙසේ ද?
විචාර බුද්ධිය මෙහෙයවන්නේ නැති රටකට දෙවියන්ගේ පිහිටවත් ලැබිය නොහැකි ය.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



xmen Said:
on November 6, 2009 at 4:10 am
This should be decided by “women s of beliatta” or over King
http://beyondframe.wordpress.com/2009/09/27/9s27/
පුරාණ දාර්ශනිකයා Said:
on November 6, 2009 at 6:57 am
මිනිසුන් අන්තිමටම බලාරොත්තු සුංවී ඇති විටක, දේව සහ ආගමික විස්වාශ වැනි දේ කරා යෙමුවීම වැලැක්විය නොහැක. මගේ මිත්‍රයෙක් වරක් දියවැඩියා රෝගය උත්සන්නවී බටහිර බොහත් ඉවත දමා සෙත් සාන්ති කරා යොමුවී මියැදීමට ඔන්න මෙන්න කියා තිබියදී බිරිඳගේ මැදිහත්වීම නිසා නැවත බටහිර ප්‍රතිකාර කරා යොමුවී ජීවිතය බේරා ගත්තේය.
මිනිසුන් කොතෙක් උගත්තත්, ඔවුන් තුල ඇති මිත්‍යා විශ්වාසවලින් මුදවා ගැනීමට නොහැතිවී ඇත. සෑම සමාඩයකම එක්තරා පිරිසක් මෙසේ අඳුරේ සිටින අතර ඔවුන් තවත් අඳුරට ඇද දමා වාසි ලබා ගැනීමට පුලපුලා සිටින පිරිසක්ද වේ. සමාජය බේරා ගත යුත්තේ ඔවුන්ගෙනි.
බුද්ධිමය සංවාදයකට නිමිත්තක් හෙලිකළ බියෝන්ඩ් ෆ්‍රේම් ට තුති.
kiripaniaya Said:
on November 6, 2009 at 6:58 am
This is what one of my friend said in his Facebook status.
“There is no difference between those stupid innocents get killed in the hands of faith healers and those freshmen opt to get ragged by the seniors. You made the decision, out of ignorance and misinformation so you pay the price!!!!”
මිගාර Said:
on November 6, 2009 at 10:43 am
වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මිය ගොස් ඇත්තේ වැඩිහිටියන් දෙදෙනෙකු බව පෙනේ. ප්‍රතිකාර නොගැනීම හෝ ගැනීම තීරණය කිරීම ඒ පුද්ගලයන්ට අයත් කාර්යයකි. බලෙන් ප්‍රතිකාර කිරීම කළ නොහැක්කක් මෙන්ම නීති විරෝධි ද වේ. එබැවින් වැඩිහිටියන් සමබන්ධයෙන් ඔවුන්ට කැමති ප්‍රතිකාරයක් ගැනීමට ඔවුන්ට නිදහස ඇත. ප්‍රතිකාර ගන්නේ නැතිව මිය ගියේ නම් ඒ වගකීම ඇත්තේ ද මිය ගිය අය අතමය. නමුත් දරුවන් සම්බන්ධයෙන් නම් child’s best interest යන නියමය යටතේ බලෙන් හෝ ප්‍රතිකාර කළ හැකත තවද දරුවකුට පිලිගත් වෛද්‍ය ප්‍රතිකාර නොදීම ළමා අපයෝජනයක් ද වෙයි. අධිකරණය මෙහිදී ආයුර්වේදය පිළිගත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පිලිගනී. නමුත් යාඥා කිරීම එවැන්නක් ලෙස පිලීනොගනී.
Anon Said:
on November 7, 2009 at 10:19 am
<>
රෝග සුව කරනවා යැයි කියනු ලබන විවිධ ක්‍රම වල පිලිගත් නොපිලිගත් බව විද්යාත්මකව නිර්නය කොට එවා ලියා පදින්චි කිරීමට රාජ්ය ආයතනයක් හෝ පනතක් අපේ රටේ තවම නැතිද?
මිගාර Said:
on November 8, 2009 at 1:18 pm
එවන් ආයතනයක් නැත. බටහිර හා දේශීය වෛද්‍ය සභා වලින් එම වෛද්‍ය ක්‍රම වලට අනුරූපව මෙවන් මිත්‍යා මත පැතිරවීමට එහි සාමාජිකත්වයට ඉඩ නොදෙයි. “හොරුන්” මෙවන් දේ කරන විට එවැනි අයට දඬුවම් නියම කිරීමට තරම් අපේ නීතියේ ප්‍රතිපාදන නොමැත.
Sam Said:
on November 6, 2009 at 2:30 pm
පිස්සු බල්ලන් කෑ රෝගින් සුවකිරීමේ හැකියාව මට ඇත. බල්ලන් සපා කෑ උදවියගෙන් සීයට අනූනමයයී, දසම අනූ නමයකට (දාහට, නමසිය අනූනමයක් ) හොද ප්‍රතිපල ලබා දින හතක් තුල ගෙදර ගොස් ඇත. සියලූම සුවකීරිම් සුදු කරන්නේ පාරම්පරික රහසිගත සිංහල වෙද වට්ටොරුවකට අනුවයි.
දාහට එකක් අවාසනවාන්ත ලෙස සුවකර නොහැකිවන්නේ, ඒ ඇත්තටම පිස්සු තිබෙන බල්ලක් හපා කා සහ, වයිරසය ශරීර ගත වී ඇති නිසායී.
මිගාරගේ කියනමන සැබැ වුවන්ත් එහි අනිත් පැත්ත, යමෙක් ලෙඩ සුව කරනවායැයී ප්‍රචාරනය කරනවානම්, එය සැබැ ප්‍රචාරනයක් විය යුතු නිසායී.