Archive for November, 2009

සුනිල් හදුන්නෙත්තිගේ ප‍්‍රියම්බිකාව දිමු ජයරත්නගේ අතටම හසුවෙයි

පේරාදෙනි සරසවියේ දමිළ ශීෂ්‍යාවක් අත්අඩංගුවට ගැනීම ගැන ජවිපෙ සුනිල් හදුන්නෙත්ති පාර්ලිමෙන්තුවේ ප‍්‍රශ්න කළේ ය.

ඔහු ඇසුවේ කොටි සංවිධානය පරාජය වී ඇති වටපිටාවක ඉතිහාසය අවුස්සමින් මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් සිදුවන්නේ නැවතත් දෙමළ තරුණ තරුණියන් යුද්ධයකට තල්ලු කර දැමීම නොවේ දැයි කියා ය.

දිමු ජයරත්නට වල කජ්ජ ගහන්නට කලින් අගමැති වීමෙ සිහිනයක් තිබේ.

ඒ නිසා මෙම පන්දුවට පැන හයේ පාරක් ගහන්නට මෙ නහින දෙහින කාලේ වුවද තමාට හැකි වෙතැයි සිතා දිමු පිටිය මැදට පැන්නේ ය.

එසේ පැන සිංහ නාද කරමින් කියා සිටියේ පේරාදෙනියේ දමිළ කෙල්ලක වෙනුවෙන් සුනිල් කදුළු සළන්නේ ඇය ඔහුගේ ප‍්‍රියාම්බිකාව නිසා බව ය.

තිස්සනායගම් වෙනුවෙන් කතා කළ අය කොටින් කළ ලසන්ත වෙනුවෙන් හඩ නැගූ අය යූඇන්පී කාරයින් කළ රටක ගැහැණියක වෙනුවෙන් කතා කරන සද හොර මිනිහා යයි නම් පට බැද ගැනීමට සිදුවීම කිනම් අරුමයක් ද?

අපේ ඇමතිවරුන් වන්නේ මෙවැනි පුබ්බරුන් වීම අපේ ගොන්කම කියා නොපාන්නේ ද?

ඒ නිසා ම නිමල් සිරිපාල මහතා කියූ කතාවකින් අපි මෙම සටහන අවසන් කරමු. බත් කන ගොනුන් ඉන්නා රට ලංකාව ය.

චම්පික රණවක කතා කරන්නේ මොන කටින් ද?

ශුද්ධවූ යුද්ධයේ අශුද්ධ දෑ එළිබසිමින් තිබේ.

සරත් ෆොන්සේකාට විරුද්ධව කතා නොකළ යුතු යැයි රජතුමා දුන් උපදෙස් උන්ගේ ගෝල බාලයින් විසින් අමු අමුවේ අවලංගු කරමින් තිබේ (ඒ සදහා පිටුපස දොරින් අවසරයක් ලබා ගත්තා ද යනු දන්නේ රජතුමාත් ගෝල බාලයිනුත් පමණකි).

සරත්‍ ෆොන්සේකා මහතා සිය ධුරය වංචනික ලෙස භාවිතාකරමින් සිය බෑණනුවන්ට වෙඩි උණ්ඩ සැපයිමේ කොන්ත්‍රාත්තුවක් ලබා දී එයින් විශාල මුදලක් උපයා ගැනීමට ඉඩ සළසා දුන්නේ යයි චම්පික රණවක දැන් කියයි.

ඒ පිළිබදව අපට එතුමාගෙන් අසන්නට ප්‍රශ්න කීපයක් තිබේ.

  1. ඔය සියල්ල සිදුවෙනකම් ඔබගේ රජතුමා බලා සිටියේ මන්ද?
  2. එතුමාගේ සහෝදර ආරක්ෂක ලේකම්  බලාසිටියේ මන්ද?
  3. යුද්ධය පිටුපස මහා ජවාරමක් ඇතැයි කෑකෝස්සන් ගැසූ ජනමාධ්‍ය වේදීන්ට දේශද්‍රෝහී ලේබලය අලවා නිහඩ කළේ මන්ද? යුද අවි මිලදී ගැනීම රහස් කටයුත්තක් ලෙස සළකා ඒවා පිළිබද මහජනයා දැනුවත් විය යුතු නැතැයි කීවේ කවුද? එවැනි වාරණ පනවන විට එම මිලදී ගැනීම් ගැන සොයා බැලීමේ අමතර වගකීමක් රජයට නොතිබිණි ද?
  4. මේ අලුගේත්තුරු වැඩේ කළේ සරත් තනියම ද?
  5. ආන්ඩුව මේ ගැන සොයා බලා දැන්වත් වැරදි කළ වුන්ට දඩුවම් දෙයි ද?
  6. බළලා මල්ලෙන් එලියට පනින්නේ පැත්ත මාරු කළ විට පමණ ද?
  7. සරත් පැන්නේ නැත්නම් ඕවා එළියට එයි ද?
  8. සරත්ට විරුද්ධව යුද අපරාධ චෝදනාද යුද්ධයට ආවැඩූ අය අතින්ම ඉදිරියේ මේ අනුව ගොනුවෙනු ඇත් ද?
  9. නිමල් සිරිපාල හෙට අනිත් පැත්තට පැන්නොත් කුප්පිවල ගුල්ලො ඉන්නේ කෙසේදැයි ජනතාවට මේ අනුව දැනගන්නට ලැබෙයි ද?
  10. චම්පික රණවක කතා කරන්නේ මොන කටින් ද?

ඒ අතරේ දෙවියන්ගෙන් ඇසීමට ද ප්‍රශ්න දෙකක් අපට ඇත.

  1. මෙවැනි ප්‍රශ්න අසන්නට තරම් කොන්දක් ඇති මාධ්‍යවේදීන් අපට ලැබෙනු ඇත්තේ කවදා ද?
  2. එවැනි ප්‍රශ්න බිය නැතිව ඇසිය හැකි දේශයක් බිහිවන්නේ කවදා ද?

ඇමරිකානු සගයෙකුගෙන් අපට ලැබුණු ප්‍රතිචාරයක්

There are two visions of America. One precedes our founding fathers and finds its roots in the harshness of our puritan past. It is very suspicious of freedom, uncomfortable with diversity, hostile to science, unfriendly to reason, contemptuous of personal autonomy. It sees America as a religious nation. It views patriotism as allegiance to God. It secretly adores coercion and conformity. Despite our constitution, despite the legacy of the Enlightenment, it appeals to millions of Americans and threatens our freedom.

ඇමරිකාවට දර්ශන දෙකක් තිබේ. එකක් ශුද්ධවූ අතීතයේ දරදඩු මූලයන්ගෙන් උපත ලද එකකි. අපගේ අතීත මුතුන් මිත්තන්ගේ උරුමය ලෙස එය අප මත පැටවුනු එකකි. එය මානව අයිතිවාසිකම්වලට සතුරු වූ ද පුද්ගල නිදහසට එරෙහි වූ ද හේතුඵල පැහැදිලිකිරීම් වලට මෙන්ම විද්‍යාවට පසමිතුරු වූ ද විවිධත්වය දෙස වපරැසින් බලන්නාවූ ද නිදහස සම්බන්ධයෙන් සැක සාංකාවෙන් පසුවන්නා වූ ද එකකි. එය ඇමරිකාව දකින්නේ ආගමික රටක් ලෙස ය. දේශප්‍රේමය දකින්නේ දෙවියන්ට කරන කැප කිරීමක් ලෙස ය. එය රහසින් සියල්ල බලහාත්කාරයෙන් පටවන ලද සම්මුතියකට අවනත කරවයි. එය අපගේ ව්‍යවස්ථාවට විරුද්ධවුව ද අපගේ දැනුවත් භාවයට ප්‍රතිපක්ෂ වුව ද අපගේ නිදහසට තර්ජන ඇතිකරමින් තවමත් අතිවිශාල ඇමරිකානු ජන සංඛ්‍යාවක‍ගේ හදවත් තුළ තවමත් නොනැසී පවතී.

The other vision finds its roots in the spirit of our founding revolution and in the leaders of this nation who embraced the age of reason. It loves freedom, encourages diversity, embraces science and affirms the dignity and rights of every individual. It sees America as a moral nation, neither completely religious nor completely secular. It defines patriotism as love of country and of the people who make it strong. It defends all citizens against unjust coercion and irrational conformity.

ඉතිරි දර්ශනය උත්පාද වන්නේ අ‍පගේ ඇමරිකානු ජාතිය උපත ලද විප්ලවය තුළින් හා හේතුවාදීත්වය වැළද ගත් අපගේ නායකයින් තුළින් ය. එය නිදහසට ආදරය කරන අතර විවිධත්වයට අනුබල දෙයි. එය විද්‍යාව වැළදගන්නා අතර සෑම පුද්ගලයෙකුගේම අයිතීන් හා අභිමානයන් වෙනුවෙන් පෙනී සිටියි. එය ඇමරිකාව ආචාර ධර්ම සහිත රටක් ලෙස තනිකරම ආගමික නොවූත් තනිකරම ආගමින් වියුක්ත නොවූත් රටක් ලෙස දකියි. දේශප්‍රේමය රට ගැන ආදරය දැක්වීමක් ලෙස ද රට වෙනුවෙන් වැඩකරන්නන් කෙරෙහි ආදරය දැක්වීමක් ලෙස ද නිර්වචනය කරයි. එය අසාධාරණ ලෙස බැදතබා ගැනීමට හා අහේතුක සම්මුතීන්වලට යටත්වන්නට කරන මැදිහත් වීම් වලින් ජනතාව රැක ගනී.

This second vision is our vision. It is the vision of a free society. We must be bold enough to proclaim it and strong enough to defend it against all its enemies.

අප කැමති මේ දෙවැනි දර්ශනයට ය. එය නිදහස් සමාජයක දර්ශනයයි. එය වෙනුවේන් පෙනී සිටිමට අප නොබියව ඉදිරිපත් විය යුතු අතර එය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට තරම් අප ශක්තිමත් විය යුතු ය.

ඉහත දැක්වූයේ ඇමරිකානු සග‍යකුගෙන් අප ලද ප්‍රතිචාරයකි. අප රටේත් ඔය කියන දර්ශන දෙකම තිබේ. වෙනසකට ඇත්තේ අප රටේ ප්‍රධාන මතවාදය මුල් එක වීමත් ඇමරිකාවේ එය සැගව මුලුගැන්වී පැවතීමත් ය. අප සගයා කියන්නේ සැගව මුලුගැන්වී තිබුන ද එය ඉස්මතු නොවී යට කර තැබීම අරගලයක් බව ය.

අප අරගල කරන්නේ ලංකාව තුළ දෙවැනි දර්ශනයේ ජයග්‍රහණය වෙනුවෙනි. එය දැන් ඇත්තේ ප්‍රධාන ධාරාවේ චින්තනය විසින් පාගා යට කර ගෙන ය.

දියුණුවේ “දේශප්‍රේමී” මාවත

සෑම දෙයකටම ඔලුව වනන්න. ඕනෑම දෙයකට මෝඩපාට් එකක් පෙන්වා මද සිනහ පාන්න. අහක යන පරිප්පුවක් නම් තමන්ට හරියට වැටහුනේ නැතැයි වගේ ඉන්න.

බැරිම වුනොත් ඔව් බලාගෙන ගියහම ඒකෙත් ඇත්තක් නැත්තෙම නැහැ කියල කියන්න.

මමයි මගේ ගෑණියි පොල්මුදලාලියි රැකුණොත් ඇතැයි සිතන්න. ඒ වුනත් පෝයට පන්සල් යන්න. ගිහිල්ල සියලු සත්වයින්ට (දෙමලුන්ට කොටින්ට එන්ජීඕ කාරයින්ට හැර ඉතිරි අයට) මෙත් පතුරවන්න.

පෝයට කරන්න වැඩක් නැතිනම් සීල් පාරක් දාගන්න (සිල් මොකද සීල් මොකද? පුංචි වටිනාකමක් නැති බිංදුවක වෙනස නොවැ!). හැබැයි මතට තිත තියන ව්‍යාපාරය වෙනුවෙන් ඔබේ නොමසුරු වදන් නොමසුරුව වියදම් කරන්න මතක තියා ගන්න (සල්ලි නම් වියදම් කරන්න ඕන නැහැ!).

පෝය දවසට මස්මාලු නොකා ඉතිරි දවස්වල යහමින් කන්න.

ලග තියෙන දේවස්ථානයකට ගහන්න යන හෙළ උරුමයේ කට්ටියක් දැක්කත් උන්ට එකතු වෙන්න යන්න එපා. ඒ වුනත් පැත්තක හැංගිල ඉදල හොද විසිල් පාරක් ගහන්න. අපිත් එන්නම් මෙන්න එතකං කියල යන කට්ටියට පොල්ලක් එහෙම හොරෙන් සප්ලයි කරාට අවුලක් නැහැ. වැ‍ඩේ දෙන හැටි ඇත ඉදල (මතක ඇතිව ඈත ඉදල) බැලුවට කමකුත් නැහැ.

රටේ ලෝකේ වෙන දේවල් වලට කම්මුලේ අත ගහගෙන අනේ කරුමේ කියා කම්පා වන්න (වෙන මුකුත් කරන්න යන්න නම් එපා!).

ආණ්ඩුවෙ රස්සාවක් කරනවා නම් සල්ලි එන සයිඩ් බිස්නස් එකක් හරි කරගන්න. ඒ අතරෙ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තිය සමිතියකටත් සෙට්වෙල ඉන්න (හදිසියෙන් අස්කරොත්? සූදානම් සරීරෙ කියල). බිස්නස් කාරයෝ ඔන්න සූරාකනවා කියා පොඩි හඩක් නගන්න.

පිදුරු සෙවි කළ පැල්පතෙ ඇති සාමෙ නැත මහමන්දිරේ කියල සින්දු කියන ගමන් හොද ගේක ජීවත්වෙන්න.

දේශපාලනය නොකරතත් දේශපාලනය කරන කෙනෙක් ලගින් ඇසුරු කරන්න. ඒ අයට එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරයන්ට වගේ සළකන්න. කොන්ත්‍රාත් එකක් පර්මිට් එකක් වගේ යාලුවගෙන් ඉල්ල ගන්න අමතක කරන්න එපා!

ටිකක් වියදම් කරල හරි ජාතික පාසැලකට ළමයාව දාගන්න බලන්න. අවංකව බැරි නම් වංක වෙන්න.

හොරෙන් හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න. ළමයින්ටත් හොරෙන් හරි ඉංග්‍රීසි උගන්වන්න. තල්ලුවක් දීල හරි ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවාට උගන්වන්න බලන්න.

සුද්දන්ට පලු යන්න බණින්න. මෙහෙම ගියොත් සිංහල වද වෙන්න පුලුවන් යයි කියල කම්මුලේ අතත් ගහගන්න.

පුලුවන් නම් පස්සෙ කාලෙක හරි ජාත්‍යන්තර පාසලකට ළමයා ඇතුළු කර ගන්න. නිදහස් අධ්‍යාපනය ගැන බොරු ටෝක් දෙන්න.

ඒ මොහොකට ඇතුළු කළත් ළමයින් ටියුෂන් යවන්න. ඉරිදා ටියුෂන් තහනම් කරන්න කියල කැගහන්න. ඒත් ඉරිදා ක්ලාස් එකක් තියෙනවනම් දහම් පාසල අමතක කරල යවන්න.

ලන්ඩන් ඒ ලෙවල් කරවන්න. සල්ලි තියෙනවනම් පිටරට සරසවියකට හරි උගන්වන්න යවන්න. බටහිර යුදෙව් ක්‍රිස්තියානි මතවාදයට මදි නොකියන්න දෙන්න.

සංක්‍රමණය වෙන්න උත්සහ කරන්න. නැතිනම් පිටරට රස්සාවක් හරි හොයා ගන්න. සහතික නැත්නම් හොර පාරෙන් සහතිකයක් ප්‍රින්ට් කර ගන්න.

තමන්ට බැරි නම් ගෑණිව හරි යවන්න. ගෑනු රට ගියහම පවුල් කඩාකප්පල් වෙනව කියල කියන ගමන් අල්ලපු ගෙදරට සෙට් වෙන්න.

පුලුවන් නම් ඇමරිකාවෙ ග්‍රීන් කාඩ් එක ගන්න. අධිරාජ්‍යවාදීන් අපේ සෛවරීයට අත තියෙනව කියල පොඩ්ඩක් කිති කැවුනා වගේ කෑ ගහන්න.

පිටරට යන අපේක්ෂා සාර්ථක වෙන්න කියල බෝධිපූජා තියන්න. ඒ සදහා වැස්ස දවසක යන්න වුනොත් ‍කුඩයක් ඉහලාගෙන ගොස් බෝධිය නාවන්න. තෙමෙන්න නම් එපා.

පිටරට කියන්නෙ මියන්මාරය වගේ හාල්පාරු රටවල් නොවන බවත් ඇමරිකාව යුරෝපය කැනඩාව ඕස්ට්‍රේලියාව වගේ රටවල්බව හොදින් මතක තබා ගන්න. බැරිවෙලාවත් මියන්මාරයට ග්‍රීන්කාඩ් ඉල්ලන්න එපා, ඒ වෙනුවෙන් ගීතිකා ගායනා කරත්!

ඔය ඔක්කොම කරන අතරෙ ජාතික කොඩියක් එහෙම දාල පොඩි ආතල් එකක් එහෙම ගන්න. (ඒකට කමක් නැහැ. ඇත්තටම කියනවනම් ඒක කැපයි!)

යුද්ධය අවසන් වීමේ (සාමයේ) උන්ගේ ඛේදවාචකය හා අපගේ භාග්‍යය

යුද ජයග‍්‍රහණයක් රටට ලබා දුන් සරත්ෆොන්සේකා එයින් නොනැවතී දැන් ජනතාවට සහන මලු පිටින් ලබා දීමට පටන් ගෙන ඇත.

මුලින්ම ලද්දේ මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය මල්ලකි.

මෙ වන විට විශ‍්‍රාමකයින්ගේ දීමනාව පමණක් නොව රජයේ සේවකයින්ගේ ජිවන වියදම් දීමනාව ද අරන් දීමට එතුමා සමත් වී ඇත. එපමණක්‍ නොවේ. අනියම් කම්කරුවන් ස්තිර කිරීමට ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි.

තව පටන් ගත්තා විතරය. එතුමාගේ පිනෙන් තව බොහෝ දේ ලැබීමට නියමිත ය.

සරත් ආණ්ඩුවේ මැතිවරණ ගහ හොල්ලා ඇත. ඇත්තටම එය ඔසවා ගෙන සිටින උන්ගේ දණිස් හෙලවෙන නිසා දැන් ගහ ද හෙල්ලෙයි. දැනට ඇත්තේ වැටෙන ඒවා අහුලා ගැනීම ය.

සමහරවිට ජනපතිවරණය හෝ මහමැතිවරණය වෙනුවට ප‍්‍රාදේශීය සභා මැතිවරණයක් ලැබෙන්නට ද ඒ අනුව ඉඩ තිබේ.

සාමය දිග හැරෙන විට එල්ටීටීය කැඩුනේ හරි මැදිනි. එය කරුණාගේ වෙන්ව යෑමෙන් සනිටුහන් විය. එල්ටීටීයේ අවපාතය ඇරඹෙන්නේ එයිනි.

යුද්ධය ඉවර වෙන විට මෙහේද දෙකට කැඩීමක් වූයේ ය. දකුණේ දිග ඇරෙන අනාගතය දිහා ද අපි බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටිමු.

යුද්ධයේ පාර්ශවකරුවන් එකම ඉරණමක ගොදුරු බවට පත්වීම අප සැළකිය යුත්තේ ස්වභාව ධර්මයා විසින් දෙනු ලබන පොදු දඩුවමක් ලෙස ද? සාමයේ ආශිර්වාදයක් ලෙස ද?

ආගම යනු මිනිසා මත් කරවන මත් ද්‍රව්‍ය‍යයකි! එය වෙනත් මත්ද්‍රව්‍යවලට ද වඩා විස සහිත ය!

බෞද්ධයො පින් කරන්නෙ දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන. පව් නොකර ඉන්නෙ අපායෙ නොගොහින් ඉන්න.

ක‍්‍රිස්තියානි කාරයො පින් කරන්නේත් පව් නොකරන්නේත් ඹය වගේම තමන්ගේ ආත්මාර්ථය සඳහා.

ඕනම ආගමක් ගත්තොත් ඕක තමයි ඇත්ත. ස්වාර්ථය විතරයි අන්තිමේ ආගම් කාරයො ලග ඉතිරිවෙන්නෙ.

ආගම්ක් අදහන මිනිස්සු ආගමේ නාමෙන් එකතු වෙන්නෙ තමන්ගේ පුද්ගලිකවාසියට!

ආගම කියන්නෙ තමන්ගෙ ආත්ම ලාභය පිණිස ෙයාදාගන්න පුලුවන් තවත් ෂෝට් කට් එකක් විතරයි.

මම ආගමක් අදහන කෙනෙක් නෙවෙයි. මං පව් නොකරන්නේ ඒකෙන් මං වගේම මිනිහෙකුට නපුරක් වෙන නිසා මිසක් ඔය වගේ ආත්මාර්ථයෙන් නෙවෙයි. මං පින් කරන්නේ තවත් මිනිහෙක්ට එයින් සතුටක් සොම්නසක් ඇති වෙන නිසා මිසක් දිව්‍ය ලෝකෙ යන්න නෙවෙයි.

ආගම් අදහන තොපි ද ආගම් නොඅදහන අපි ද හොඳ?

අපේ ගෙදරට ගොඩ වැදුණු සගයෙක් මට එරෙහිව මෙම අවලාද නැගුයේ මා බෞද්ධයකැයි කීවිට ය.

ඔහු ඉන් නතර වුනේ නැත.

ලෝකේ අපරාධ මිනීමැරීම් බොහෝමයක් වෙලා තියෙන්නෙ ආගමෙ නාමයෙන්! යුද්ධ වුනත් එහෙමයි.

ආගමික විශ්වාස වලට විරුද්ධව ගිය කීදෙනෙකුට මරණය උරුම කරල දුන්නු ආගමික මධ්‍යස්ථාන කොච්චර තිබිල තියෙනව ද?

ආගම කියන්නෙ අබිං වගේ එකක්. ඒකෙන් මත් වුන එකා අබිං ගහල මත්වුනාට වඩා දරුණු යි.

මතට තිත තියෙනව නම් ඉස්සෙල්ලම තියන්න ඔන ආගම්වලට!

එනපොට හොඳ නැත. කළ හැකි හොඳම වැඩය උත්තර දිය හැකි කෙනෙකුට මෙ ගෝත කරුමය පටලවා මාරු වීම ය. මං දැන් මෙ කරන්න හදන්නේ ඒක ය.

Prince Sri Lanka රටෙ සියලු ගැහැණුන්ට පර්දාව අන්දන්නට සූදානම් වෙයි!

අපේ බ්ලොග් සගයෙකු අපූරු සොයා ගැනීමක් කර තිබෙ. ඒ ප‍්‍රින්ස් ශ‍්‍රීලංකා ය. ඒ අපූරු සොයා ගැනීම පහත දැක්වෙ.

“වනචර, කුපාඩි, අවජාතක මාධ්‍යකරුවනි, කාන්තාවන්ගේ කකුල්, බඩ, පපුව පෙන්වීම නවත්වනු. කාන්තාවන්ගේ ඇඟ පෙන්වීම නවත්වනු. කුණුහරුප කතන්දර ප්‍රචාරය කිරීම නවත්වනු. මාධ්‍යකරුවනි, දැරියන් දූෂණය කිරීම නවත්වනු. මෙච්චර කාලයක් ස්ත්‍රී දූෂකයන්ව හිරේ දැම්මෙ අපිට වැරදිලා. තොපි තමයි නියම ස්ත්‍රී දූෂකයෝ. ඔව්, තොපි තමයි දැරියන් දූෂණය කරවන්නේ…”

ඔහුට අනුව ස්ත‍්‍රී දූෂණය සිදුවන්නේ ගැහැණුන්ගේ ඇග පත දැකීම නිසා ය. ඒනිසා කළ යුත්තේ ඒවා මාධ්‍යවල නොපෙන්වා සිටීම ය.

මෙ ගැන අප කලින් බොහෝ දේ ලියා ඇතත් මෙවර මෙය මතු කරන්නේ මෙ තුළ මාධ්‍යයන්ට එරෙහි මර්දනයේ හස්තයක් ද තිබෙන නිසා ය.

මෙය තමන් අකමැති මාධ්‍යයකට විරුද්ධව මිනිසුන් මෙහෙයවීම සදහා මෙන්ම තමන් අකමැති කලා කරුවෙකුට විරුද්ධව මිනිසුන් මෙහෙයවීම සදහා ද භාවිතා කළ හැකි බැවිනි.

ගැහැණුන්ගේ ඇග පත දැකීමෙන් පරල වන පිරිමින් ඉන්නා මෙ දිවයිනේ ගැහැණුන්ගේ ඇග උඩ සිට පහළට වසා දැමිය යුතු ය.

ඒ අනුව මා යෝජනා කරන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම රටෙ සියලු ගැහැණුන්ට ඇන්දවිය යුතු බව ය.

ඇත්තටම ප‍්‍රින්ස් ව්‍යාංගයෙන් නමුත් කියන්නේ ඒක ය.

ඇත්තටම ප‍්‍රින්ස් තරුණයාට සිදුව ඇති අභග්ගය නම් මුස්ලිම් මිනිසුන්ට බැණ බැණ උන්ගේ ගැහැණුන්ගේ ඇදුම තමන්ගේ ගෑණුන්ටත් ඇන්දවීමට සිදුවීම ය. මෙයින් පෙනෙන්නේ දේශපේ‍්‍රමීන්ගේ මොළ කොළොප්පම් වී ඇති තරම ය.

රැස්ව සිටි ජනතාවගේ තීන්දුව ජනාධිපතිවරණයක් වූයේ ඇයි?

සමුළුවේ දී කලින් එන මැතිවරණය කුමක්දැයි ජනතාව ඉදිරියේ තබන බවට පොරොන්දුවක් විය. එහෙත් ඒ පොරොන්දුව ඉෂ්ට නොවුනු අතර ඒ වෙනුවට ජනතාවගෙන් ඒ පිළිබ්‍දව විමසන ලද්දේ ය.

ජනතාව එක හඩින් කීවේ ජනපතිවරණය කලින් පැවැත්විය යුතු යයි කියා ය.

මෙසේ වූයේ ඇයි ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයකි. අප ඉන්නේ එවැනි ප්‍රශ්නයකදී උත්තර දීමට ය. ඉදින් උත්තර සොයා ගෙන ගිය අපට ලැබුණු උත්තර මෙසේ ය.

  1. ජනතාවට නව ජනපති කෙනෙක් අවශ්‍ය ය. එය කළ හැක්කේ ජනපතිවරණයක් පැවැත්වුවහොත් පමණ ය. නැත්නම් අඩුවශයෙන් තව වසර දෙකක් මහින්ද ජනපති හැටියට තබා ගැනීමට සිදුවේ. එය කීයටවත් සිදු නොවිය යුත්තකි.
  2. එලවා ගන්නට බැරිනම් අඩු වශයෙන් මහින්ද රජකරන කාලයවත් ඒ මගින් අඩුකර ගත හැකි බැවින් ජනතාව එසේ කියන්නට ඇත.
  3. ජනතාව සරත් ‍ෆොන්සේකා ජනපතිවරණයට එන බව ඒ වන විට සැකයකින් තොරව දැන සිටියෝ ය. එතුමාටත් අවස්ථාවක් දිය යුතු යයි ජනතාව කල්පනා කළ බව පෙනේ. එසේ නැතහොත් සිදුවන්නේ සරත්ගේ විශ්‍රාම යාම අ‍පතේ යෑම ය. එය වළක්වා ගත හැකි එකම ආකාරය ජනපතිවරණයකට යාම ය.
  4. රජගෙදර සිරිත උත්තර සපයා ඉන්පසු ප්‍රශ්නය ජනතාවට පෙනෙන්න නැගීම ය. එතකොට කලින් කියා දුන් උත්තරය මේ දැන් ඇසූ ප්‍රශ්නයට එවෙලේ කල්පනා කළ උත්තරයක් මෙන් දීම රගපාන අයගේ කාර්ය යයි. ජනපතිවරණය පවත්වන ලෙස පාක්ෂිකයින් ලවා කියවාගැනීමෙන් පෙනී යන්නේ සරත් ෆොන්සේකාගේ පැමිණිමට ශ්‍රීලනි පාක්ෂිකයින් තුළ බියක් නොමැති බව පෙන්වීමට රජවාසලට ඕනෑ වූ බව ය.
  5. කියනවා යයි කී දේ කියා ගන්නට බැරිව සිටි නිසා මොකක් හෝ සෙප්පඩ විජ්ජාවක් පා එය වසා ගැනීම කළ යුතුව තිබිණි. ජනතා අදහස් විමසීම ඒ සදහා හැදූ නාටකයේ කොටසකි. එක හඩින් ඔවුන් ජනපතිවරණය යයි කීවිට එයින් නැගෙන විශ්වාසය නිසා ජනපතිවරණය පවත්වනවා යයි නොකීමේ අඩුව වැසේ. රැස්ව සිටි ජනයා ලවා ජනපතිවරණයකැයි කියවා ගත්තේ ඒ නිසා ය.
  6. මහමැතිවරණයකට යාමෙන් තියෙන ටිකත් නැතිවේ යැයි බියක් ශ්‍රීලනි පාක්ෂිකයින් තුළ ඇත. ඇමතිවරු සුරසැප වින්දා මිස කළ කී දෙයක් නැත. වරෙල්ලාකො දෙන්නම් බැටේ යයි ජනතාව හිතන බව පාක්ෂිකයෝ දනිති. උන් ජනපතිවරණය ඉල්ලුවේ ඒ නිසා ය.
  7. එකෙක් අත ඉස්සූ නිසා අනිත් උනුත් ඒවාලේ අත ඉස්සූවා මිසක් ඔය එක සංගෙඩියක්වත් ගැන උන් හිතුවේ නැත.

ඔයින් හරි කුමක් දැයි දන්නා ජගතෙක් වෙතොත් ලියා එවන්න.

ඊළග ප්‍රශ්නය ඊළගට පැවැත්වෙන්නේ කුමක් දැයි කියනවා කියුව ද එය නොකී හේතුව කුමක් ද යන්න ය. ඉදිරි බ්ලොග් සටහනකින් ඒකටත් උත්තර අර ගෙන ම හමුවෙමු.

මැතිවරණ කොමසාරිස් තුමනි, දැන්ම ඉල්ලුවොත් ඔබතුමාත් ගොඩ ය!

දැනට වසර හතරකට පෙර නව ජනපති පදවිප‍්‍රාප්ත උළෙලේ දී අඩා වැටුනු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා බැගෑපත් ඉල්ලීමක් කළේ ය. ඒ ඉල්ලිමෙන් එතුමන් කියා සිටියේ ඒ වනවිටත් තමන් විශ‍්‍රාම යන වයස පසුකර ඇති හෙයින් තමන්ට විශ‍්‍රාම යාමට ඉඩකඩ සළසා දෙන ලෙසයි.

වසර හතරක් ගත වීත් ඒ අවස්ථාව සළසා දීමට ජනපති අපොහොසත් විය. එසේ වුවද එවැනිම වසර හතරක් විශ‍්‍රාම වයස ඉක්මවා සිටි සරත් ෆොන්සේකා මහතා ඉල්ලූ සැණින් (ඉල්ලූ දින තෙක් ද ඉන්නේ නැතිව වහාම ක‍්‍රියාත්මක වන පරිදි) එතුමාට විශ‍්‍රාම යෑමට අවස්ථාව ලබා දීමට තරම් ජනපති කාරුණික විය.

සමහර විට දයානන්ද දිසානායක මහතා මතක් නොකළ නිසා ජනපතිටත් අමතක වූවා වන්නට බැරි නැත.

දැන් අවස්ථාව දයානන්ද දිසානායක මහතාට ය. ඇත්තටම විශ‍්‍රාම යන්නට හිතක් තවමත් තිබෙයි නම් ඒ ගැන ඉල්ලීමක් කරන්නට මෙම මොහොත තරම් මොහොතක් තවත් නැත. එයි ද කියා ද සැක සහිත ය.

ඒ නිසා පය ඉක්මන් කර ඉල්ලීමක් කරන්න යැයි එතුමාට මතක් කර දීම අපගේ යුතුකම ය.

රට වෙනුවෙන් සේවය කරන උතුමන්ලාට අප කොහොමත් ආදරෙ ය.  ඉතින් මැතිතුමනි  ලද අවස්ථාව ඉක්මයන්නට මත්තෙන් ප‍්‍රයෝජන ලබා ගන්නට ඔබ නොබා ඉදිරිපත් වනු ඇතැයි අපි සිතමු.

පුංචි පරහකට ඇත්තේ වැඩක් නැති ආක්ෂක මාණ්ඩලික තනතුර මෙන් නොව ඔබ දරණ තනතුරට ඉදිරියේ වැදගත් වැඩ දෙකක්ම පැවරි තිබීම ය. වෙන කොහේ හෝ වැඩ කරන කෙනෙකුට වැඩ බලන්නට කියා ඇද ගෙන යා හැකි ආරක්ෂ ක මාණ්ඩලික නිලධාරී තනතුර වගේ මැතිවරණ කොමසාරිස් පදවිය බොල් එකක් නොවන නිසා අනුප‍්‍රාප්තිකයෙකු හොයන එක ගැටලුවකි. ඊට අමතරව ඔබෙන් පසු ඔය තනතුර බාර දීම සදහා පුද්ගලයෙක් නොව ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කළ යුතු යැයි සමහරු කියති.

එහෙම නම් වැඩෙ හබක් ය.

ඒ වුනත් ඉල්ලීමක් කිරීමෙන් පාඩුවක් නොවන නිසා කර බලන්න (nothing like trying) ය. ජනපති තුමාට හදිසියේම හිතක් පහල වී ඔන එකක් කියා ඔබෙ විශ‍්‍රාමයටත් අවසර දෙන්න බැරි නැත.

සරත් ෆොන්සේකාගේ අස්වීමේ ලිපිය

මෙම ලිපියේ වඩාත් වැදගත් කාරණා හතරක් සරත් මතු කර තිබේ

1.   අපි යුද්ධය දිනා රට නිදහස් කර දුන්නෙමු. එහෙත් සාමය දිනාගැනීම දේශපාලන කටයුත්තකි. එය බරපතල ලෙස අමතක කර දමා තිබේ. ඒ සදහා දෙමළ ජනතාවගේ හදවත් දිනා ගත යුතු ය.

2.  අපි එල්ටීටීයේ මර්දනකාරී හස්තයෙන් දෙමළ ජනතාව බේරා ගත්තෙමු. එහෙත් රජය විසින් අමානුෂික තත්වයන් යටතේ උන් හිර කර තබා තිබේ.

3.  යුද්ධය දැන් අවසන් ය. එහෙත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ජනතාවට ලබා දීමේ කටයුතු කිසිවක් සිදු කර නැත.

4.  යුද්ධය අවසන් ව ඇතත් රටේ සංවර්ධනය නිසි ලෙස සිදුවෙතැයි කිව නොහැකි ය. දූෂණ හා නාස්තිය ඉවත්කර නිදහස් කර ගත් රට සංවර්ධනය වනු දැකීම ජනතාවගේ පැතුම ය.

මේ නම් යුද්ධය මෙහෙයවූ සරත් නොවේ. ඒ සරත් හංගා වෙන සරත් කෙනෙක් ප්‍රාදුර්භූතවී තිබේ ද? දළඹුවා සමනලයෙක් වී තිබේ ද? ප්‍රශ්නයක් පමණක් නගා අපි නිහඩ වෙමු.

අප කතා කළ කාලය අවසන් වෙමින් තිබේ. ජනතාව අප අවසන් කළ තැනින් කතාව පටන් ගන්නවා ඇත. සරත් හරහා එළියට පැමිණෙමින් තිබෙන්නේ ඒ හඩ ද? නිගමනයන්ට බැසීමට තවම ඉක්මන් වැඩි ය.

« Previous entries