මොනරාගල බෝ අත්තක් කඩා වැටී මිනිසුන් මැරුණේ නැත. හුස්ම නතර වී ගියා පමණකි.
දෙනියායේ මාලිගාවක් ඉදිකර නැත. ඉදිකර ඇත්තේ කුඩා ගෙයකි.
ඒ පුංචි ගෙට යාමට සමහරු කියන පරිදි රන් අතුළ මාවතක් ඉදිකර නැත. රජයේ මග නැගුම ව්‍යාපාරය යටතේ ‘නිවසටම පාරක්’ යන මහින්ද චින්තන සංකල්පය යටතේ කරනා ජනතා සත්කාරයක් ඉටු කර තිබෙනවා පමණකි.
මග නැගුම සභාපති සුඛෝපභෝගී හෝටලයක කාමරයක් කුලියට ගෙන කාමර කුලිය ලෙස ලක්ෂ දෙකක මුදලක් මහජන සල්ලිවලින් දිනකට නාස්ති කරන්නේ යයි කියන්නේ කරුණු සොයා නොබලා ය. එතුමා සිය නවාතැන් ගාස්තු සදහා වැය වන නිශ්චිත පිරිවැයක් භාණ්ඩාගාරයෙන් නීත්‍යානූකූලව පරිපූරණ කරනවා පමණි.
ඌව පළාත් සභා මැතිවරණයේදී එකතු කළ මහජන දුක්ගැනවිලි කුණුගොඩක තිබී සම්භ වූයේ නැත. දුක්ගැනවිලි ගොඩ ලග කවුද කුණු දමා ගොස් තිබුනේ ය.
නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අනර්කලී නගා ට හෝ සජීන් ද වාස් මස්සිනාට නරක කිසිවක් කීවෙ නැත. කීවෙ හාද්දක් දෙන්නට කැමැත්තෙන් සිටින බව පමණකි.
ජවිපෙ මැතිවරණ කාර්යාලයන්ට කවුරුන්වත් පහර දී නැත. ඒවා පහුගිය දවස්වල හමාගිය සුලගට ඉදිරී වැටී ඇත. ඕනෑවට වඩා ලොකු බැනර් කටවුට් ගහගත්තහම සුළගට වුවත් රුස්සන්නේ නැත.
මත්පැන් දැන් අලෙවි වෙනවාය කියන්නේ පදනමක් නැති කතාවකි. මතට තිත තියා ඉවර ය.
කුරුණෑගලදී වෑන්රථයක බෝම්බයක් පිපිරී නැත. වෑන් රථයේ පිපිරීමක් නම් සිදුව තිබෙ.
රංග බණ්ඩාරගේ නිවස හා කාර්යාලය පුච්චා නැත. එය ඔක්සිකරණය වී තිබේ. එහිම ප්‍රථිඵලයක් ලෙස කාබන්ඩයොක්සයිඩ් පිටවී ඇත.
දකුණේ දන්සැල් දෙනවා ය කියන්නේ බොරුවකි. එහි ඇත්තේ සල්පිල් හා මගුල් මඩු ය. ඒවා තුළ සිදුකරන්නේ අල්ලස් දීම නොවේ. ආගන්තුක සත්කාර ය.
ජීඇස්පී නොදෙනවා ය කියන්නේ බොරුවකි. එය දෙන්න ලෑස්ති කරලා තියෙනවා ය. දෙන එක දෙන්නේ නැතිව උන් කොමල පානවා පමණකි.
වන්නියේ ජනයා හිර කර රදවා තබා ගෙන නැත. උන් අවතැන්වී ඇති නිසා කැමැත්තෙන් එහි පසුවෙති. කම්බි ගසා මුරකාවල් දමා ඇත්තේ කොටින්ගෙන් එල්ලවිය හැකි හදිසි ආක‍්‍රමණයකින් උන් ආරක්ෂා කර ගැනීමට ය.
බඩුමිල ඉහළ ගොස් නැත. සංශෝධනය වූවා පමණි.
රැකියා හිගයක් නැත. ඇත්තේ ඇබෑර්තුවල අඩුවක් පමණි.
ඥාතී හිතමිත්‍රාදීන්ට ආණ්ඩුව සළකනවාය කියන්නේ බොරුවකි. විශ්වාසවන්ත දැනමත් පරීක්ෂා කර බලා සුදුසු යයි සැක හැර දැනගත් පිරිස්වලට තනතුරු ලබා දෙනවා පමණකි.
(ඉහත අභ්‍යාසය හෙට අනිද්දා රූපවාහිනි ප‍්‍රවෘත්ති මැදිරියට යාම සදහා ඉල්ලුම්පත් ඒවා ඇති අයගේ ප‍්‍රයෝජනය පිණිස මහින්ද අබේසුන්දර හා හඩ්සන් සමරසිංහ එක්ව පැවැත්වූ ටියුෂන් පන්තියකින් සොයා ගන්නා ලදී)


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



kirimama Said:
on October 6, 2009 at 3:05 am
super!
ජේ ආර් Said:
on October 6, 2009 at 3:33 am
දුක්ගැනවිලි ගොඩ ලග කවුද කුණු දමා ගොස් තිබුනේ ය. -Cool -
මම මචන් Said:
on October 6, 2009 at 3:42 am
පට්ට!
ගයන්ත Said:
on October 6, 2009 at 4:38 am
සිරා…
ITN News වගේ…
Modern-Traitor Said:
on October 6, 2009 at 4:42 am
පෙර උන් බඹුන් දුන් විවරණින් අපිටත් රජෙක් පහලව ඇතේ…
.
.
.
සිංහයා ඔබ.. රන් කඩුව සුරතේ දැරූ….
.
.
.
.
මගේ රටට දලදා හිමි සරණයි…
.
.
මගේ රටට දලදා හිමි සරණයි…
.
.
මගේ රටට …?
Uraj Deemantha Said:
on October 6, 2009 at 5:05 pm
Hikz….. පට්ට ප‍්‍රවෘත්ති
S.C. Said:
on October 7, 2009 at 12:40 am
මේවා ප‍්‍රවෘත්ති වෙන්නෙ කොහොමද?
මේවා ප්‍රභාකරන්ට කත් අදින ඩොලර් කාක්කන්ගෙ “අධිසාමාන්‍යකරණය” කිරීම් පමණයි. රට සුඛිත මුදිත වෙලා ඉවර නිසා දැන් පාලක පැලැන්තිය සුඛිත මුදිත කරවන ව්‍යාපෘතිය පටන් අරගෙන තියෙන වග පේන්නෙ නැද්ද?
නියම ප‍්‍රවෘත්ති ඕන නම් මිගාර මහතාගේ වෙබ් සයිට් එකත් දිණමින පුවත් පතත් බලන්න.
sunila Said:
on October 7, 2009 at 1:36 pm
Anduwate kade yanne ewunte menne karunu ekke News:-
http://www.anticorruptsl.com
no_frames Said:
on October 8, 2009 at 11:48 am
හලාවත දී එලුවන් 200 ක් බිලි දුන්නේ නැත. උන් කූඩුවේ සිට පිහියට පැන බෙල්ල කපා ගත්තා පමණි.
රවි කරුණානායකත්, තිස්ස අත්තනායකත් පුද්ගලික ඉඩම් වලට බලෙන් ඇතුලු වූවේ නැත. සොබා සිරි බලද්දී පාර වැරදුණා පමණි.
තිස්සනායගම් කොටින්ගෙන් සල්ලි ගත්තේ නැත. ඒ යක්කු නොකියාම තිස්සනායගම් ගේ ගිණුමට සල්ලි දාලාය.
අවතැන් කදවුරු වල මාස 4 ක් සිටින දෙමල ජනයා ඉන්නේ කැමැත්තෙනි. එල්. ටී.ටී.ඊය විසින් පලවා හැරි. පුත්තලමේ කදවුරු වල අවුරුදු 19ක් පුරා ඉන්නා මුස්ලිම් ජනයා ඉන්නේ අම්බානකම කැමැත්තෙනි.
ලංකාවේ හමුදා භටයන් දෙමළ තරුණියන් දූෂණය කරති. බිල් ක්ලින්ටන් මොනිකා ලෙවෙන්ස්කිව සහෝදර කමට සිප ගත්තා පමණකි.
Juan Said:
on October 8, 2009 at 12:11 pm
ලැයිස්තුව අමාරුවෙන් හොයා ගත්තත් මදි වගේ කියල හිතෙන්නෙ නැත් ද මල්ලි
no_frames Said:
on October 8, 2009 at 1:08 pm
ජුවන් මොකද මේ පැනලා දෙන්නේ?
Juan Said:
on October 9, 2009 at 3:49 pm
මේකයි මිගාර අයියෙ සොරි නෝප්‍රේම් අයියෙ
පුද්ගලික වත්තක මග නැගුමෙන් පාරක් හදන්න පුලුවන් වුනාට මග නැගුම උදෙසා බදු ගෙවන ජනතාව මග නැගුම කුමක් කරන්නේ දැයි බලන්නට බැරිවීම ලජ්ජා නැති වැඩක් නේද
ඒකයි තර්ක බොල් කිව්වෙ
මොළේ පොඩ්ඩක් හොලවල බලන්නකො
එක්කො ඒක පුද්ගලික වත්තක් ඒ නිසා මිනිසුන්ට අතුළු වෙන්න බැහැ ඒත් පුද්ගලික වත්තක් නම් මගනැගුමෙන් පාරක් ඉදිකරන්න බැහැ
මොළේට වැටෙන්නෙම නැත් ද ඔය කතාව
ඔයාට පුලුවන් පැනල දෙන්න මේ ඔක්කොම බොල් තර්ක තියාගෙන ඒවා බොල් කියන්න අපි ඉදිරිපත් වුනහම පැනල දෙනවලු
ඇත්තටම පිදුරු දීල පිරිමහන්න බැරිවෙයි පුන්නක්කු එක්කො තොග පිටින් හදන්න වෙනව නැත්නම් ආනයනය කරන්න වෙනව
පශු සම්පත් මණ්ඩලයට අලුත් ඇස්තමේන්තුවක් කරන්න වෙයි දකුණෙ චන්දෙන් පස්සෙ මේ වගේ ගොන්නු තව කොච්චර ඉන්නව ද කියල බලල