මෙහෙව් රටකට ඉරකුත් පායනවා ද?

කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේ නිවසට පහර එල්ල කොට ඔහුගේ බිරිද හා දියණියට තුවාල සිදු කර ඇත්තේ හදුනා නොගත් කණ්ඩායමක් විසිනි.

කැළණියේ මොනවා වුනත් අහුවන්නේ අපට සිටින දේශප්‍රේමීන් අතර ඉහළින්ම සිටින මර්වින් සිල්වා ආචාර්ය තුමන් ය. ඒ නිසා බොහෝ දෙනෙක් නොකියා කියන්නේ මේ පිටුපස එතුමන් සිටින බව කි.

සිරස මහාරාජාට විරුද්ධවත් ප්‍රභාකරන්ගේ සහචරයන්ට විරුද්ධව දකුණුලක පුරාත් ඉනුත් නොනැවතී ඉතාලියේත් මහ සටන් කොට ජයගත් අපේ දේශප්‍රේමී සෙනෙවියෙකුව මෙසේ අනීවාරතේ සැක කිරීම වැරදි ය.

මා හිතන්නේ ජනාධිපතිතුමන්ගේ විජයග්‍රහණයේදී දුමින්ද සිල්වා තරමටම හරි හරියට කටඅවුට් ගැසුවේ මර්වින් සිල්වා බව ය.

එහෙම වීර‍වරයෙකුට චෝදනාවක් එල්ල කිරීමට කිඹුහුමක් යනකම් බලා හිටින ජාතී ද්‍රෝහීන්ගෙන් ලංකාවට අඩුවක් නැත.

ජනාධිපති තුමා මැදිහත්වී මේ කුමන්ත්‍රණය පරාජය කළ යුතු බව අපි උදක්ම කියමු.

කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා අපේ දුටුගැමුණු පරපුරෙන් පැවත එන ශ්‍රීමතාණන් ගැන ඉරිසියාවෙන් මේ කටයුත්ත තමන්ම කර ගත්තා වන්නට බැරි ද? එහෙමට කියන්නට තරම් පරපුරක් තමන්ට නැති එකේ වාඩුව ගැනීම සදහා මෙවැනි මෙහෙයුමක් කිරීම ගැන අප උරණ විය යුත්තේ සභාපති වරයා සමග ය.

සිරසට ගැහුවේ සිරස ම බව අපි හොදාකාරව දනිමු. උපාලි තෙන්නකෝන් සල්ලි දී තමන්ටම ගසා ගත් බව ද අපි දනිමු. එවන් රටක මේ සභාපතියා අපේ විරුවාණන්ගේ ඇගේ මඩ ගෑමට තමන්ම තමන්ට ගසා ගත්තා වන්නට බැරි ද?

මෙහෙව් රටකට ඉරකුත් පායනවා ද?

5 Comments »

  1. chamaramj Said:

    හපෝයි…..ඕවා බලධාරියා විසින් කපා හරින ලද දේවල්‍ නේ. මර්වින් සිල්වා මහත්තයා කොච්චර හොද කෙනෙක්ද ආ‍නේ…..

  2. මර්වින් ගොන්තඩියා නාගන්නා තරමේ නිමක් නැත. ඉතාම හොද ජයග්‍රහණයක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නෝන්ඩි වන්නේ මෙබදු බල්ලන් බැද නොදමා ඉදීමෙනි.

    • beyondframe Said:

      මර්වින් ගොන් තඩියෙක් නොවේ. එසේ වූයේ නම් ඔහුව බුරුම සංචාරය සදහා අපේ නායකතුමා සම්බන්ධ කර ගන්න එකක් නැත.

      අ‍පේ නායකතුමාට කටවුට් ගැහැව්වේ මර්වින් ය. තව බොහෝ දේ මර්වින් අතින් කෙරෙයි.

      මර්වින් වැනි මිනිහෙකුගේ වැදගත් කම යවේස් ලු මිනිහාට නොපෙනුනාට අපේ නායකතුමාට පෙනේ. ඒ රටේ වාසනාවට ය.

      මර්වින්ට දඩුවම් දුන් දාක BFට විශ්‍රාම යෑමට පුළුවන. ඒත් ඒ දවස මේ කපේ එළඹෙතැයි BF විශ්වාස කරන්නේ නැත.

      ඒ යවේස් ලු තරමට මර්වින්වත් අපේ නායකතුමාවත් ගොන්තඩියන් නොවන නිසා ය. ඒ තරමටම මේ ජෝඩුව අපට විශ්වාසවන්ත නිසා ය.

    • SC Said:

      @ යවෙස් ලූ මිනිසා

      Beyond Frame හි නිතර ගැවසීම නිසාදෝ ඔබගේ මොලය ටිකටික පෑදී ගෙන එනවා වාගෙයි. වත්මන් ආන්ඩුවට දරදිය අදින නො. 1කේ බල කනුවක් වන මර්වින් සිල්වා ආචාර්ය තුමන් ගැන ඔබට දැන් නිවැරදි වැටහීමක් ඇත. අනික් එවුන් තම බලුකම් සගවාගෙන සිටින්නේ නිල සහ නිල නොවන හමුදා මගින් සහ පටු ජාතිවාදය ඇවිස්සීම මගිනුයි.
      පසුගියදා චසාදැමූ කැලනිය වි.වි.ය නැවත ඇර ගැනීමට අධ්‍යාපන බලධාරීනට තවමත් බැරිවී ඇත්තේ ඇයිදැයි ටිකක් හොයා බැලුවොත් මර්වින් සිල්වා ආචාර්ය තුමන් ගේ තරම ඔබටත් බලා ගන්න පුළුවන් වේවි.

  3. Juan Said:

    බල්ලන් කොහොමටත් බල්ලන් ය. උන්ගේ වලිග උණ පුරුකේ දමා වත් ඇද හැරිය නොහැකියයි කියන්නේ කට කහනවට යැ?

    ප‍්‍රශ්නය බල්ලන් බැඳ තබන්නට මිනිසෙකු නැති වීම ය.

    සියල්ලෝ බල්ලන් වීමය.


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment