අවසානයේ ජයගත්තේ කාගේ සත්‍යය ද?

අවසානයේ සත්‍යය ජය ගනී.

උතුරු යුද බිමේ වැටෙන් එහා පැත්තේ දුෂ්කර තත්වයන් යටතේ සේවය කළ වෛද්‍යවරුන් තමන් ඒ දිනවල ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන එසේ ඉදිරිපත් කළේ එල්ටීටියට බියෙන් බව මාධ්‍යවලට ප‍්‍රකාශ කළ බව ආරංචි විය.

ඒ ආරංචිය අපේ සහෝදර බ්ලොග්කරුවෙක් ලියා තිබුනේ අවසානයේ සත්‍යය ජය ගනී තේමාව යටතේ ය. ඔහුට අනුව මාධ්‍යයට කරන ලද මේ ප‍්‍රකාශ නිසා එල්ටීටියට කඬේ ගිය ඒ සංඛ්‍යාලේඛන උපුටා ගෙන ප‍්‍රකාශයන් කළ සියලූ දෙනාගේ රෙදි ගැලවී තිබේ.

ඇත්තටම පන්හිඳ ලියන මේ බ්ලොග්කරුවාගේ සතුට කොතෙක් ද යත් රෙදි ගැලවීම වඩා සුන්දර කරනු වස් ඔහු විසින් ගලවන ලද රෙදි නිකම්ම රෙදි ලෙස නොව කලිසම් වේට්ටි ගවුම් හා සාරි ලෙස සවිස්තරව වනා තිබේ.

අඳෝමැයි!

එදා එල්ටිටියට බයේ කළ ප‍්‍රකාශය හා අද රජයේ මර්දන හස්තයට බයේ කරන ප‍්‍රකාශ අතර වෙනසක් තිබිය හැකි ද?

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි වී ගිය වටපිටාවක පැවතිය හැක්කේ බොරුවට පමණකි. එය එක්කෝ එල්ටීටි බොරුය. නැත්නම් ආණ්ඩුවේ බොරු ය.

යුද්ධයේදී මුලින්ම මියැදෙන්නේ සත්‍යය යයි කියන්නේ එබැවිනි.

රෙදි ගැලවී ඇතැයි අන් අය දෙසට ඇගිල්ල දිගු කරන  තමන් රෙදි ඇඳගෙන ඇතැයි සිතා සිටිනා අය ඇත්තටම තමන් ඇඳ සිටින්නේ කුමක්දැයි නැවත සොයා බැලිය යුතු වන්නේ මෙවැනි බබා පාට් නිසා ය.

8 Comments »

  1. Gane Said:

    No doubts. Information given by doctors on 2 separate occasions would have been far away from the truth. But person who played their game on the numbers given by doctors (two months back) would have to accept the latest numbers as well. Because for them its just game of numbers.
    But unfortunately reality is not about the numbers. Its about the humans.

  2. මොවුන් විසින් රජය බර අවි වලින් ගසන්නේ යැයි කියන විට එක පයින් එය පිළිගෙන බී.එෆ්. හොටු පෙරනු අපි දැක්කෙමු. ඒ අවස්ථාවේ මොවුන් කොටින්ට බයේ බොරු කියතැයි කීමට නොඇරුණු බී.එෆ්. ගේ කට දැන් එක එක පැහැදිලි කිරිම් වලට නම් ඇරි ඇත. බී එෆ්. දැන් නම් උඹේ රෙද්ද ගැලවි ඇත

    • beyondframe Said:

      ඔය හීනේ දැක්කෙ දවල් ද?

  3. slBlow Said:

    Definitely, just like George master and Daya master, these doctors are speaking under the government’s enormous pressure. I believe they are just speaking out what they have been asked to say by the CID or the military. Government say that not even a single civilian was injured by the attacks carried out by the government forces, but how can I believe it without being a “patriotic terrorist” ???

  4. SC Said:

    හදිසියේම ජනාධිපතිතුමාගේ ගුණ වයන්නට පටන්ගත් රජයේ අත්අඩන්ගුවේ පසුවන දෙ‍ාස්නරලාට, මාස 2 ½ ක් ගතවන තෙක් කිසිම ප්‍රකාශයක් කිරීමට බැරි උනේ මොකදැයි SC ට මහා ප්‍රහේළිකාවක් විය. කිසියම්ම මාධ්‍ය විශාරදයෙකුගේ ඔළුවට එහෙම දෙයක් මතක් නොවීමද ඊටත් වඩා ප්‍රහේළිකාවක් විය.
    අපේ රටේ මාධ්‍ය විශාරදයො හිතා ඉන්නෙ අපි ගොන් පස් කන එවුන් කියල වෙන්න ඇති ……….!
    මේ අතර, මාධ්‍යවේදියෙකු වීමට සිහින මවමින් සිටින SC ට හදිසියේම පොට්ට චාන්ස් එකක් වැදී හමුදා ප්‍රකාශක තුමාව Interview කිරීමට ලැබුනි. “දෙන්නම් තොපි ඔක්කොටම ඇට්ටි හැලෙන්න …” යැයි සිතූ SC මුලින්ම අර ප්‍රශ්නය දැම්මේය.
    හ.ප්‍ර. :- (කවුද තමුසෙට ඔය වගේ ගොන් ප්‍රස්ණ අහන්න ඉගැන්නුවේ? තමුසෙ මේ Interview එක ඉවර වෙලා අපිත් එක්ක ඉන්නවා. අපිටත් නියෙනවා නමුසෙගෙන් ප්‍රස්ණ ටිකක් අහන්න.)
    ඕක අහන්නත් දෙයක්ද අයිසේ? එකෙක් සතුට උහුල ගන්න බැරුව කෑමක් බීමක් නැතුව පනබෑවිලා හිටියා. පෙරේදා තමයි සිහි ආ‍ෙව්. අපි දන්න වැඩ හැම එකම දැම්මත්, තව එකෙක් කතා කළේම නෑ. අන්තිමට තමයි දැන ගත්තේ උගේ උගුරේ මෝටාර් කෑල්ලක් හිරවෙලා කියලා. තවත් එකෙක් පටන් ගත්දා පටන්ම ජනාධිපතිතුමාගේ ගුණ වයන්නට පටන්ගත්තා. අපිට පොඩ්ඩක් සැක හිතුනා. යකෝ අපිවත් දන්නේ නැති ගුණ මේකා දන්නේ කොහොමද ..? මූ කියන ඒවා ඇත්තදැයි බලන්න අපි වහාම පරීක්ෂණයක් දියත් කළා.
    ඉතිරි එවුන් දෙන්නා හුගක් දුර්වල වෙලයි හිටියේ. අපි උන්ට නොසෑහෙන්න සැලකුවා. උන්ටත් පෙරේදා තමයි සිහි ආ‍ෙව්.

    SC :- මට පුළුවන්ද ඒ අයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න?

    හ.ප්‍ර. :- පුළුවනි ..! පුළුවනි …!! ඊට කලින් පොඩ්ඩක් ඇතුලට එනවද ඔයාගෙන් අහන්න නියෙන ප්‍රස්ණ ටික ඉවරයක් කරන්න….

    (ඒ අවස්ථාවේදී ඇගේ නූල් පෙ‍ාටක් නැතිව, හමුදා තොප්පියක් දාගත් අයෙක් කුප්ප හිනාවකුත් දාගෙන SC ගේ පිටට තට්ටු කර “අදුනන්න පුළුවන්දැ?” යි ඇසුවේය. SC තක්කු මුක්කු වී සිටිද්දී, හේ SC ට හදුනා ගැනීමට උපකාර කරන්නට පටන් ගත්තේය. “ය… වෙ… ස්….” ඒ මොහොතේම හ.ප්‍ර. විසින් SC ගේ බෙල්ලෙන් අල්ලා බලු කූඩුව තුලට තල්ලු කරද්දී, ඇදෙන් බිමට වැටීමෙන්, SC පියවි ලෝකයට සම්ප්‍රාප්ත විය.)

  5. සාගර Said:

    “යෙවෙස් ලූ මිනිසා” ලෙසින් ලියන්නේ මිගාර නැමැති තක්කඩියා බව දැන් ඔප්පු වී හමාරය. (ඔහුගේම ගොන් කම නිසා) තවදුරටත් ඔහු වෙස් මූණ පැළඳ සිටින්නේ ඇයි?

    • සාගර Said:

      මිගාර, මම මේක ලිව්වේ නෑ. මගේ නම වැරදි ලෙස යොදාගන්නා මොවුන් නරන කියන ඒවා ප්‍රසිද්ධ කරන්න ඕනා.

      “යෙවෙස් ලූ මිනිසා” ලෙසින් ලියන්නේ මිගාර නැමැති තක්කඩියා බව දැන් ඔප්පු වී හමාරය. (ඔහුගේම ගොන් කම නිසා) තවදුරටත් ඔහු වෙස් මූණ පැළඳ සිටින්නේ ඇයි?


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment