ශ්‍රේෂ්ඨ අධිකරණය කොතරම් ශ්‍රේෂ්ඨ ද?

සරත් නන්ද සිල්වා ගියේ ය. දැන් ඔහුගේ තීන්දුවක් නැවත විමර්ශනය කරන ලෙස ඉල්ලමින් පී බී ජයසුන්දර අධිකරණය වෙත ගොස් තිබේ.

ඇත්තටම එයින් කියවෙන්නේ සරත් නන්ද සිල්වා මහතාගේ තීන්දුව එතුමාගේ පෞද්ගලික තීන්දුවක් බව ය. එතුමා දැන් ගෙදර ගොස් ඇති නිසා එය වෙනස් කිරීමේ හැකියාවක් පවතින බව ය.

අපේ රටේ අධිකරණය පුද්ගලික මනස්ගාත මත ක‍්‍රියාකරන එකක් මිස විෂයමූලික සාක්කි මත තීන්දුගන්නා ආයතනයක් නොවන බව ය.

පී බී ජයසුන්දර වැරදි කරුවෙකුවන්නේ ඔහු සැබෑ ලෙස වැරදි කරුවෙකු නිසා නොව සරත් නන්ද සිල්වා මහතාගේ පෞද්ගලික එදිරිවාදිකමක් නිසා  බව ය.

සරත් නන්ද සිල්වා මහතා මෙන් නොව ජනාධිපති තුමා විසින් පත් කළ කෙනෙකු නිසා නව අගවිනිසුරුවරයා පිබී ජයසුන්දර මහතාට සහනශීලී  තීන්දුවක් දීමට ඉඩ ඇති බව ය.

සරත් නන්ද සිල්වා මහතා කටයුතු කළ කාලය තුළ දුන් බොහෝ තීන්දු නැවත විමර්ශනය කිරීමට මේ නිසා සිදුවිය හැකි බවය. රක්ෂණ සංස්ථාව පවා ඉදිරි කාලයේ හැරී ජයවර්ධන මහතාට නැවත ලැබෙනු ඇති බව ය.

මේ ගැන තීන්දුවක් දීමට තවම ඉක්මන් වැඩි බව ය.

දැනටමත් තීන්දුවක් ගෙන ඇති බව හා ඒ නිසා මේ රග දෙන්නේ නාටකයක් පමණක් බව ය.

ඊයේ පෙරේදා උණ ගැනී සිටි BF ට දැන් සනීප වී ඇති බව ය.

3 Comments »

  1. chaminda Said:

    ellum gas yana aya ? hiree watena aya ? attatama thaduwam widinnama oona ayada, adhi karanaya haalluwata lak noveewa

  2. sam Said:

    Isn’t once Sarath N Silva judge a case against himself and send the accuser to jail? I think every single dam case needed to reviewed.

    • Roshan Said:

      We need to hear all the Supreme Court cases that was decided during the last 11 years during which Sarath Nanda Silva was CJ.

      Beyondframe should realize that we are Sri Lanka- Land-like-no-other!


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment