මේ මිනිසාත් අපෙන් එකෙකු වෙයි ද?

අවසාන රාජධානියේ නිලමෙලා අත්සන් කළේ දෙමළ බසෙනි. ඒ රජා ද ඉන්දියාවෙන් ආනයනය කරන ලද්දෙකි.

අපේ පන්සල්වල දෙමළ දෙවිවරු වැඩ සිටිති. සමහර උවැසියෝ බුදුගෙයි සිටිනවාට වඩා වැඩි කලක් ඒ දෙමළ දෙවියන් යදිමින් ගත කරති.

අපේ රජවරුන්ට සිහල බිසෝවරු ලස්සන මදි විය. බොහෝවිට බිසවුන් වහන්සේලා ආනයනය කරන ලද්දේ ඉන්දියාවෙනි.

අපට සිටියේද දෙමළාට සිටි අප්පච්චිලා ය.

අනේ අප්පොච්චියේ මෙහෙව් කලවම් ජාතියක්! සුද්ද ලේ ම ඉල්ලා ඇඩුවාට!

ලෝකය සෑදී ඇත්තේ මිනිසුන්ගෙනි. එකිනෙකට වෙනස් මිනිසුන්ගෙනි. ඒ වෙනස් මිනිසුන් එක්වී ඊටත් වෙනස් මිනිසුන් බිහිකරමින් සිටින යුගයක අපි ජීවත්වෙමු.

එහෙව් ලෝකයක මානව වාදී දෘෂ්ඨීයකින් සියලූ මිනිසුන් ලෙස බැලිය නොහැකි ද?

ඒ සඳහා ඔවුන් අප මෙන්ම මිනිසුන් බව පිළි ගැනීමත් ඊට සමාන්තරව ඔවුන් වෙනස් බව අපට වඩා වෙනස් බව පිළි ගැනීමත් එක විට අවශ්‍ය ය.

බොහෝ දෙනෙකුට හැක්කේ එක්කෝ වෙනස්බව පිළි ගෙන එසේ වෙනස් උන් පරයින් ලෙස හඳුනා ගැනීමට හෝ ඔවුන් සමාන යයි සිතා සියලූ වෙනස්කම් නිශේධ කිරීමට යෝජනා කිරීම ය.

ඒ දෙකම අන්ත වාදී ප‍්‍රවේශයන් ය.

මම ශ‍්‍රී ලාංකික මිනිසුන්ගේ හර පද්ධතිය පිළි නොගනිමි. එහෙත් ඊට ගරු කරමි.

එසේ කීවේ තම උපන් භූමිය අමතක කර ජීවත්වීම සඳහා  ශ‍්‍රී ලංකාව තෝරාගත් ආතර් සී ක්ලාක් ය. ඔහු ලංකාවේ ජීවත්වූ ජාත්‍යන්තර පුරවැසියෙකි.

ඉදිරි ලෝකය එවැන්නන්ගෙන් සමන්විත වෙයි ද?

පොදු මිනිසෙක් මෙසේ වෙනස් ජාතීන් අතරෙන් බිහිවෙයි ද?

උත්තර නැතත් මේ ප‍්‍රශ්න නැගීමට කැමැත්තෙමි. උත්තර නැති ප‍්‍රශ්න මිනිසුන් සිතන්නට පොළඹවන බැවිනි.

8 Comments »

  1. //අපට සිටියේද දෙමළාට සිටි අප්පච්චිලා ය.

    සිංහලයා පැවතෙන්නේ දෙමළාගෙන් බවත් එනිසා දෙමළාට පමණක් ලංකාවේ නිජ බිමක් ඇති බවටත් නොකියා කියන්නට බී. එෆ්. වැර දරනවාදෝයි සාධාරණ කැනයක් මතුවේ.

    • SC Said:

      (ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නමයි!)
      බී. එෆ්. කියන්නේ ඔබත් මමත් ජාතිවාදී නොවියයුතු බවයි.
      තවද, අපේ පරම්පරාවේ කිසිවෙකු දෙමළකු සමග නිදි වැදී තිබිමට බොහෝ ඉඩකඩ ඇති බවත්, අපේ සුද්ද ලේ බිහිවී ඇත්තේ ඒ නිසා වියහැකි බවත්ය.

      • //අපේ පරම්පරාවේ කිසිවෙකු දෙමළකු සමග නිදි වැදී තිබිමට බොහෝ ඉඩකඩ ඇති බවත්, අපේ සුද්ද ලේ බිහිවී ඇත්තේ ඒ නිසා වියහැකි බවත්ය.

        කිසිම සිංහලයකු “සුද්ද” ලේ ගැන කතා කරන්නේ නැත. ඒ කතා කිව්වේ හිට්ලරුත්, ඒ කතා නොකීවත් හිට්ලර් ගිය මග යමින් වර්ගවාදී සුද්ධ කිරීමක් කළ ප්‍රභාකරනුත්ය.

        ජාතිවාදී නොවීම ඉතා වැදගත්ය. නමුත් බී. එෆ්. ජාතිවාදී නොවන්නේ සැබෑවටදැයි යන පැණය මතුවන්නේ අර වැනි ගද ගසන කතා පවසන විටය.

        යම් පරම්පරාවක් කෙනෙක් දෙමළෙක් සමග කලාතුරකින් නිදි වැද සිටීමට හැකි මුත්, විමුක්ති ජයසුන්දර රෙද්ද ඉස්සීම ලංකාවේ ගෑණුන්ගේ ගතියකැයි දැක්වෙන පිරිදි සාමාණ්‍යකරණය කිරීම සම්පූර්ණයෙන්ම වැරදිය.

      • SC Said:

        සිංහලයා පැවතෙන්නේ දෙමළාගෙන් නොවන බවත් දෙමළා පැවතෙන්නේ සිංහලයාගෙන් නොවන බවත් ඉතා පැහැදිළියි. එසේ නම්, නිජ බිම් ප‍්‍රශ්නයක් මතු කරමින් දෙමළාට පොඩි හැන්දකින් සැලකීමට ඔබ සිතන්නේ ඇයි? මම යෝජනා කරන්නේ – ඔබ සිතන්නේත් ප්‍රභාකරන් ගිය මගට සමාන්තරවම යමින් බවයි. ලෝකයට මානව වාදී දෘෂ්ඨීයකින් තම ප‍්‍රශ්න දෙස බැලිය නොහැකිව ඇත්තේ අප තුල ඇති සත්ව ජාන බලවත් ලෙස අපව මෙයවන නිසා බව මම සිතමි.

    • යවෙස් නොලූ මිනිසා Said:

      @යවෙස් ලූ මිනිසා,

      උඹ ඌට පැල් බැඳගෙන කඩේ යන හැටියට උඹේ අප්පච්චි මහින්දද කියා අපටද සාධාරණ සැකයක් මතු වේ.

  2. දළදා මාළිගාවේ කෞතුකාගාරයට ගියොත් ඕනෙම කෙනෙකුට බලාගන්න පුලුවන් උඩරට ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ මොන විදියටද කියලා
    අපි ජීවත් වෙන්නේ ලිඳේ ඉන්න ගෙම්බො වගේ. හණමිටි අදහස් මෙච්චර කල් තිබ්බේ මහළු අයට. ඒක ස්වාභාවිකයි. ඒත් දැන් හණමිටි අදහස් තියෙන්නේ තරුණයන්ට.

  3. //නිජ බිම් ප‍්‍රශ්නයක් මතු කරමින් දෙමළාට පොඩි හැන්දකින් සැලකීමට ඔබ සිතන්නේ ඇයි?

    මගේ කිසිම උත්තරයක එලෙස කියා නැත. ඇත්තටම මා පෙන්වා ඇත්තේ දෙමළුන්ට එලෙසෙ පොඩි හැන්දකින් බෙදා නොමැති බවයි. මගේ අරමුණ දෙමළ ජාතිවාදීන්ගේ තර්ක නිශේධනය හා උන්ට කඩේ යන්නන් ගේ තර්ක වල හිස් බව පෙන්වීමයි. ඔබ වල්ගය පාගා ගැනීම සම්භන්ධයෙන් මට කරන්නට දෙයක් නැත.

    • SC Said:

      @යවෙස් ලූ මිනිසා:-
      මගේ වල්ගයට කරදරයක් නැත. ඔබේ වල්ගය ගැන පරෙස්සම් වෙන්න.
      ඔබ “ලංකාව අප්‍රිකාවක්…” Blog සටහනට මෙසේ comment කර ඇත.
      “3. සිංහල මිනිහාට මෙහෙම ප්‍රශ්නයක් එනවා. බදු වලින් 70% ක් ගෙවන්නේ අපේ සල්ලි වලින්. නමුත් රෝහල් හා පාසල් පහසුකම් වලින් 40% කට වැඩිය ලබන්නෙ දෙමළ හා මුස්ලිම් අය. අපිත් අපේ කොටස ලබ ගත්තට මොකද? මෙහෙම හිතන එකේ වැරැද්ද මොකද්ද?”

      මහ ජාතියට ලොකු හැන්දකින් සැලකීමට කියන්නේ ඔබයි. මහින්ද රාජපක්ෂත් කියන විදියට දැන් Minority එකකුත් නැති එකේ මහ ජාතියක් තියෙන්නේ කොහෙද? අපි සියලූ දෙනාම ශ‍්‍රී ලාංකික මිනිසුන්
      නොවෙයි ද?


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment