වනයේ වන සතෙකු වුව ද මගහැර යා නොහැකි නම් මිසක මිනිසෙකුට ලෙහෙසියෙන් පහර දෙන්නේ නැත.
ගොදුරක් සොයා යන බඩගිනිකාරයෙක් මිසක කිසිදු වල්සතෙක් තවත් සතෙකු සමගවත් ඔරොප්පුවට යන්නේ අනතුරක් කරාවි ය නපුරක් කරාවි ය යන බය ඇතිවුනොත් පමණ ය.
වනයේ සක්මන් කරන මිනිසෙකු ඒ නිසා ම කළ යුත්තේ වල් සතුන්ගේ නිවහන්වලට හා වැයික්කිවලට ඇතුළු නොවී සිටීම ය. එසේ ඇතුළුවන කෙනෙකු විරෝධය පෑමක් අපේක්ෂා කළ යුතු ය. පහර දීමක් අපේක්ෂා කළ යුතු ය.
අනුන්ගේ වැයික්කියකට පැන උන් දෙවැනි පන්තියට දා උදාරම් පාන්නේ බලය තියෙන සතුන් ය. සමහරවිට එවැනි සතෙකු පවා දුර්වල සතුන් පිරිසකට වුව එක් වුවහොත් මෙල්ල කර ගත හැකි ය. පළවා හැරිය හැකි ය.
මේ ස්වභාවික රීතිය අපට සමාජයට යොදා ගත නොහැකි ද?
අනුන්ගේ වැයික්කිවලට පැන උදාරම් පෑ අපට පෙරළ ා පහර දුන් සතුන් ගැන මතකයන් අප සතුව තිබේ ද?උන් කර බාගෙන සිටියෝ ද එක්ව පහර දුන්නෝ ද?
පාඩම් ඉගෙන ගන්නා අයට පාඩම් සපයන ලොකු ලෝකයක් අප සතු ව තිබේ. එහෙත් බොහෝ දෙනා ඉගෙනීමට සූදානම් නැති වීම ඒ ලෝකයේ වෙසෙන අයගේ අභාග්‍යයයි.
මෙසේ කී විට බොහෝ දෙනා අසන ප‍්‍රශ්නයක් තිබේ. ඇයි මේවා අපට කියන්නේ ගිහිල්ල කියපියකෝ උඹේ අහවලාට!
ඒකට දෙන්න නම් ඉතා කෙටි උත්තරයක් ඇත උන් ඉගෙන ගත්තොත් එහි වාසිය උන්ට ය. අප ඉගෙන ගත්තොත් අපට ය. දෙගොල්ලන්ම එක රටේ ඉන්නා නිසා දෙගොල්ලන්ම ඉගෙන ගත්තොත් දෙගොල්ලන්ට ම වාසි ය.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



නිර්නාමික Said:
on July 3, 2009 at 6:04 pm
ඔව් ඉතිං, කොයි සතත් කෑ ගහල කෑ ගහල ඇතිවුනාම නවත්තගන්නව. පස්සෙ අපිව ඕනි වෙනකොට හොයාගෙන එනව. ඕය කැලෑ වල ඉන්න සත්තු හරි මෝඩයි.
pandey Said:
on July 6, 2009 at 2:09 am
there is a point wht u are going to tell. can u kindly tell me how it’s become anunge vaikya.? you got some attitude problem.