හැමදාමත් අපට තිබුන ප‍්‍රශ්නය නැවතත් මතු වී තිබේ. අප කොපමණ දිය යුතු ද කොපමණ තියා ගත යුතු ද?
අවතැන්වූවන් නැවත පදිංචි කිරීම කොපමණ ඉක්මණින් කළ යුතු ද කොපමණ ප‍්‍රවේශමෙන් කළ යුතු ද?
යුද්ධය කාලේ දමා ගත් බාධක පොලූ කොපමණ තබා ගත යුතු ද? කොපමණ ඉවත් කළ යුතු ද?
යුද්ධය කාලේ පැන වූ තහංචිවලින් කවර ඒවා කවර ප‍්‍රමාණයෙන් කවර කාල වකවානුවල ඉවත් කළ යුතු ද? තබා ගත යුතු ද?
අප කොතරම් ප‍්‍රමාණයකට බලය බෙදා ගත යුතු ද? තබා ගත යුතු ද?
අවදානම ටිකක් වත් දැරීමට අකමැ ති බොහෝවිට බියෙන් පෙළෙන බොහෝදෙනා කියන්නේ අවමය දිය යුතු බව ය. අවදානමක් ගැනීමට කැමති අය කියන්නේ දෙන්නට අදි මදි කිරීම නැවත වතාවක් ප‍්‍රශ්න ඇති කිරීමට තෝතැන්නක් සකසන බව ය. ඒ නිසා කුම්මැහිකම පැත්තකට දමා ටිකක් වැඩිපුර හා ටිකක් ඉක්මණට දිය යුතු බව ය. එය සමගියක් ඇති කිරීමට සංහිඳියාවක් ඇති කිරීමට හේතු වන බව ය.
ජය ගනු ඇත්තේ කුමක් ද?
අතීත අත්දැකීම අනුව නම් මොකක්වත් නොදී ගොඩම බදා ගැනීම හා දෙන මගුලක් පුළුවන් තරම් කල් අර ගෙන දීම මෙහිදීත් කෙරෙන්නට පුළුවන.
ප‍්‍රතිඵලය වනු ඇත්තේ නැවත විරෝධාකල්ප එලි බැහීම ය.
අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නට අකමැති අය කිසිදා ඉගෙන ගන්නේ නැත.
ඒ නිසා එක්කෝ ඉන්දියාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර පීඩනය එනතෙක් එසේත් නැත්නම් නැවත නැගිටීමක් එනතෙක් අපට අපේම සිහිනයක ජීවත්විය හැකි ය.
මුකුත් දෙනව එහෙම නෙවෙයි රජෝ!


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



යවෙස් ලූ මිනිසා Said:
on June 30, 2009 at 4:30 pm
වැදගත්ම ප්‍රශ්නය අසා නැත. දෙන එක දෙන්නේ කාටද? දෙන එකෙන් මෙච්චර කාලයක් තිබුණා යයි කියන ප්‍රශ්න විසඳෙන්නේ කෙසේද?
SC Said:
on July 1, 2009 at 5:32 am
If you have time, pl read through Prof. C.M. Maddumabandara’s article, which appeared in the Sunday Island on 21.06.2009, about the diversion of the Mahaweli Waters. This is one thing the Government of the majority can give to the minority to show the brotherhood. Only the people with a racial mentality cannot support his suggestion.
I have extracted below two paragraphs of the article to show its importance at this crucial time;
“කෘෂිකාර්මික දිවි පෙවෙතකට පූරුදුව ඇති උතුර නැගෙනහිර ප්රදේශවල ජනතාවට මූහූණපාන්නට ඇති ප්ර්රධානතම ගැටලුවක් වන්නේ උග්ර ජල හිඟයයි. මෙයට පිළියම් යෙදීමට කෂණික පියවර ගැනීම මහත්ඵල මහානිසංස ගෙන දියහැකි බව අපගේ විශ්වාසයයි. ඇතැම් විට ව්යවස්ථාමය සංශෝධනවලින් පමණක් බැඳීමට දුෂ්කර උතුර, නැගෙනහිර හා දකුණ, ස්ථාවර ජල මාර්ග මගින් බන්ධනය කළ හැකි බව මෙහිදී අවධාරණය කර සිටිමූ.
උතුරු ප්රදේශයට දීර්ග මහ ඇළ මාර්ගයක් හරහා ජලය ගෙනයෑමේ උපාය මාර්ගය මහවැලි මවූ සැලැස්මේ මනාව දක්වා තිබිණි. එහිදී සැතපූම් 100 කට අධික දුරක් විහිදෙන “උතුරු මධ්යම මහ ඇළ මාර්ගය” සෑදීමේ ඇති අතිශය වැදගත්කම මැනවින් පෙන්වාදී තිබූණේ වී නමූත් විවිධ හේතූන් මත, මෙම ශේ්රෂ්ඨ ව්යාපෘතිය ආරම්භ කිරීම දශක තුනකට අධික කාලයක් අනවශ්ය ලෙස කල් යෑම උතුරේ විශ්වාසය බිඳ වැටෙන්නට පාදක වූ එක් කරුණක් වූ බව නොඅනූමානය. කෙසේ වූවද, එය නැවත ආරම්භ කිරීමේ ගෞරවය වත්මන් ජනපතිතුමන්ට මෙන්ම මහවැලි අමාත්යතුමන්ටද නොඅඩූව හිමිවිය යූතුය. මොරගහකන්ද ව්යාපෘතිය මෙන්ම උතුරු මධ්යම පළාත් මහ ඇළ මාර්ගය නිර්මාණය කිරීමේ ප්රතිඥාව “මහින්ද චින්තන” මැතිවරණ ප්රකාශනයෙහිද ඉතා සෘජූව සහ පැහැදිලිව දක්වා ඇත. කෙසේ වූවද, මෙම ව්යාපෘතියේ වත්මන් ප්රගතිය. මූල්යාධාර ඌණතාව වැනි හේතු මත මෙන්ම පරිපාලන හා කළමනාකරණ අකාර්කෂමතාවන් නිසාද මන්දගාමී වී ඇති බව මෙහිදී සඳහන් කළ යූතුය. මේ රජය බලයට පැමිණ දැන් වසර හතරකට වඩා ගතවී ඇත. මහවැලි ව්යාපෘතිය කඩිනම් කළ පසූගිය රජයක පළමූ වසර හතරක කාලය තුළ ළඟාකර ගැනීමට හැකිවූ මහවැලි නිර්මාණ කෙෂ්ත්රයේ ශීඝ්ර ප්රගතිය හා සසඳන විට මොරගහකන්ද ව්යාපෘතියේ වත්මන් ප්රගතිය ගැන සෑහීමකට පත්විය හැකිද?
වත්මන් මොරගහකන්ද ඃ කළුගඟ ව්යාපෘතිය, මහවැලි මවූ සැලැස්මේ උපාය මාර්ගිකව සකස් කළ ව්යාපෘති යෝජනාවට වඩා බෙහෙවින් වෙනස්ය. මවූ සැලැස්මට අනූව උතුරේ වවූනියාව පසූකරන තෙක් උතුරු මධ්යම මහ ඇළ මාර්ගය විහිදුනූ මූත්, වර්තමාන ව්යාපෘති යෝජනාවට අනූව එය මහකනදරාවෙන් අවසන් වේ. වත්මන් යෝජනාව සකසන අවස්ථාවේ උතුරේ පැවැති බලවත් අනාරක්ෂිත බවද, එය කොතෙක් කල්පවතීද යන අවිනිශ්චිතතාවන්ද, සැලකිල්ලට ගන්නට ඇත. කෙසේ වූවද බෝවතැන්න හරහා දෙවැනි උමඟකින් ජලය ගෙනයෑමටද දැනටමත් නඩත්තු කිරීම අතිශයින් දුෂ්කර බවට පත්ව ඇති කන්දලම මගට සමාන්තරව එය ගෙන යෑමටද, යාන් ඔය සිට එතරම් ජල හිඟයක් නොපවතින වාරි බිම් හරහා අතිශයින් ගැඹූරු ඇළමාර්ග ඔස්සේ මහකනදරාව කරා ජලය ගෙනයෑමටද ඇති සැලැස්ම තාක්ෂණික අතින් ප්රසස්ථම සැලැස්මක් යැයි කිස්සේත් සැලකිය හැකිද? මහින්ද චින්තනයට අනූව රජයේ ප්රකාශිත ප්රතිපත්තිය අනූගමනය කිරීම වෙනූවට වෙනත් විකල්ප මාර්ග දිගේ ජලය ගෙනයෑමට මහවැලි බලධාරීන් පෙළඹූණේ ඇයිද යන්න අභිරහසකි.
තරමක් වියදම් සහිත වූවද, ජල හිඟයෙන් පීඩාවිඳින මහකනදරාවටද ජලය ලබාදිය හැකි මහවැලි මවූ සැලැස්මේ සඳහන් “උතුරු මධ්යම මහා ඇළ මාර්ග” විකල්පය නැවත සලකා බැලීමටත්, එමගින් උතුරට ජලය ගෙනයෑමටත් හැකි පූළුල් නව ව්යාපෘති යෝජනාවකට කාලය එළැඹ ඇතැයි සිතමි. එබඳු නව ව්යාපෘති යෝජනාවක් මනා සේ සැලසූම් කළහොත් මහවැලි ජලය, වවූනියාවෙන් ඔබ්බට ගෙන යෑමටත් මවූ සැලැස්මේ සඳහන් ණ කලාපය ඇති කිරීමට පමණක් නොව අලිමංකඩින් නැගෙනහිරට පිහිටා ඇති චූන්ඩිකුලම් කලපූව තෙක් ජලය රැගෙන යන කනගරායන් ආරුවට සම්බන්ධ කිරීමටත් හැකිවනූ ඇත.”
“ඉහත සඳහන් කළ සංකල්පමය යෝජනා ක්රියාත්මක කරවීමට හැකිදැයි සලකා බලන තෙක්, දැනට යෝජිත මොරගහකන්ද, කළුගඟ, ජලාශ ව්යාපෘතියේ සැලසූම් මෙන්ම, උමා ඔය ව්යාපෘතියේ සැලසූම්ද නොපමාව ගැඹූරු සමාලෝචනය කිරීමකට ලක් කළ යූතු වේ. වාසනාවකට මෙන් මෙම ව්යාපෘති යෝජනා තවමත් ආරම්භක අවධියේ පවතින හෙයින්, අලුත් දැක්මකින් යූතුව ඒවා නැවත සමාලෝචනය කිරීමට අවශ්ය ඉඩ ප්රස්ථා පවතින බව විශ්වාස කරමූ.”
සී. ඇම්. මද්දුම බණ්ඩාර
සම්මානිත මහාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්යාලය
Link to the article:
http://www.divaina.com/2009/06/21/feature18.html
You can read the English translation here:
http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=61&Itemid=1
දුකා Said:
on June 30, 2009 at 7:51 pm
ඔන්චිල්ලාව ඒ පැත්තට යන තරමට තමයි මේ පැත්තට එන්නෙත් . . . සිංහලුන්ට දෙමලුන්ගේ සිත දිනාගෙන පෙර සිටි ලෙස සමගියෙන් සාමයෙන් සිටීමට නම් ඔවුන් සතුට වන තරම් දීමය . . ඉන් අපේක්ෂිත සාමය නොලැබේ කියා හිතෙනම් . . . ලද දෙයින් සතුටු වන සැටි උගන්වන්න උත්සාහ දරමු . . .
paniya Said:
on July 1, 2009 at 5:34 am
well said
Sara(Kirulapana) Said:
on July 1, 2009 at 9:14 am
No Comments. Ele kiri Letter eke. I enjoyed it. Keep Writing !! Thankz.
සාගර Said:
on July 1, 2009 at 11:02 am
“යවෙස්ලූ මිනිසා” ගේ පුරුදු ප්‍රතිචාරයෙන් ගම්‍ය වන්නේ සිංහල වර්ගවාදී බලවේගය නිතර නඟන අඳෝනාවයි.
ඔවුන්ට අනුව:
1. දෙමළුන්ට කිසිම ප්‍රශ්නයක් නැත. ඔක්කෝම ප්‍රශ්න තියෙන්නේ සිංහලයන්ටය.
2. දෙමළුන් සියළු ප්‍රශ්න විසඳී චූන් එකේ ඉන්නා විට තවත් ‘විසඳුම්’ මොකටද?
(නොකී කරුණ )
3. උන්ට ‘විසඳුම්’ ඕනෑනම් තමිල්නාඩුවෙන් ඉල්ලා නොගන්නේ ඇයි?
යවෙස් ලූ මිනිසා Said:
on July 1, 2009 at 12:54 pm
සාගර වල්ගය පාගා ගෙන ඇත. දෙමළුන්ගේ ප්‍රශ්න ලෙස අපි හඳුනා ගන්නේ මොනවාද? කොටි විසින් පෙන්වන ලද ඒවාද? ටී.එන්.ඒ. එක විසින් පෙන්වන ඒවාද? කර්ණ්නා අම්මාන් පෙන්වන ඒවාද? එන්.ජී.ඕ ඩොලර් කාක්කන් පෙන්වන ඒවාද? එසේ නැතිනම් වෙනම ඒවාද? දෙමළුන්ගේ සැබෑ ප්‍රශ්න සොයාගෙන ඒවාට විසඳුම් දිය යුතුය. එසේ නැතිව අතීතයේ පැවති හෝ සිතින් මවා ගත් ප්‍රශ්න වලට පිළියම් නොසෙවිය යුතුය.
සාගර Said:
on July 2, 2009 at 11:11 am
දෙමළුන්ගේ ප්‍රශ්න කියන්නේ සිංහල වර්ගවාදය විසින් හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළ ඒවාය.
යවෙස් ලූ මිනිසා Said:
on July 2, 2009 at 1:38 pm
උදාහරණ කීපයක් දුන්නා නම්?
සාගර Said:
on July 2, 2009 at 4:12 pm
චම්පික රණවකගේ කතාවක් ඇසීමෙන් හෝ නලින් ද සිල්වාගේ ලිපියක් කියැවීමෙන් ඕනැඑතරම් උදාහරණ සොයා ගත හැකිය.
යවෙස් ලූ මිනිසා Said:
on July 1, 2009 at 12:59 pm
As SC has quoted Mahaweli has development plans in North as well. But Tamil chauvinists don’t allow Sinhalese people to be settled there. All these projects are done with international aid. Every Sri Lankan should pay back them. Now not allowing Sinhalese to have benefit of their tax money is criminal. If this projects go on, at least 50% settlements should be Sinhalese, because they pay 70% of the debt we have.
SC Said:
on July 1, 2009 at 2:58 pm
You are very clever in showing us how a majority government can act with a racist agenda! Now I understand why you said that, only the majority has problems not the minority.
In one way, your figures are the consequence of the following trend. Now you are shouting for more progress in this trend, to solve the problems faced by the majority.
රාජ්‍ය සේවයේ නිරතව සිටි දෙමළ සේවක සංඛ්‍යාව
වර්ෂය 1956, 1965, 1970
පරිපාලන සේවය 30%, 20%, 5%
ලිපිකරු සේවය 50%, 30%, 5%
ඉංජිනේරු සහ වෛද්‍ය 60%, 30%, 10%
සන්නද්ධ සේවා 40%, 20%, 1%
කම්කරු 40%, 20%, 5%
(Source: Siyapatha.org)
It should be noted that I am not for the minority’s status in 1956.
Surely we can live peacefully for some time. Do you think your children and children’s children can enjoy this peace?
My estimation is that, they can only enjoy peace, if we now act in a humane way.
යවෙස් ලූ මිනිසා Said:
on July 2, 2009 at 1:41 pm
ලංකාවේ වෛද්‍ය සේවය ගැන ඔබ ගජ බින්නයක් දෙසා බා ඇත. අළුතින්ම රජයේ සේවයට බඳීමට නියමිත වෛද්‍ය උපාධිධාරීන් පහත දැක්වේ. ඉන් 20% – 25% පමණ දෙමළ බව පෙනී යනු ඇත
http://www.health.gov.lk/pdf/intenship/Internship%20Appoinment%202001-2002%20Main%20Batch.pdf
SC Said:
on July 3, 2009 at 3:29 am
@ යවෙස් ලූ මිනිසා
//ලංකාවේ වෛද්‍ය සේවය//
My figures does not relate to the composition of any list produced at a particular point of time, but the total number of people in that service, at that particular year.
Please do not mislead the readers. If you do not agree with figures, please enlighten us with correct figures. In that case, I am prepared to accept your point.
Man in the iron mask Said:
on July 2, 2009 at 6:48 am
ඉංජිනේරු සහ වෛද්‍ය 60%, 30%, 10%
This is a real joke. These numbers are grossly wrong.
This is the latest batch of docotrs who are getting jobs. Count the number of Tamils in there. It’s nearly 20-25%.
Link: http://www.health.gov.lk/pdf/intenship/Internship%20Appoinment%202001-2002%20Main%20Batch.pdf
Modern Traitor Said:
on July 2, 2009 at 12:22 pm
දෙමල මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ලෙස හඳුනා ගත් ප්‍රශ්න කිහිපයක් සඳහන් කල හැකි නම් අගනේය.
යවෙස් ලූ මිනිසා Said:
on July 2, 2009 at 5:05 pm
@ සාගර
ප්‍රශ්නෙන් ලිස්සන්නේ නැතුව උත්තර දෙන්න
Migara Said:
on July 4, 2009 at 4:32 am
//My figures does not relate to the composition of any list produced at a particular point of time,
Exactly. That’s why they are hypothetical.
//but the total number of people in that service, at that particular year.
You just failed to understand that Jaffna Faculty of Medicne put out 150 graduates per year, 100% tamil due to the ethnic cleansing policy of LTTE. It has been like that for past 10 years. Just look in Ministry Website for “Annual Transfers” list and countr the number for yourself. Annual transfers denote about 20% of working doctors . Annual transfer list will be available in 6 months time, and I’ll try to post the last years one if time permits.
//Please do not mislead the readers.
I ask you the same. Don’t mislead. See this, this will answer your questions. It shows the disproportionately large number of Tamils occupy government jobs up to 1982
Migara Said:
on July 4, 2009 at 4:35 am
Here is the link.
http://www.spur.asn.au/Background_of_the_Conflict_and_Statistics.ppt
SC Said:
on July 4, 2009 at 7:55 pm
@ Migara
1. The figures in me comment are not “hypothetical” but, I repeat, “percentages of tamils among total number of Sri Lankans employed in different services, in that particular years. You cannot compare it with the percentages of passed out students of universities, in any mean.
2. I agree with you that LTTE is a culprit for 100% of Jaffna Faculty of Medicine being Tamils. I am not a LTTE supporter. On the other hand, I equally blame our politicians who ruled this country during past few decades, for creating such an opportunity to LTTE.
3. I visited to the link you showed some comparable data and found some figures (in slide 10) such as;
Composition of tamil employment in 1981/1982 as -
Engineers 44%
Scientists 42%… so on.
The source mentioned as “Sri Lanka 1981/82 Survey”
My friend, I think that you have been totally misled by some roughs! (How can with a sense can believe such figures are true?)
I appreciate if you would try again to educate us with some (acceptable) figures, if you do not agree with the figures in my comment.
සාගර Said:
on July 4, 2009 at 1:35 pm
දුර්වල මතකයක් තියෙන මිනිසුන් අන්වර්ථ නාම වලින් පෙනී නොසිටිය යුතුය.
තමා එතෙක් මේ සංවාදයේ “යවෙස් ලූ මිනිසා” අන්වර්ථ නාමයෙන් පෙනී සිටි බව අමතකව ගිය මිගාර දැන් වඩා ප්‍රචලිත නමින් උත්තර දී ඇත.
ඒ සමඟම ඔහු “යවෙස් ලූ මිනිසා”ගේ වෙස් මුහුණද ගලවමින් “යවෙස් ලූ මිනිසා” නිරුවත් කරයි. දෙදෙනාම එකෙකි. මේ සැකය තිබුනත් ඔප්පු වූයේ දැන්ය.
අනෙකුන්ගේ අන්වර්ථ නාම ගැටළුවක් කර ගන්නා මිගාර, වරදකැයි තමාම සිතන දෙය කරන්නේ ඇයි?
යවෙස් ලූ මිනිසා Said:
on July 5, 2009 at 2:15 am
@ සාගර
මට හිනා වෙන එක නවත්ත ගන්න බැරි උනා හලෝ. ආයෙත් ප්‍රශ්නෙන් ලිස්සලා ගිහින් වල් බූත දොඩවනවා.
මට මිගාර වගේ වෙන්නට පුළුවන්නම් හෝ සාගර වෙන්නට පුළුවන් නම් ඒක මාර achievement එකකි. ගොන් ජෝක් නොදා මතු කරපු ප්‍රශ්න වලට උත්තර දෙන්න.