දුක් මුහුණක් දාගෙන දෙකට ගනින්න බැරිව වාගේ සිටීම හරහා වැටී ඇති ජය මාවත

නැති බැරි කම අපේ සමාජයේ අනුකම්පාව ලැබීමට සුදුසු කමෙකි. එය අපේ අවාසනාව ය.

ඇති හැකි අය පවා ඒ නිසා කැමැත්තක් දක්වන්නේ තමන්ට නැතැයි කීමට ය. ඇති හැකි දේ සගවා ගෙන මුළු වැදීමට ය. එක් විදිහකට නැත්නම් තවත් විදිහකට සමාජ අනුකම්පාව දිනා ගැනීමට ය.

සල්ලි සම්බන්ධයෙන් නොව තමන්ගේ හැකියාවන්ගෙන් ද එළිපහලියට නොපැමිණ මුළු වැදී සිටීම නිසා ඉරිසියා කරන්නන්ගෙන් හා වෙනත් තර්ජනයන්ගෙන් බේරි සිටිය හැකි ය.

දුක්මුහුණක් දාගෙන දෙකට ගනින්න බැරිව වාගේ සිටී නම් අනුකම්පාව ලැබේ.

වැඩ කිඩ පෙන්වන්නට ගියොත් නොවැරදී දෝස්මුරය ද ලැබේ.

ඇයි මුදුනා වෙන්න ද යන්නේ ?
තනියම බුදුවෙන්න වගේ ?
යන්නකො උඩට, වෙන්නෙ මොකද කියල බලන්න බැරියැ?
හොඳ වැඬේ  ඕකට! හිතා හිටියේ ඌට වඩා කෙනෙක් නෑ කියලනෙ?
පැදුරෙ ඉන්න අපි කොහොම ද බිමට වැටෙන්නෙ?
පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ!

මෙහෙව් රටකටත් කලක් යාවි ද? තාමත් වෙනස් වෙන්නට වේලාව ඇවිත් නැත් ද?

3 Comments »

  1. එහෙම චරිත නම් අප්‍රමානයි.සමහරු ඕකට කියන්නේ(………)!
    තමුන්නැහේ කියන්නේ හෝ කියන්න තෙපර බාන්නේ කුමක්දැයි නොවැටහේ !

  2. balaya Said:

    100% correct. Dr. Amunugama recently had a comment on the same issue – jelousy on capitalism.

  3. වලේ ඉන්න ඒකා උඩ ඉන්න ඒකාට දොස් කියනවා උඩ ඉන්න ඒකාට උඩට ගන්නේ නෑ කියලා.මිහිහාම ගොඩ එන්නෙත් නෑ තියෙන මුල් අතු උදව් කරගෙන, ඒ වෙනුවට වලේ ගල් අරයාට ගහනවා!


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment