සරසවි ප‍්‍රවේශය සඳහා විභාග ලකුණුවලට අමතරව විශය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා ද ලකුණු දෙන ක‍්‍රමයක් ඇති කිරීමට යෝජිත ය.
එය හොඳ යෝජනාවකි.
පොතේ ගුරන් විතරක් තනන අධ්‍යාපන ක‍්‍රමයක් වෙනුවට සම්පූර්ණ මිනිසුන් බිහිකරන අධ්‍යාපන ක‍්‍රමයක් ගොඩ නැගීමට කරන උත්සහය කොහොමටත් හොඳ ය.
එහෙත් ප‍්‍රධාන ප‍්‍රශ්නය තවදුරටත් ඉතිරි වනු ඇත. දරුවන්ගේ ආතතිය තවදුරටත් වැඩි දියුණුවනු ඇත. දැන් පොත්පත්වලට අමතරව ක‍්‍රියාකාරකම් සඳහා ද යොමුවන්නට ගෙවල්වලින් බල කරනු ඇත. ලකුණු නොලබන සියලූ ක‍්‍රියාකාරකම් පැත්තකට තල්ලූ කර ලකුණු ලබන ඒවා ට පමණක් යොමු වීමට ඔවුන්ට බල කෙරෙනු ඇත.
ප‍්‍රශ්නය ඇත්තේ සරසවි ප‍්‍රවේශය සඳහා අධි තරගයකට මුහුණ දීමට සිදුවීම තුළ ය. එය වැළැක්විය හැක්කේ සරසවි ප‍්‍රවේශය සඳහා අවස්ථා වැඩි කිරීමෙන් පමණි.
ඒ නිසා ම යෝජනාව හොඳ වුව ද එයින් දරුවන්ට ප‍්‍රතිලාභයක් ලැබීමට නම් සරසවි අවස්ථා පුළුල් කිරීම ද අවශ්‍ය ය.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



පිටස්තරයා Said:
on June 27, 2009 at 7:14 am
අනන්තවත් වාරයක් සාකච්ඡා කරලා ඇවිත් නවතින එකම තැන….
“සරසවි ප‍්‍රවේශය සඳහා අවස්ථා වැඩි කිරීම”
දුකා Said:
on June 27, 2009 at 8:24 am
පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් පොඩි වෙනසක් වත් බලාපොරොත්තු විය නොහැකිද???
deeps Said:
on June 27, 2009 at 1:35 pm
හොද යෝජනාවක්. ඉස්සර ඉස්කෝලේ නාට්‍යකට ළමයි හොයාගන්න අපි විදපු දුකක්. ළමයෙක් හොයාගත්ත ගමන් අම්මලාගෙන් පැමිණිලි. පාඩම් වැඩ අතපසු උනොත් විභාගේ ප්‍රතිපල අඩුවෙයිලු. දැන් එහෙනම් පාසල් නාට්‍ය තරග, ක්‍රීඩා තරග වලට ළමයි පැන පැන එයි. නියමායි
Kanishka Said:
on June 27, 2009 at 3:01 pm
@ Deeps
අනිවා….
පුද්ගලික විශ්ව විද්‍යාල වලට නම් මම විරුද්ධයි..
-බිன்ku- Said:
on June 29, 2009 at 6:40 am
පේද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වීමේ හේතු මොනාද?
Niroshinie Said:
on June 27, 2009 at 6:37 pm
හරියට වෙනව නං හොඳයි. ඒත් බාහිර ක්‍රියාකාරකම් වලට දෙන මිනුම් දණ්ඩ මොකද්ද? දැනටමත් ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූවන්ට ලකුණු කීපයක් දෙනව නේද. අනික සමහර වෙලාවට ඉස්කෝලෙදි බාහිර දේවලට තෝරගන්නෙ කාගෙ හරි පුල් එකක්, පන්දමක් තියෙන අය. අන්තිමට මේකත් තම තමන්ට ඕන කට්ටිය දා ගන්න ක්‍රමයක් කර ගනීද දන්නෑ.
-බිன்ku- Said:
on June 29, 2009 at 6:53 am
යෝජනාව ඉතාම වැදගත් වුවත් මෙහීදී ගැටලුමය අවස්ථාවක් ඇති වෙනවා මට කලින් රෝෂිනි අක්කා කිව්වාසේම. මීට පෙර උසස් පෙලට ව්‍යාපති ගෙනාවත් අද ඒවා කිරිමට සිසුවන් සහෝදර සිසුවන්ගේ ඒවා කිරිම හෝ උපුටා ගැනීම් කරන්නේ. කොටුවේ වෙළඳ පොලේ එක් කඩයක එවැනි පරණ ව්‍යාපති විකුණන්නට තිබුණා මට මතකයි.
මා උසස් පෙල කරන කාලයේ දෙමව්පියන්ගෙන් එතරම් විරෝධතා නො ආවත් මිතුරන්ගේ හා ආකල්පමය තත්ව නිසා ක්‍රීඩා හා වෙනත් බාහිර ක්‍රියාකරකම් වලින් ඈත් වෙන්නට වුණා. ඒ අනුව මෙම තීරණය මැනැවින් වැදගත් වුවත් උසස් පෙළ ව්‍යාපති වලට වුණ ඉරණමත් නීරෝෂණි අක්කාගේ ගැටලුවත් ඇති වීමේ අවධානමක් තියෙනවා.
සරසවි ප්‍රවේශය සෑහෙන්න කලක් තියෙන එකක් නෙව, පිරිසක් ඒවාට නිසි පිලියම් නොකියා උද්ශෝෂණ කරමින් කාලය නාස්ති කරන්නට එය මුලයක්.
firefoxbeta Said:
on June 30, 2009 at 1:21 pm
මෙහිදි සිදුවන්නේ නිසි ලෙස අන්තර්ජාතික,ජාතික ,පලාත් මට්ටමේ ජයග්‍රහන දැක්වූ අයට අවස්තාව දීමය. බාහිර දේ කල පලියට මෙම අවස්තාව හිමි නොවේ…අනික වර්තමානේ රටේ පසල් ලමුන්ගෙන් බහුතරය කුමක් හෝ බාහිර ක්‍රියාකාරකමකට සම්බන්ද වී සිටී. නමුත් අවස්තාව ලැබිය යුත්තේ ඉන් ඉහල සිටින්නාටය.
firefoxbeta Said:
on June 30, 2009 at 1:16 pm
සරසවි ප‍්‍රවේශය සඳහා විභාග ලකුණුවලට අමතරව විශය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා ද ලකුණු දෙන ක‍්‍රමයක් ඇති කිරීමට යෝජිත ය.
—-මෙය දැනට ක්‍රියාත්මක වන තත්වයක්…. ක්‍රීඩා හා විෂය සමගාමී කටයුතු වලින් දක්ශතා දැක්වූ අය සම්මුඛ පරික්ශනයකට ලක් කර තෝරගැනීමක් කරනවා.