පාසලේ හැංගිමුත්තන්- වැඩි දියුණු කරන ලද සෙල්ලමකි!

පාසල්වල නීති තිබේ. මේවා තිබෙන්නේ කුමකට ද?

කියන්නේ නම් ලමුන් තුළ විනය ඇති කිරීමට බව ය. එහෙත් භාවිතයේ දී පෙනෙන්නේ ඒවා පවත්වා ගැනීමේ යටි අරමුණ පාසලේ බලය ඇත්තේ කාටදැයි පෙන්වීමට බව ය.

කොණ්ඩය බොහෝ සෙයින් වවා ගෙන පාසලට පැමිණිම යහපත් නැත. එහෙත් කොණ්ඩය පිළිබඳ නීති රීති පවත්වාගෙන යන උදවිය කොණ්ඩය තරමක් වැවී ඇති (වවා නොව වැවී ඇති) දරුවෙකු අල්ලා කොණ්ඩය අපිළිවෙලට කපා දමා තම බලය ප‍්‍රදර්ශනය කරති. එහිදී උපහාසය ද අපහාසය ද මොනවට ක‍්‍රියාත්මක වේ.

කොණ්ඩය බූ ගාගෙන පාසලට පැමිණිම ද තහනම් ය.

ඉතින් තරමක් වැඩිපුර කොටට කපා ඇති සිසු දරුවෙකු අල්ලාගෙන කළු පොලිස් අතුල්ලා දඩුවම් කරති. එය ද දෙතිස් වදය සමග ය.

මෙයට භාජනය වන සමහර සිසු දරුවන්ට මෙය හිරිහැරයක් වෙතත් සමහරු මෙයට කැමති ය. ඒ මෙයින් ශිෂ්‍ය නායකයින් හා ගුරුවරුන් හිරිහැරයට පත් කිරීමට ඔවුන්ට ද අවස්ථාවක් ලැබෙන බැවිනි.

ඇත්තටම මේ ක‍්‍රියාවලිය සිහිකරන්නේ හැංගි මුත්තන් සෙල්ලම ය. හොයා ගන්නා පමණක් නොව හැංගෙන්නා ද වැඩි වෙලාවක් හැංගී සිටීමෙන් අසීමිත වින්දනයක් ලබන නිසා ය.

පාසල තුළ සෙල්ලම් පැවැත්වීම හොඳ ය. ඒ ගැන අපේ ගැටළුවක් නැත. එහෙත් පාසල තුළ කිරීම සඳහා මීට වඩා නිර්මාණාත්මක සෙල්ලම් සොයා ගත හැකි නම් වඩා හොඳ ය.

2 Comments »

  1. Biily Boy Junior Said:

    Beyond Frame අයියේ, උඹෙ බ්ලොග් එක රන් වෙන්නේ උඹ ලියන දෙවල් නිසා නෙවෙයි. කමෙන්ට් දාන මෝඩයො නිසා. උන් මෙතැන ඇවිල්ලා කෙළ ගන්නවා. ගොන් කමෙන්ට් එකක් දාලා අනික් මෝඩයො අවුස්සන්න මෝඩයෙක් නැතිකොට උඹේ පෝස්ට් වේලෙනවා. හිකිස්.

    • beyondframe Said:

      උඹ කමෙන්ට් දාන්න එන මෝඩයින්ගෙ ගණයට ද මල්ලියේ වැටෙන්නෙ?


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment