සරසවිවල මින්මතු බාහිර අය සමග සම්බන්ධව පවත්වන උත්සව තහනම් කරමින් ද අභ්‍යන්තර උත්සවයක් පැවැත්වෙන්නේ නම් එවැන්නක් එක් දිනකට සීමා කරමින් ද පනවා ඇති නීතින් දෙකක් ප‍්‍රතිපාදන කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.
අපේ ඊනියා බුද්ධිමතුන්ගේ බුද්ධියේ වපසරිය පෙන්නුම් කිරීමට මෙය මනරම් අවස්ථාවකි.
කැළණිය සරසවියේ බාහිර කලාකරුවන් ද සහභාගී කරගෙන උත්සවයක් පැවැත්විණි. එය දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන උත්සවයකි.
කැළණි සරසවි ශිෂ්‍යයින් හා ගම අතර ගැටුම ඇති වුනේ ඒ අතරවාරයේ ය.
ඒ නිසා කළ යුතු වන්නේ එවැනි උත්සව තහනම් කිරීම ය.
පිරිත් පිංකමක් පවත්වන අතරවාරයේ මේ ගැටුම ඇතිවූයේ නම් ඔවුන් පෙළඹෙනු ඇත්තේ සර්ව රාත‍්‍රික පිංකම් තහනම් කිරීමට ය.
(අහෝ මොළය! පිනි බාන්නට නොදී ආරක්ෂා කර ගත යුතු)
ඇත්තටම මේ නීති පද්ධතිය පොඞ්ඩක් රටටත් රැුගෙන යා හැකි මහාර්ඝ මට්ටමේ එකකි.
සංගීත සන්දර්ශණ කීපයකම ගැටුම් ඇති විය. මේ නිසා පොලිසිය විසින් කළ යුත්තේ සංගීත සන්දර්ශන තහනම් කිරීම ය.
ක‍්‍රීඩා තරග ගණනාවක ද ගැටුම් ඇති විය. රජය කළ යුත්තේ ක‍්‍රීඩා තරග තහනම් කිරීම ය.
අවසානයේ ඉතිරිවන්නේ වැඩ පළට සාමකාමීව ගොස් ජාතික කොඩිය උස්සා ජාතික කොඩිය ගයා වැඩ කොට කඩෙන් තමන්ට මිලදී ගත හැකි බඩු ටිකක් රැුගෙන ගොස් යමක් හදා ගෙන ආණ්ඩුව කියන මලඉලව්වක් මාධ්‍ය නැමැති හොරණාවෙන් අසා නින්දට ගොස් හෙටත් ඒ ටිකම කිරීමට ඉස්පාසුවක් ගැනීම ය.
සටන් අරගල මුකුත් නැති ජීවිතයකට හොඳම පදනම එසේ දැමිය හැකි ය.
කොහොමටත් කරමින් තිබෙන්නේ එවැන්නක් නිසා මේ යෝජනා පවා අවශ්‍ය නැතිවන්නට ඉඩ තිබේ.
ඔබ හැමට ති‍්‍රවිධ හමුදාවේ හා පොලීසියේ සරණයි. පිහිටාරක්ෂාවයි.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



ම Said:
on June 25, 2009 at 5:25 am
මේ යන විදිහට ඡන්දේ නිසා මිනිස්සු ගහගන්නව කියලා ඡන්දෙත් තහනම් කරයිද දන්නේත් නැහැ
kasun Said:
on June 26, 2009 at 7:09 am
well said
-බිன்ku- Said:
on June 26, 2009 at 10:12 pm
ගෑණි හා නැන්දම්මාගේ ගැටුම් ගැන මොකැයි කරන්න ඕනේ?
අලි මිනිස් ගැටුමට මොකැයි කියන්නේ?
පාර්ලිමේත්තුවේ ගැටුම් ගැන මොකැයි හිතන්නේ?