සිංහල ජනගහණය වැඩි දියුණු කිරීමට කළ යෝජනාවේ විකාර සහගත භාවය ගැන අප ලියූ බ්ලොග් සටහනට අපට ලැබුණු එක් ප‍්‍රතිචාරයකින් කියවුනේ ඔය බණ සිංහලයන්ට කියන්නට කලින් වතුකරයේ දෙමළුන්ට ත් මුස්ලිමුන්ටත් කියන ලෙස ය.
අප මේ පිළිබඳව කලින් ලියූ සටහනක සියයක් නිසරු පුතුන් ලබනවා ට වඩා ගුණ නැණ බෙලෙන් එක පුතකු ලැබීම වැදගත් බව සඳහන් කළෙමු. එවැනි බණක් අප කැමති කලින් අපේ අයට කියන්නට ය. අප ආදර්ශයක් නොවී අනුන්ට කීමේ තේරුමක් නැති නිසා ය.
ඒ නිසාම අප බණ කියන්නේ මුලින් අපටම ය. ඊළගට අපේ ළගම හිතවතුන්ට ය. ඊළගට අපේ අසල්වැසියන්ට ය. ඊළගට අපේ ජාතියට ය. ඊළග රටට ය. ලෝකයට බණ කියන්නේ අන්තිමට ය.
එය බුදුන්ගේ ක‍්‍රමයයි. මෛත‍්‍රිය පළමුව තමාට ය. ඊට සමානව මුලින් නිවැරදි විය යුත්තේත් තමා ය. දෙවනුව ළග ඉන්නා අය ය. එය ඈතට විහිදෙන්නේ ක‍්‍රමයෙනි.
අප වදන්නට උනන්දු වූ විට අනිත් අයට ද තරගයට වදන්නට පුලූවන. එයින් අවාසිය සැළසෙන්නේ අප හැමට ය.
බොහෝ දේ බෝවෙයි. අප නපුරුකම් කරන විට අන් අය ද නපුරුකම් කරති.
වරක් මිනිහෙක් රණ්ඩුවනු පිණිස ගලක් ගෙන මේ ගල මගේ යයි කීවෙලූ අනෙකා කීවේ උඹේ නම් උඹ ගනින් කියා ය.
ජේසුස් වහන්සේ කීවේ කම්මුලට ගැසූ තැනැත්තාට අනිත් කම්මුල පාන ලෙස ය.
බුදුන් කීවේ වෛරය වෛරයෙන් නොසංසිඳෙන බව ය.
වැදීම වැදීමෙන් පරාජය කරන්නට බැරි ය.
ජාතික හෙල උදාව නොදන්නා අපේ රටේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නට උත්සහ නොකරන කාරණය එයයි.
අයහපත ජය ගත හැක්කේ යහපතෙනි. මෝඩකම ජය ගත හැක්කේ නුවණක්කාර වීමෙනි. වෛරය ජය ගත හැක්කේ මෛත‍්‍රියෙනි.
බොහෝ සිංහල බෞද්ධයන් නොදන්නා ඒ කරුණ අප ජිවන මාර්ගය කර ගෙන ඇත්තෙමු.
ඒ නිසා අප අනෙකුත් ජාතීන්ගේ ඇහේ තියෙන රොඞ්ඩ අරන් දාන්නට යොමුවන්නේ අපේ ඇහේ ඇති පොල්පරාල අරන් දැමීමෙන් පසු බව කියන්නට කැමැත්තෙමු.
උන්ගේ කරුම විපාක කර ගැසිය යුත්තේ උන් ය. අපට කර ගැසීමට සිදුවන්නේ අපේ කරුම විපාකයන්ට ය.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



chaminda Said:
on June 24, 2009 at 8:21 am
ඇත්ත, බුදුන් වහන්සේ පහල වුන යුගයේ කිසිම බෞද්ධයෙක් එහි හිටියේ නැත. එහෙත් බෞද්ධ රාජ්ජයක් උන් වහන්සේ අති කල සේක, ඒ වගේම අනෙක් සාශ්තෘන් වහන්සේලාත් එසේය. සවොම පවසා ඇත්තේ ස්වර්ගස්ත වන ආකාරයයි, බුදුන් වහන්සේ සසරින් එතෙර වන මර්ගයයි, වෙන ඩෙයක් නෑ, අපි ස්වර්ගයට යන අයටත් සසරින් එතෙර වන මග කියල දෙමු, එහෙම නැතුව බෞද්ධ දරුවන්ගේ ඉපදීම වැඩි කලා කියලා බෞද්ධ ආගම දියුනු වෙන්නෙ නෑ, ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ කිව්ව හින්ඩ අපි එහෙම කරන්න උත්සාහ කරමු, සියලු දෙනාට පින්වන්ත දරුවන් ලැබේවා
Taboo Subjects Said:
on June 24, 2009 at 11:09 am
තමන්ගේ ‘රැහැ වැඩි කරගැනීම’ ගෝත්‍රවාදී අවශ්‍යතාවයකි.
ජීවවිද්‍යාත්මකව පමණක් එක් මිනිසකු (හෝ එක් ජාතියක්) ගෝත්‍රවාදී වේ යැයි සිතනු නොහැකිය. යම් ජාතියක් ගෝත්‍රවාදී වන්නේ ඒ ගෝත්‍රයට තම පැවැත්ම සඳහා මුහුණ දීමට වන ගැටළු අනුවය.
සිංහලයා ජාතියක් ලෙස ගෝත්‍රවාදී වන්නේ හේතු ඇතිවය. ඉතිහාසයේ හැමදාම චෝලයන්, පාණ්ඩයින්, පල්ල්වයන්, කාලිංගයන් උඩින් ගහගෙන එන විට සිංහලයාට තිබුණේ තෝරාගැනීම් දෙකකි. එකක් පෙරළා පහර දී ‘ආක්‍රමණිකයා’ පළවා හැරීමය. අනෙක ගොළු මුහුදට පැනීමය. සිංහලයා තාර්කිකව පළමුවැන්න තෝරාගත්තේය. ඒ සඳහා ගෝත්‍රවාදී වීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. අදත් අප බොහෝදෙනකුගේ ජානවල ඉතිරිව ඇත්තේ ඉතිහාසයේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩ නැඟුණු මේ ගෝත්‍රවාදයයි. ජානවලින් නොව බුද්ධියෙන් හිතන්නට හැකිව ඇත්තේ ඉතාම සුළු පිරිසකට පමණකි. අනෙක් සියළු දෙනා කටයුතු කරන්නේ තම සහජ බලපෑමට යටත්වය.
ගෝත්‍රවාදී වීම කෙසේ වෙතත්, මෝඩ ලෙස ගෝත්‍රවාදී විය යුතු නොවේ.
සංඛ්‍යාත්මකව ‘රැහැ වැඩිකරගැනීම’ වැදගත් වූයේ දුටුගැමුණු යුගයේය. අද බලවත් ජාතියක් වීමට අවශ්‍ය නම් සිංහලයා කළ යුත්තේ ධනයෙන්, කර්මාන්තයෙන්, ආර්ථිකයෙන්, නුවණින් දියුණු වීමට බැලීමය. රටේ අද තියෙන ජනගහණ ඝණත්වය අනුව තවත් ජනගණය වැඩි කර ගැනීම යනු ආර්ථික වර්ධනය වැලකී ‘රැහැ’ තවත් දුබල වීමකි.
සිංහලයා ගෝත්‍රවාදීවීම මට ඉවසිය හැකිය. මෝඩ වීම ඊට වඩා භයානක ප්‍රශ්නයකි.
Gane Said:
on June 24, 2009 at 1:00 pm
Agree with you.
sam Said:
on June 24, 2009 at 1:04 pm
බුද්ධිමත් කතාවකි.
-බිன்ku- Said:
on June 24, 2009 at 5:18 pm
Agree!
SC Said:
on June 24, 2009 at 12:35 pm
සිංහලයා මෝඩ ලෙස ගෝත්‍රවාදී වීම සහ, අද රට යන අත පිළිබඳව හොඳ උදාහරන ඇත. ජනගහණය වැඩි කිරීමට කළ යෝජනාවට සහ හමුදාව වැඩි කිරීමට කළ යෝජනාවට සමගමීව පහත දක්වා ඇති අද
lankadeepa.lk පුවත බලන්න.
“සන්ඬේ ලීඩර් නීතිඥ නඩුවෙන් ඉවත්වේ;
ආරක්ෂක ලේකම් රටට කළ සේවය අගයයි-
සන්ඬේ ලීඩර් පත්තරයට එරෙහිව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුපියල් කෝටියක වන්දි ඉල්ලා පවරා ඇති නඩුවේදී සන්ඬේ ලීඩර් සමාගම වෙනුවෙන් තමා පෙනී නොසිටින බව ආරක්ෂක ලේකම්වරයා රට වෙනුවෙන් කළ සේවය නිසා එම තීරණය ගත් බවත් නීතිඥ ලංකාතිලක මහතා ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු මොහොමඞ් මැකී මහතා ඉදිරියේ පැවැසීය. මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් පළ කළ පුවතකින් අපහාස වී යැයි ආරක්ෂක ලේකම් මේ නඩුව පවරා තිබේ.”
amila Said:
on June 25, 2009 at 2:17 am
අැත්ත ෙහායන ඒකට වඩා පුද්ගල ප්‍රතිරූප වලට වන්දනා කරන ඒක ෙකාච්චර සිම්පල් ප්ලෑන් ඒකක්ද? ෙකාච්චර සතුටු හිෙතන වැඩක්ද