බෝ අක්කාට සිදුවූ අකාරුණිකත්වයක් ගැන දිග හෑල්ලක් සහිත බ්ලොග් සටහනක් දැක්කෙමි. ඒ කැඩපත බ්ලොග් අඩවියේ ය. ඒ සටහනෙන් කියා තිබුනේ Beyondframe ගේ රෙදි ගැලවී ඇති බව ය.
මම උපහාසයට කැමැත්තෙමි. යම් දුර්වල කමක් අලජ්ජී කමක් උපහාසයට ලක් කිරීමෙන් මම විනෝදයක් ද ලබමි. ඇත්තටම ආයතනයක වේවා, සමාජයක වේවා, පුද්ගලයෙකුගේ වේවා දියුණුව සැළසීමට උපහාසයට විශාල භූමිකාවක් රග පෑ හැකි ය.
කවරෙකු හෝ මා උපහාසයට ලක් කරන්නේ නම් ඊට ද මා කැමති ය. මට එයින් උගත හැකි බැවිනි.
උපහාසය හා අපහාසය වෙන්වන්නේ සියුම් ඉරකිනි. මේ නිසා සමහරු මේ දෙක පටලවා ගනිති.
(ඇත්තටම සිනහව සම්බන්ධයෙන් සංස්කෘතයේ විශාල වචන සංඛ්‍යාවක් යෙදේ. උපහාසය හා අපහාසය ඉන් දෙකක් පමණකි. හාස, මන්දහාස, අනුහාස, අවහාස, පරිහාස, සංහාස, අට්ටහාස, හසිත, ස්මිත, මන්දස්මිත, ස්මය, උත්ස්මය, විහාස, විහසිත, විහසන, මන්දහාස්ය, හාස්‍ය, ප්රහසිත, ප්රහාස ආදී වශයෙනි. මේ ඔක්කොම ගැන ලිව්වොත් කැඩපතගේ මොළය කොළොප්පන් විය හැකි නිසා අපි මුලින් කී වචන දෙක පමණක් සළකා බලමු)
මා උපහාසයට කැමති ඉන් සාධනීය යමක් වන බැවිනි. එහෙත් අපහාසය එසේ නොවේ. එය නිශේධනීය ය.
අපහාස කරන්නා බොහෝවිට බොරුව ද පරුෂ වචනය ද භාවිතා කරයි. උපහාසයේ මේ දෙක ම නැත.
දෙකින්ම අපේක්ෂා කරන්නේ ලක්ව තැනැත්තා දෙකේ කොළයට දැමීමට වුව ද උපහාසයේ අපේක්ෂාව ඔහු ඉන් ගොඩ ගැනීම ය. අපහාසයේ අපේක්ෂාව ඔහු ඉන් විනාශ කිරීම ය. ඒ සඳහා භාවිතා කරන මෙවලම්වලින් මොළය ඇත්තෙකුට මේ දෙකේ වෙනස හඳුනා ගත හැකි ය.
මම මගේ බ්ලොග් අඩවිය තුළ සහෝදර බ්ලොග් කරුවන්ට අපහාස වනු දැකීමට අකැමැත්තෙමි. එහෙත් ඔවුන් උපහාසයට ලක් වනු දැකීමට මගේ අකමැත්තක් නැත.
එසේ වුවද උපහාසය හා අපහාසය අතර වෙනස හඳුනා ගැනීමට මට වුව ද නොහැකි වන අවස්ථා තිබෙන්නට පුලූවන. ඒ සඳහා අවශ්‍ය තොරතුරු මා සතුව නොතිබීම ඊට හේතු විය හැකි ය. සමහරවිට පරෙස්සමින් සමහර ප්‍රතිචාර කියවීමට වෙලාවක් නොමැතිවීම ද එයට හේතු වන්නට පුලූවන. මේ බ්ලොග් අඩවිය මගේ වෘත්තියට අයිති නැත. මා මෙය කර ගෙන යන්නේ පුද්ගලික වැඩ පවා අතපසු කරගනිමිනි. ඒ නිසා මගෙන් වන අතපසුවීමක් හිතාමතා කරන ලද අපරාධයක් ලෙස නොසළකනු ඇතැයි අපේක්ෂා කරමි.
ඉදිරියටත් මේ අඩවිය උපහාසයට විවෘත ය!
ඒ කවරෙකුවත් අපහාසයට ලක් කිරීමේ අරමුණින් නොවේ. තිබෙන තත්වයේ සාධනීය වෙනසක් අපේක්ෂාවෙනි.

Constantin Demiris
April 23, 2009
True that humour and insult are two different things, but you CAN use humour to insult people. And that’s exactly what you are doing. You are making fun out of your fellow Sri Lankan bloggers, Simple!
If you fail to see what i say here’s a more serious example; say Ranil’s thoppigala kiyanne maha kalayak, MIG27s are flying coffins, kilinochchi nemei yanne madawachchi etc etc.
True they are humour, in fact they are very very humorous. But didn’t these cause insult and grime towards the MOD and the soldiers? Now I am sure you are intelligent enough to know that Ranil and his henchmen didn’t say these seeking a career in comedy to supplant their failed political careers.
Now draw the parallels to your blog and your perception of ‘humour’ (uphasaya). Like Ranil you clearly have issues against these fellow blogers. STOP insulting them with your cheap humour. And yes it IS insulting.
beyondframe
April 23, 2009
@Constantin Demiris
Ask Ranil for what he has done and BF for what it has done!
Any one is free to laugh at BF and even insult it, provided no filth is used.
ජීවක
April 23, 2009
ආරණ්‍යා, ඕකනේ මම කිව්වේ අපින් ඉන්නේ කුහක ලෝකයක කියලා. අනේ අපි මේ කුහක ලෝකයෙන් මිදිලා කොහේ හරි යමු සුන්දරී.
සාගර
April 23, 2009
බෝධිනි රන්මැණිකේ සමරතුංග ගේ අදහස් හා නිර්මාණ මෙම බ්ලොග් අඩවියේ සාකච්ඡාවට බඳුන් වන ආකාරය මා අනුමත නොකරන බව මගේ පළමු සටහනේ උඩින්ම සඳහන් කළෙමි. සරල සිංහල නොතේරෙන්නන් බ්ලොග් වාදයට පැමිණ තිබීම ගැන කණගාටු වෙමි.
ඇගේ අදහස් වල නිර්මාණවල දේශපාලනයක් නැතැයි වාදකරන්නන් මට අභියෝග කර ඇති නිසාත්, ‘බෝ අක්කා’ රැක ගැනීමේ ව්‍යාපාරයට මුවාවී සමස්ත වර්ගවාදී කඳවුරම (දිනපතා හතර අතට මඩ ගහන කතුවැකි කපා අලවන නාමල් උඩලමත්ත ඇතුළුව) එක් වී යුද්ධ ප්‍රකාශ කර ඇති නිසාත් මේ ටික කෙටියෙන් කියමි.
බෝධිනී රන්මැනිකේ සමරතුංග මෙතෙක් ලියා ඇති දේ අනුව ඇගේ සටහන් වල, නව කතාවේ පවා පැහැදිළි දේශපාලනයක් ඇත. එහි දේශපාලනයක් නැතැයි රැවෙටෙන්නේ වර්ගවාදී ටොපිය ඔතා ඇති ‘මානුෂීය’ දැවටුම පමණක් දකින්නන්ය. මෙවැන්නන් මහින්ද මාමාගේ විජිතයේ අරුමයක් නොවේ. එය පැහැදිළි දේශපාලන ලයින් එකකි. මේ දේශපාලන ලයින් එක අනුමත කරන්නන් මෙන්ම නොකරන්නෝද සිටිති. රටේ හැම දෙනාම මහින්ද මාමාගේ ලයින් එක අනුමත කළ යුතු යයි සිතීම විහිළුවකි.
මා තව දුරටත් කියන්නේ දේශපාලන චරිත බ්ලොග් අවකාශයේ හැසිරෙන තාක් කල් ඔවුන් විවේචනයට බඳුන් වීම අපේක්ෂා කළ යුතු දෙයක් බවය. එසේ විවේචනයට බඳුන් නොවන්නේ නම් එහි අදහස අප සියළු දෙනාම ඒ දේශපාලනය පිළිගෙන ඇති බවය. ප්රජාතන්ත්රවාදී රටක අදහස් විවේචනයට බඳුන් වීම අරුමයක් නොවේ. එසේ නොවන්නේ නම් ප්රජාතන්ත්රවාදයේ යම් වරදක් ඇත. මෙයද මහින්ද මාමා විසින් සාර්ථකව ගෙනයනු ලබන තවත් ලයින් එකකි. ඒ ලයින් එක මාර්ගයෙන් ඔහු තමන් විවේචනය වීම වළකා ගනී.
බෝධිනි රන්මැනිකේගේ අදහස් නිර්මාණ වල දේශපාලනයක් ඇතැයි මට දීර්ඝ ලෙස කරුණු දැක්විය හැකිය. මා එසේ නොකරන්නේ මෙතැන ඊට සුදුසු තැනක් නොවේ යැයි මා සිතන බැවිනි. එනිසා මට අභියෝග කරන්නන් ඒ සඳහා වේදිකාවක් දෙනු ඇතැයි මම සිතමි. මඩ නැතිව කරන වැදගත් සංවාදයකට මා ඕනෑම විටක ලැහැස්තිය.
ප.ලි. අනෙකුන් විසින් නිර්නාමිකව පළකරන අදහස් ගැන මගේ වගකීමක් නැත. ඒවා මගේ ගිණුමට බැර නොකරන සේ කාරුණිකව ඉලා සිටිමි.
මිගාර
April 24, 2009
// මා තව දුරටත් කියන්නේ දේශපාලන චරිත බ්ලොග් අවකාශයේ හැසිරෙන තාක් කල් ඔවුන් විවේචනයට බඳුන් වීම අපේක්ෂා කළ යුතු දෙයක් බවය.
ඇත්ත. නමුත් එය කළ යුතු තැනක් ඇත. මුත්‍රා කල යුත්තේ වැසිකිළියේ දී විනා, මහ පාරේ නොවේ. බෝදිනී ගේ බ්ලොග් අඩවියක් ඇත. එහි ගොස් ඔබේ විවේචන ඉදිරිපත් කරන්න. එහි නාමිකව සඳහන් වීමේ බිය, එන්ම් කශේරුවක් නැතැයි යන රහස ලොවට හෙළිවීමේ බිය නිසා anonymous වී සිට ප්රිතිචාර පළ කරන්නේද යන සැකය අප හට ඇති වේ.
Dilan
April 24, 2009
සාගර ඔබ “බෝ” නමින් ලියන තැනැත්තියගේ සම්පුර්ණනම මේ බ්ලොග් අඩවියේ පල කිරිමෙන් කර ඇත්තේ බරපතල වරදකි.යමෙකුගේ පෞද්ගලික තොරතුරු බ්ලොග් අඩවියක් ඔස්සේ හෙලි කිරිම වරදක් බව වටහාගන්න.ඔබට ඇය සම්බන්ධයෙන් යමක් පැවසිමට ඇත්නම් ඇය මේ බ්ලොග් අවකාශයේ භාවිතා කරන ID එක වන “බෝ” යන්න යොදා ගන්න.
ඔබ කල වරද නොවැටහේනම් මෙම ලිපිය කියවා අවබෝධ කරගන්න.
http://indi.ca/2009/04/how-to-protect-bloggers-privacy/
මකබාස්
April 23, 2009
@ සාගර
–මා තව දුරටත් කියන්නේ දේශපාලන චරිත බ්ලොග් අවකාශයේ හැසිරෙන තාක් කල් ඔවුන් විවේචනයට බඳුන් වීම අපේක්ෂා කළ යුතු දෙයක් බවය. එසේ විවේචනයට බඳුන් නොවන්නේ නම් එහි අදහස අප සියළු දෙනාම ඒ දේශපාලනය පිළිගෙන ඇති බවය. ප්රජාතන්ත්රවාදී රටක අදහස් විවේචනයට බඳුන් වීම අරුමයක් නොවේ. එසේ නොවන්නේ නම් ප්රජාතන්ත්රවාදයේ යම් වරදක් ඇත. මෙයද මහින්ද මාමා විසින් සාර්ථකව ගෙනයනු ලබන තවත් ලයින් එකකි. ඒ ලයින් එක මාර්ගයෙන් ඔහු තමන් විවේචනය වීම වළකා ගනී.—
එල එල සාගර,
දේශපාලන චරිත විතරක් නෙවෙයි, ඕන කෙනෙක් විවේචනයට ලක්වෙන්න පුලුවං. මොකද කවුරුත් විවේචනයට IMMUNE අය මෙතන නැහැනෙ.
හිස වසා ගත් මිනිසා
April 24, 2009
@සාගර,
1. බෝධිනී ගේ අදහස් විවේචනයට ලක්විය යුතු නම් එය සිදුවිය යුත්තේ ඇගේ බ්ලොග් අඩවියේ අදාල ලිපිය අසලදීය. හෙවත් කමෙන්ට් තුලය. ඊට කිසිසේත් අදාල නොවන බ්ලොග් පෝස්ට් වලදී ඒවා “විවේචනයට” (?) බඳුන් වීම සාධාරණීකරණය කල හැකිද?
2. මෙහිදී සිදුවන්නේ බෝධිනී ගේ අදහස් විවේචනයට බඳුන් වීමද නැතහොත් ඒවා සමච්චලයට ලක්වීමදැයි සිතා බලනු වටී. විවේචනය පිලිගත හැකි නමුත් සමච්චලය බැහැර කල යුතුය
හිස වසා ගත් මිනිසා
April 24, 2009
@මකබාස්,
එසේය, ඕනෑම අයෙක් විවේචනයට බඳුන් විය හැකිය.
එහෙත් සිංහල බ්ලොග් අවකාශයේ විවේචකයන්ට අමතක වී ඇති දෙය නම් විවේචනයේද සදාචාරයක්, කෙටියෙන් කිවහොත් “චාරයක්” ඇති බවයි.
පුවත්පත් ලිපි වලටද ඊලඟ සතියේ විවේචන පල වේ. නමුත් ඒ ශිෂ්ඨ ලේඛන බසිනි. (මක්නිසාදයත් අසික්කිත බසින් ප්‍රතිචාරය ලියා යැව්වොත් කතෘතුමා එය කුණු කූඩයට විසිකරන නිසාවෙනි) එහෙත් බ්ලොග් අවකාශයේ එසේ ලිපිය විසි කිරීමට කෙනෙක් නැති නිසාත් ඇනෝනිමස් බවට/අන්වර්ථ නමකට මුවාවිය හැකි නිසාත් මෙහි විවේචනයේ සදාචාරයක් නැති වී ඇත.
විවේචනය නිවැරදි උවත්, එය ශිෂ්ඨ සම්පන්න ලෙස ඉදිරිපත් කර නැත්නම් එය පාඨකයාගේ මොලයට නොයනු ඇතැයි යන්න මගේ අදහසයි. එවිට එය කොතරම් වැදගත් විවේචනයක් වුවත් “මඩ” ලෙස ලේබල් වනු ඇත.
beyondframe
April 24, 2009
@හිස වසා ගත් මිනිසා
අපට සිංහල බසින් ණැනවත් සංවාදයක් ගෙන යා හැක්කේ ඒ බස හොඳින් දන්නේ නම් පමණය. ඒ නිසා විවේචනය හා සමච්චලය යන පද දෙක හොඳින් විමසිය යුතු ය.
ඒ පද දෙක අඳුර හා ආලෝකය මෙන් එකිනෙකින් බැහැර වන (mutually exclusive) පද දෙකක් නොවේ.
විවේචනය තුළ සමච්චලය තිබිය හැකි ය. ඇත්තටම හොඳ විවේචනයක් උත්ප්රාසය හා හාස්‍ය දැනවීමේ ලා සමත් විය යුතු ය.
ප්‍රඥාවෙන් වෙන් කරන ලද ආනන්දයත් ආනන්දයෙන් බැහැර වූ ප්‍රඥාවත් නීරස බැවිනි.
අපහාසය හා උපහාසය වචන වෙනුවට විවේචනය හා සමච්චලය තෝරා ගත් කල ප්රශ්නය ව්‍යාකූල වන්නේ ඒ වචන දෙක එකිනෙක බැහැර කරන සංකල්ප දෙකක් නියෝජනය නොකරන බැවිනි.
සිංහල සම්ප්රදායේ විවේචනය බොහෝවිට සමච්චලය ද සමග පැමිණියේ සිංහලය රසවතුන්ගේ පරාදීසයක් පැවති නිසා ය. මේ අතරින් හිටිවන කවිකාරයෝ අන් හැමට වඩා ඉදිරියෙන් සිටියෝ ය. දැන් එය හරසුන් බොල් මිනිසුන්ගේ තනි අයිතියට පවරා ගැනීමට තැත් කිරීම අප රටේ දියුණුව පතන අයගේ දොම්නසට මිස සොම්නසට නම් හේතු නොවන්නේ ය.
සාගර
April 24, 2009
@හිස වසා ගත් මිනිසා,
1. මේ ප්‍රශ්නයට මම දෙවතාවක් පිළිතුරු දී ඇත්තෙමි. සිංහල නොතේරෙන ඔබ වැන්නන්ගේ ප්‍රයෝජනය සඳහා එය නැවත කියමි. (මේ අවසන් වතාවටය.) මෙහි බෝධිනී සමරතුංග විවේචනය වීම මම අනුමත නොකරමි. එය හොඳයි කියා මා කිසි තැනක කියා නැත. මා මෙහි උත්තර දුන්නේ මා මෙහි ඒවාදුටු නිසාය.
එහෙත් ඔබ කියන විදියට ඇගේ වෙබ් අඩවියේද ඒ සඳහා ඉඩක් ලබා දී නැත. ඔබ පළකර ඇති මේ කමෙන්ට් එක ‘හිස වසා ගත් මිනිසා’ නමින්ම ඇගේ වෙබ් සයිට් එකේ පළ කළ හැකි දැයි උත්සාහ කර බලන්න.
2. කියන දේ උපහාසාත්මකද අපහාසාත්මකද යන්න මට අදාළ නැත. කෙසේ වෙතත් සමච්චලය නරක නම් එය බෝධිනීට පමණක් නොව, බ්ලොග් වල සාකච්ඡා කෙරෙන සියල්ලන්ම, හැම දෙයක්ම සඳහා අදාළ විය යුතුය.
Biily Boy Junior
April 24, 2009
Beyond Frame අයියේ, මේ සැරේ නම් උඹ නානවා වගේ නේද බං? උඹට සන්ලයිට් එකක් එවන්නද?
beyondframe
April 24, 2009
@ Billy Boy Junior
නෑ මලේ මේ දවස්වල තියෙන දාහෙ ගතිය නිසා ඇග සිසිල් වෙන්නත් එක්කල පීනනව
ගොඩ ඉඳන් කෑ ගහන්නේ බැහැපංකො උඹත් වතුරට
Constantin Demiris
April 24, 2009
BF,
“Ask Ranil for what he has done and BF for what it has done!”
That’s what I have done. Ranil did those to gain popularity, to tell the masses that he is opposed to it and to drag the smelly red herring along the roads against the army and the Goverment.
I gave that example for you to draw the parrelels using your own ‘intelligence’. Have I given you more credit regarding your ‘intelligence’?
“Any one is free to laugh at BF and even insult it, provided no filth is used.”
If so why this post then? Surely it has trampled on one of your nerves eh? Why not walk the talk?
Constantin Demiris
April 24, 2009
Sagara,
“බෝධිනී රන්මැනිකේ සමරතුංග මෙතෙක් ලියා ඇති දේ අනුව ඇගේ සටහන් වල, නව කතාවේ පවා පැහැදිළි දේශපාලනයක් ඇත”
Bodhi’s novel as far as I see iis nothing more but a reflection of modern society. And where do the politicians crop up and who are they supposed to represent may I ask? Afterall politicians are also sons and daughters of our own society and if they talk a load of tosh and go about their own brash and fool hardy ways, then it is just a reflection on how modern society works.
Hence If you look at everything from a political viewpoint you will see poitics in everything. See a begger in the streets, thats politics. See a dump of garbage on the streets, thats politics. See a traffic jam cloggin our roads, that’s politics.
But ever thought for once that all these may be our OWN fault?? And that’s what i see Bodhi is trying to explain to all of us.
Readers who fail to comprehend this message in Bodhi’s novel isn’t really reading it.
beyondframe
April 24, 2009
@Constantin Demiris
I wanted to make a distinction between the two words and add some sanity in to the debate.
I also like to laugh at others while I am entertained by others laughing at me. So keep on laughing!
Constantin Demiris
April 24, 2009
BF,
“sanity in to the debate”
Debate? By pretending to be someone else and posting your own comments? AND most importantly not even in the thread within the blogger site in question.
And I thought you can’t clap with one hand. Bravo!
ඩොල්කි රණා..
April 24, 2009
උපහාසය යනු සමාජය විවේචනය කිරිමේ තවත් කලාත්මක දෙයකි.කාටුනු ශිල්පින් මෙන්ම විමල් වීරවංශ වැනි ප්‍රසිද්ධ දේශපාලකයා කරලියට එන්නේද උපාහාසයේ ප්‍රබලයන් ලෙසය.
එය හැම කෙනෙකුටමද කල නොහැකි අතර වැඩිපුර හා වැඩබැරි ටෙනිසන් කුරේලා කරන්නට ගියොත් සමහර විට එය අපාහාසයක් බවට පත් වේ.සමහර විට බෝ අක්කාටද මෙය සිදු වී ඇත.
අනිත් දේ බ්ලොග් අවකාශය තුල කල්ලි වාදයක් ඇති නිසා එක් කල්ලියක් අතින් අනිත් අයගේ කවුරැහරි කෙනෙක් උපහාසයට ලක් කලොත් අන්න අපේ එකාට අපහාස කලේ යයි කියමින් බ්ලොග් වලින් හා කමෙන්ට් වලින් ඇන කොටා ගන්න නිසා මෙය වැඩි වී ගැටුම් බවට පත් වේ.
ලංකවේ සමාජයේ වර්ථමානයේ සිදු වන සිදු වීම් වලින් 90% කටත් වඩා දේවල් සිදුවන්නේ දේශපාලන අරමුණුවලින් යුක්ත නිසා ඒවාට අදාලව සටහන් දැමීමේදී දේශපාලන අදහසකින් සටහන් නොදැම්මත් දේශපාලන දෘෂ්ඨි කොණයකින් මේවා දකින අයගෙන් විවේචනය එල්ල වීම සාමන්‍ය දෙයකි.එය දරාගැනීමට ලියන අයට අනිවාර්යයෙන්ම සිදුවේ.එය තමාගේ බ්ලොග් එක තුලම සිදු වීම අනිවාරයය දෙයක් නොවේ..
අනිත් දේ කාන්තාවක් අපහාස කීරීම යන චෝදනාව..අන්තර්ජාලය තුල කාන්තාව හා පුරැෂය යනුවෙන් බෙදීමක් නැත.කවුරැත් තනි ඒකකයක් පමණි.අනික කාන්තාවක් කියා දෙකේ කොලේට දමා අපි සැලකිය යුතුද නැත.බැනුම් ඇසීමට මෙන්ම ගවුරව ලැබීමට සම අයිතීන් ඇත.මැඩම් චන්ද්‍රිකා කාලයක් බිකිනි ඇදුම් වලින්ද කාටුන්වල සිටියේය..කෝයික වුනත් ලේඩීස්ලට ගරු කරන එක නම් වඩා හොදය..
වෙනත් අයගේ අන්වර්ථ නම් හා චරිත ආරැඩ කරගැනීමට මට කියන්න ඇත්තේ බෝ අක්කා හා ඇයගේ නවකතාවේ චරිත පුද්ගලයන් අතරට ගොස් ඇති නිසා හා ජනප්‍රිය වී ඇති නිසා පුද්ගලයන් එය අනුකරණය කරනවා විය හැක.බෝ අක්කා එය ගැන ආඩම්බර විය යුතුය.කාලයක් මම මුවන් පැලෑස්ස බලද්දී මුවන් පැලෑස්සේ එන ප්‍රවීනාගේ චරිත අනුකරණය කලේය..
තව එකක් ලියු කමෙන්ට් වල අන්තර්ගතය හා අදහස් කොපි පේසට් කිරීම..මේවායේ කිසිම වැරදි දෙයක් මට පෙනෙන්නේ නැත.මෙම බ්ලොග් අඩවිය තුල ඒවා දැකීමෙන් පොඩි හිනාවක් ගියාට ඇගේ බ්ලොග් අඩවිය තුල හෝ ගිණි මකර අයියගේ දහම් පොතේදී මේවා දැක්කට හිනා යන්නේ නැත.එය බ්ලොග් අවකාශය තුලත් කුඩා උප සංස්කෘතීන් බිහි වී තිබීම නිසා විය හැක.
භාග හෝ සම්පුර්ණ කුණු හරප බාවිතය..මෙයට නම් ප්‍රතිපත්තියක් තිබිය යුතුය.කුණු හරප යනු නිකම්ම නිකන් හිස් වචන ගොඩක් උනත් කුණුහරප තියෙන්නෙ අපේ හිතේ වුනත් ප්‍රසිද්ධ බහුතර සමාජයේ එය බාවිතයක් නැත.සමහරැ එහෙම කියන කොට එහෙනම් ඉංග්‍රීසි කුණුහරප ලියන්නේ ඇයි යන්න තර්ක කල හැක.ඒ කුණුහරප කියන්නෙ සුද්දොය.අපි සුද්දො නොවන නිසා හා ඉංග්‍රිසි කුණුහරප වලට වැඩිය තමන්ගේ කුණුහරප දැනෙනවා වැඩිනිසා ඒවා භාවිතා නොකිරිම ඇගට ගුණය.සිංහල දන්න සුද්දෙකුට සිංහල කුණුහරපෙන් බැන්නොත් ඌ හිනා වේ.
අනිත් එක කුඩුකාරයින්,මැරයන්,එල්ටීටී කාරයින් ඉවත් කල යුතුයි කියන දේ.මට හිතෙන හැටියට බ්ලොග් ලිවිය යුතුම අය උන්ය.එතොකොට අපිට කමෙන්ට් එකක් වත් දාලා මචං උඹ ඔහොම උනේ කොහොමද කියාවත් ඇසිය හැක.
මමත් මඩ හා උපහාස රසයට පෙම් බදින කෙනෙකි.මම දන්නා විදියට මඩ ගහන කිසිම කෙනෙක් අන් අය සමග කිසිම පුද්ගලික වෛරයක් නැත.කරන්නේ තමා වැඩියෙන් අයත් යැයි අනුමාන කරන පැත්තට කොනක් අල්ලගෙන පොඩ්ඩක් ගොට්ට ඇල්ලීම පමණි.එසේ ගොට්ට අල්ලා මඩ ගසන කොට මාර ආතල් එකක් තියනවා විය හැක..
මේ දවස් වල මගේ පදේ…උලත් එකක් පිලත් එකයි මඩ කාලයි මෙතෙන්ට ආවේ..
Dilan
April 24, 2009
@ ඩොල්කි රණා.. OR Anonymous :
ඔබ මගේ ලිපියට, ඉහත ප්‍රතිචාරයම Anonymous ලෙස දැම්මා නේද?මම ඒකට පිලිතුරක් දුන්නා. ගිහින් බලන්න කෝ.
http://dilanqs.blogspot.com/2009/04/beyond-framebf.html
ඩොල්කි රණා..
April 25, 2009
@ දිලාන්
මම මේකේ දමපු එක ඔහේගේ කණ්නාඩි පොතේ ගිහින් දාල තියෙන්නෙ මම නොවෙයි.මීට ඉස්සර වෙලා මම මේකට අදාලව කමෙන්ට් එකක් දමපු නිසා, මෙහි දමා ඇත්තේ මඩ වල ගුණාත්මක තත්වය හා එයට ISO 9001 තත්ව සහතිකය ලබාගැනීම පිලිබදව මගේ ස්වාධීන මතය වේ.
මකබාස්
April 24, 2009
@ හිස වසා ගත් මිනිසා
මොලේට යන්න මචං මොලයක් තියෙන්න එපැයි. ගෙදර තියෙන බලු කුන බ්ලොග් එකේ දාන එකාත් එක්ක philosophy කතා කරන්න හරි, සංසදයේ ඇඩ්මින් ල අතින් අතපසු වීමක් වුනාම ඒක වෙනුවෙන් කතා නොකරන, සොරි කියන්න කොන්ද පන නැති “පොරවල්” එක්ක ethics කතා කරන්න තරං මට පිස්සු නැහැ.
මකබාස්
April 24, 2009
————————————————————-
Billy Boy Junior
Beyond Frame අයියේ, මේ සැරේ නම් උඹ නානවා වගේ නේද බං? උඹට සන්ලයිට් එකක් එවන්නද?
beyondframe Said:
@ Billy Boy Junior
නෑ මලේ මේ දවස්වල තියෙන දාහෙ ගතිය නිසා ඇග සිසිල් වෙන්නත් එක්කල පීනනව
ගොඩ ඉඳන් කෑ ගහන්නේ බැහැපංකො උඹත් වතුරට
———————————————————-
බියෝන්ඩ් පෙරේම් ගේ උපහාසය හා අපහාසය වෙන් කරන බෙදුම් රේඛාව
April 24, 2009
ඕක සරලයි මල්ලිලා
මට අපහාස කරනවා නම් ඒවා මඩ ඔය දාලා තියෙන්නේ දකුණු පැත්තෙන්.මට විරුද්ද අය ගැන නං කියල තියෙන්නේ ඒවා නං උපහාසේ. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද . සැක නම් මගේ බ්ලොග් එකේ දකුණුපැත්තේ ගොං කතාව බලන්න.
As some people have used the name and the URL of this blog to insert certain comments in other blogs please note that from today (07-02-2009) onwards Beyondframe will not comment on any other blogsite using its name or URL. So what appears in other blogsites in the name of Beyondframe is not Beyondframe’s, but who wants to throw mud at it. ——————————-
Dilan
April 24, 2009
මා විසින් ලියනලද “BEYOND FRAME(BF) ගේ නිරුවත “ලිපියේ අරමුණ වුයේ BF විසින් පලකිරිමට ඉඩ දෙන අපහාස ප්‍රතිචාර ගැන විවේචනය කිරිමත් ඒ තුලින් BF මෙන්ම අනෙකුත් බ්ලොග් අඩවි තුලත් අපහාස ප්‍රතිචාරවලට වැට බැදිමේ මතයක් ගොඩ නැගිමත්ය.
BF පලකිරිමට ඉඩදෙන “බෝ අක්කා” නමින් පල කෙරෙන ප්‍රතිචාර වල අරමුණ ඇයට අපහාසයක් කිරිම බව කාටත් පැහැදිලිවන සත්‍යකි.මන්දයත් මේ බ්ලොග් අවකාශයේ ඒ නම්න් හැදිවුයේ ඇය පමණක් විමයි.ඇගේ නොවන අදහස් ඇගේ නමින් උපහාසාත්මක ලෙසින් පලකිරිම ඇයට කරනා අපහාසයකි.
තවද නවකතාවේ චරිත යොදාගෙන දමන උපහාසාත්මක ප්‍රතිචාර දෙස බැලිමේදි ඒවායේ ඇයව ගොඩගැනිමේ අරමුණක් නැතිබව හොදාකාරවම පැහැදිලිවේ.අනෙක ඇගේ නවකතාවේ දුර්වල තැන් ඇත්නම් ඒවා එම නවකතාව තුලම ප්රතිචාරලෙසින් පලකිරිම ඇයව ගොඩ ගැනිම අවශය අයගේ යුතුකමයි.එයින් මේ ප්‍රතිචාර දමන්නේ ඇයව ගොඩ ගැනිමටද වැට්ටවිමටද යන්න පැහැදිලිවේ.
එම සොයුරිය ඉලක්ක කරගෙන පල කෙරෙනු අපහාස ප්‍රතිචාර වල අරමුණ වුයේ ඇයව ගොඩ ගැනිමද නැතිනම් විනාශ කිරිමද යන්න යන්න ඔනැම මොලය ඇත්තෙකුට වටහාගත හැකිය යන්න සත්‍යකි. එහෙත් එය BFට වටහාගැනිමට නොහැක්කේ මොලය නැතිනිසාද නැතහොත් මොලය තිබුනද එයින් ප්‍රයෝජන නොගන්නේ නිසාද යන්න නොතේරේ.එම ප්‍රතිචාරවල අරමුණ මාගේ ලිපියහි ප්‍රතිචාර තුල, මා සදහන් කරන ලදි.
කෙසේ වුවද සෘජුවම නොවුවද BF ඔහු අපහාස ප්‍රතිචාර පලකිරිමට ඉඩ දි ඇතිබව අවබෝධ කරගෙන ඇතැයි සිතෙන්නේ ඔහු එසේ විම සදහා නිදහසට හේතු දැක්විම නිසායි
“එසේ වුවද උපහාසය හා අපහාසය අතර වෙනස හඳුනා ගැනීමට මට වුව ද නොහැකි වන අවස්ථා තිබෙන්නට පුලූවන. ඒ සඳහා අවශ්‍ය තොරතුරු මා සතුව නොතිබීම ඊට හේතු විය හැකි ය. සමහරවිට පරෙස්සමින් සමහර ප්‍රතිචාර කියවීමට වෙලාවක් නොමැතිවීම ද එයට හේතු වන්නට පුලූවන .”
එසේම BF ඒ සදහා සමාව ඉල්ලන්නේ මෙලෙසිනි.
“ඒ නිසා මගෙන් වන අතපසුවීමක් හිතාමතා කරන ලද අපරාධයක් ලෙස නොසළකනු ඇතැයි අපේක්ෂා කරමි.”
එහෙත් අපරාධයක් සිතාමතා කලද අත්වැරැද්දකින් වුවද එය අපරාධයකි.
අනෙක් අතට ඔබගේ බ්ලොග් අඩවියේ ඉහලින්ම “So what appears in other blogsites in the name of Beyondframe is not Beyondframe’s, but who wants to throw mud at it” ලෙසින් ඔබ සදහන් කර ඇත.ඔබගේ නම යොදා වෙනත් අඩවිවල අන් අය පලකරන ප්‍රතිචාර මඩ ලෙස දකින ඔබ ඔබේ බ්ලොග් අඩවියේ ඇගේ නමින් පල කෙරෙන ප්‍රතිචාර මඩ(අපහාස ) ලෙස නොදැකිම කණගාටුවට කරුණකි.
එමෙන්ම තව දුරටත් මෙම සංවාදය ගෙනයාමේ අවශ්‍යතාවයක් මා නොදකි.යමක් අවබොධකර ගැනිමට නම් මා දැක්වු කාරණා ප්‍රමාණවත් යැයි සිතමි.
තවද කිවයුත්තේ ඔබ සිදුකරඇත්තේ උපහාසය යොදාගෙන ඇයට අපහාස කිරිමකි.එය නතරකර මේ බ්ලොග් අවකාශය දුෂණය කිරිමෙන් වලකින්න, අන් අයටද ආදර්ශයක් වන්න.
අවසාන වශයෙන් බින්කු මාගේ ලිපියේ දැමු ප්‍රතිචාරයක කොටසක් මාද ඔබට කියමි.
“මචං, පොඩ්ඩක් ඇහුවා නම් කිව්ව දේ එතකොට හරිනේ? හරි විදියක ඉන්නවා නම් අපිත් එන්නම් ආපහු එය දිහාවට.”
මකබාස්
April 25, 2009
–”අවසාන වශයෙන් බින්කු මාගේ ලිපියේ දැමු ප්‍රතිචාරයක කොටසක් මාද ඔබට කියමි.
“මචං, පොඩ්ඩක් ඇහුවා නම් කිව්ව දේ එතකොට හරිනේ? හරි විදියක ඉන්නවා නම් අපිත් එන්නම් ආපහු එය දිහාවට.””—
ඕක තමා හැමෝටම කරගන්න ඔනේ. උං කියන විදියට උංට ඔනේ විදියට ලියන්නෙ නැති එක තමා ලොකුම පුරස්නෙ. උංගෙ කල්ලීයට කඩේ යන්නැති එක, උංට වැඳගෙන ඉන්නේ නැති එක තමා BF උඹ කරන ලොකුම වැරැද්ද.
ඕක තමා හැමෝටම කරගන්න ඔනේ. උං කියන විදියට උංට ඔනේ විදියට ලියන්නෙ නැති එක තමා ලොකුම පුරස්නෙ. උංගෙ කල්ලීයට කඩේ යන්නැති එක, උංට වැඳගෙන ඉන්නේ නැති එක තමා — උඹ කරන ලොකුම වැරැද්ද.
එහෙම උංට ඔනේ විදියට උඹ වැඩ කරනවනං උං එනවලු BF, බ්ලොග් එකට..නියමයි නේද්??
beyondframe
April 25, 2009
බෝ අක්කා නමින් ලියන්නේ බෝ අක්කා ද වෙන කෙනෙක් දැයි දැන ගැනීමේ ක්‍රමයක් මා දන්නා පරිදි අඩවි පරිපාලකයාටවත් නැත. මට එසේ දැන ගැනීමට දිවැස් ද නැත.
යමෙක් එසේ බෝ අක්කාගේ නම යොදා ප්‍රතිචාර දක්වන්නේ නම් ඒ ඔහුගේ හෝ ඇයගේ අලජ්ජීකම ප්‍රදර්ශනය කිරීමකි. එය වැරදිය. එහෙත් ඒ ගැන අඩවි පරිපාලකයාහට කළ හැකි දෙයක් නැත. ඒ බෝ අක්කාගේ ද නැත් ද යන්න කවරෙකු හෝ කියන්නේත් බොරුවට විය හැකි බැවිනි. එහෙත් ප්‍රතිචාරය ඇත්තටම බෝ අක්කාගේ ද නැත්නම් බෝ අක්කා ලෙස ලියන වෙනත් නරුමයෙකුගේද යන්න දැන ගැනීමට නොවරදින ක්‍රමයක් ඇත්නම් එය දැන ගැනීමට මම කැමැත්තෙන් සිටිමි.
මගේ නමින් වෙන අය බොහෝ අඩවිවල විවිධ දේ පළ කිරීම නිසා ඒ බ්ලොග් අඩවි සමග මා අමනාප වූයේ නැත. මට කළ හැකි හොඳම වැඩය මම කළෙමි. මගේ නමින් වෙනත් අඩවි වල ප්‍රතිචාර දැමීමෙන් මම වැළකුණෙමි. කාට හෝ මේ සඳහා වෙනයම් උත්තරයක් ඇත්නම් දැන ගැනීමට ද කැමැත්තෙමි.
බෝ අක්කා ඇයගේ අනන්‍යතාවය සගවා ගෙන සිටියේ නම් ඇයගේ අනන්‍යතාවය එලි දැක්වීමෙන් කවරෙකු හෝ කර ඇත්තේ වරදකි.
ඇත්තටම බෝධීනි සමරතුංග මහත්මිය එසේ අනන්‍යතාවය සගවා ගෙන සිටි කෙනෙක් දැයි මම නොදැන සිටියෙමි.
ඇත්තටම මේ ප්‍රතිචාර පළවන විට දිගට පළවන නවකතාවක් බ්ලොග් අඩවියක යන බව හෝ මම නොදැන සිටියෙමි. කෙනෙකුට සියලුම බ්ලොග් අඩවිවලට පිවිසීමේ ඉඩකඩ නැත. කාලය ඊට හරස් කපන බැවිනි.
BFගේ අනන්‍යතාවය ද එලි දක්වමින් සමහර බ්ලොග් අඩවිවල පින්තූරත් සමග සටහන් පළවී තිබු බව මට දැනුම් දුන්නේ මට ප්‍රතිචාර දැක්වූ බ්ලොග් සගයින් ය. මම ඒවා දැක ඇති පදම් සිනාසුනෙමි.
තේරුම් ගන්නා කෙනෙකුට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට මේ කරුණු ප්‍රමාණවත් යයි හගිමි.
මනෝජ්
April 26, 2009
මෙය කියවා බලන්න. ඊට පසු ඔබට අවබෝධ වේවි ඔබේ බ්ලොග් එකට අදහස් දැක්වූයේ “බෝ අක්කාද” නැතිනම් වෙනත් පුද්ගලයෙක්ද කියලා.
Read this, then you can understand the person who commented on your blog is “Bo akka” or somebody else.
http://bodhini.blogspot.com/2009/04/blog-post_25.html
Billy Boy Junior
April 25, 2009
Beyond Frame අයියේ, උඹ බෝ අක්කට ‘මහත්මිය’ කියන්නේ එයා හැට පැනපු නාකි අම්මන්ඩියෙක් කියලා හිතාගෙනද? අනේ නෑ බං තාම කැම්පස් එකේලු. ඒ හින්ද සමාව ඉල්ලලා ‘මෙනවිය’ කියපං. නැත්නං කැඩපතා උඹට දෙයි ආයෙත් ඇස්ටි හැලෙන්න.
beyondframe
April 25, 2009
@ Billy Boy Junior
මලේ, උඹේ අක්ක වෙච්චි, මට තේරුම් ගන්න තිබුන ඒ පුංචි කෙල්ලක් කියල
ඒත් ලියන ඒවා තලත්තෑනි ගෑනියෙක්ගෙ වගේ නිසා තමයි මහත්මිය කියල ගරුසරු ඇතිව කිව්වෙ.
ඉතින් වැරැද්දට සමාව ලැබෙන්න ඕන. වරදක් කළත් සිතකින් නොවන නිසා.
Billy Boy Junior
April 25, 2009
Beyond Frame අයියේ, උඹ කොළඹ මෙඩිකල් ෆැකල්ටිය පැත්තෙ හෙම යන්ඩ එපා වැරදිලාවත්. කුඩ පාරක් කාගෙන තමයි එන්ඩ වෙන්නෙ.
කැළණිය කැම්පස් පැත්තෙ යන්ඩත් එපා. නලින් ද සිල්වා බලාගෙන ඉන්නවාලු උඹට අමුඩයක් අන්දලා ලිස්සන ගහේ අරින්ඩ.
වැස්සකටවත් ඉස්කෝලෙකට යන්ඩත් එපා. පින්සිබොල් නෝනල නෙළයි මදි නොකියන්ඩ.
මට නම් ඇත්තටම දුකයි බං උඹ නාගන්න හැටියට. ඒ උඹේ සහජ මෝඩකමද?
beyondframe
April 25, 2009
@ Billy Boy Junior
ඇයි මල්ලියෙ, කැම්පස් එකේ අයියල අක්කල! තමන්ගෙ ආධිපත්‍ය දුර්වල කරන්න පාත් වුනු මචං හොයනව කියන්නෙ.
කැළණිය ට මෙඩිකල් ෆැකල්ටිය ට නෙවෙයි සරසවියෙ හතර මායිමේ පස් පාගන්න එපා කියල තියෙන්නෙ.
ඒ විතරක් ද මල්ලියෙ පොලිසියකට ගොඩවදින්නත් බැහැ. මාලූපාන් කතාව නිසා. මාතර ඉස්පිරිතාලෙනුත් බලන් ඉන්නවලූ මෝචරියට අරින්න කියල. කටුනායක ගුවන් තොටුපලේ කට්ටිය සයිබීරියාවට පිටුවහල් කරන්න හදනවලූ.
දැන් නම් මල්ලි මං අනාථයි! උඹේ පිහිට විතරයි මයෙ හිතේ මට ඉතිරි වෙන්නෙ.
සාගර
April 25, 2009
@ඩිලාන්,
මා සිතා සිටියේ මේ අප්‍රසන්න සංවාදයෙන් ඉවත් වීමටය. නමුත් ඔබ තව දුරටත් බ්ලොග් පොලිස්කාරයාගේ භූමිකාව රඟපාමින් අර වැරැද්ද කළා මේ වැරැද්ද කළා කීම තුළ මටද ප්‍රති උත්තර දීමට සිදුවේ.
නිර්නාමිකත්වයට මම ගරු කරමි. සමහරුන්ට එය අහිමි වීම මාරාන්තික නොවෙතත් බරපතළ ප්‍රථිඵල ගෙන දෙන්නක් විය හැකිය. (ඇනෝනිමස්ලාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නෝ මෙ අවදානම ගැන කතා නොකරති.)
බෝධිනී රන්මැණිකේ සමරතුංග යන නම වසර බොහෝ කාලයක් මම සයිබර් අවකාශයේ දැක ඇත්තෙමි. ඒ කිසි අවස්ථාවක ඇය ආරූඪ නාමයකට මුවා නොවූවාය. ඇය එසේ භාවිතා කළේ නම් පෞද්ගලිකව ඇය ඒව ගෙන් නොහඳුනන මා ඇගේ නම දැනගන්නට විදියක් නැත. ඇය එළිපිට නමින් පෙනී සිටින නිසාත්, ඇගේ බ්ලොග් අඩවියේ එය භාවිතා කර තිබූ බව මට හොඳටම විශ්වාස නිසාත් මා ඇගේ නම භාවිත කළෙමි. එසේ නැතිව අර අක්කා, මේ නංගි කියන ග්‍රාම්‍ය ව්‍යවහාරය මම ප්‍රිය නොකරමි.
බ්ලොග් අවකාශය පුදුම තැනකි. ජාතික චින්තන අමනයෝ අන් තැනක අශික්ෂිත ලෙස Beyond Frame පතුරු ගසති. ඒ ගැන කතා කරන්නට කෙනකු නැත. මෙතැන නවකතාවක චරිත කීපයක නම්වලින් හා ‘බෝ අක්කා’ නමින් ප්‍රතිචාර පළ කළාය කියා තොවිලයක් පටන් ගෙන ඇත. කොපි රයිට්ස් ගැන කතා කරන්නට බෝධිනි සමරතුංග මේ නම් වලට trade marks අරගෙන තිබේද?
මම මේ සිද්ධි කිසිසේත් අනුමත නොකරමි. නමුත් හැමවිටම අයහපත් පැත්ත ගැනම බලන්නේ ඇයි? වෙනත් බ්ලොග් කරුවන්ට මුහුණ දීමට සිදුවූ දේට සාපේක්ෂව මේවා සාමාන්‍ය දේය. තමාගේ නවකථාව මෙතරම් ජනප්‍රිය වීම ගැන බෝධිනී සතුටු විය යුතුය. කවරදාකවත් එය නොකිය වූ මමද දැන් එය කියවමි.මේ සිද්ධීන් නිසා ඇය තමන්ගේ පාඨක පිරිස කිහිප ගුණයකින් වැඩිකරගත්තාට සැක නැත. සිරස තමන්ටම ගිනි තබා ගත්තාය කියූ කොන්ස්පිරසි තියරි බ්ලොග් කරුවන් ඒ හා සමාන තියරියක් මීටද ගෙනාවොත් මම පුදුම නොවෙමි. බෝධිනීගේ නවකතාව දැන් ඒ තරමට ප්‍රසිද්ධය. එය ඇය ලැබූ ජයග්‍රහණයකි.
මා නැවතත් කියන්නේ දේශපාලන මාතෘකා කතා කරන කෙනෙකු විවේචනයට භාජනය වීම සාමාන්‍ය බවය. යුද්ධය පැහැදිළිව දේශපාලන මාතෘකාවකි. (ඒ ගැන තනි මතයක් නැති නිසාය.) විවේචනයට බඳුන් වන්නට ඔය තරම් අකැමැති නම් යුද්ධය ගැන නැතුවාට කතා කරන්නට ඕනෑ තරම් අදේශපාලනික මාතෘකා ඇත. කවුදෝ බ්ලොග් එකක් ලියන්නේ අහස ගැනය. තාක්ෂණික බ්ලොග් ගණනාවක්ද වේ. විවේචනය ඔය තරම් නොරිසි කෙනකු කළ නම් දේශපාලන කල්ලි වලට එක් නොවී එවන් අදේශපාලනික දෙයක් කතා ලිවීමය.
මේ ගැන මගේ අවසාන ප්රතිචාරයයි.