පාසල් එන අම්මලාට සාරි අන්දන්නට දත කවන අපේ විදුහල්පතිවරු

තමන් වෙතට එන ලමයින්ට ගෙම්බර් දැමීමෙන් සෑහිමකට පත් නොවූ විදුහල්පති වරු පිරිසක් දැන් තම ආධිපත්‍ය පාසලට එන අම්මලා වෙත ද පැතිරවීමට පටන්ගෙන තිබේ.

ඒ සාරි ඇරෙන්නට වෙනත් කිසිම ඇඳුමක් පාසලට ඇඳගෙන ඒම තහනම් කිරීමෙනි.

මා දන්නා තරමින් එහෙම චක‍්‍රලේඛන උපදෙස් ඉතාමත් පසුගාමී චින්තනයක් සහිත මේ ආණ්ඩුවේ අධ්‍යාපන කන්තෝරුවලින් වත් නිකුත් කර නැත.

එසේ නම් මේ බලය ලැබෙන්නේ කොහෙන්ද ? රට තුළ පවතින ජාතික චින්තන මළ ඉලව්වෙනි. තාත්තලාට නැති කොන්දේසි අම්මලාට පැටවෙන්නේ ඒ ඉලව්වට පින්සිදු වන්නට ය.

සාරි අඳින්නේ නැති විශාල කාන්තාවන් පිරිසක් රටේ වෙසෙති. ඔවුන් සාරියක් අඳින්නේ මගුල් ගෙදරකට පමණක් විය හැකි ය. එක් පැත්තකින් මෙය ආර්ථික වින්නැහියක් ඇති වෙලාවේ අම්මලා වෙත පටවන අමතර බරකි.

මේ තහංචියට හේතු හැටියට දක්වන්නේ එවැනි විච්චූරණ ඇඳුම් පාසල ඇඳීමෙන් ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ගේ ලිංගික ආසාවන් කුළු ගැන්වී ඉගෙනීමට බාධා පැමිණවීමට සිදුවීමත් පාසල තුළ නොසන්සුන්තාවයන් ඇතිවිය හැකි වීමත් ය.

මා දන්නා තරමින් සාරිය තරම් කෙනෙකුගේ ලිංගික ආසාවන් කුළු ගැන්විය හැකි වෙනත් ඇඳමක් කාන්තාවන් සතුව නැත.

මේ බව වඩාත් හොඳින් විස්තර කළේ ලංකාවට පැමිණි ලතින් ඇමරිකානු රටක මිත‍්‍රයෙකි. ඔබ වඩාත් කැමති දේ කුමක් දැයි ඇසූවිට ඔහු කීවේ සාරිය කියා ය. වැඩිදුර විස්තර ඇසුවිට ඔහු හේතු ද පැවසුවේ ය. ඒක තමයි මා දැක තිබෙන ලිංගික අසාවන් වඩාත් කුළු ගන්වන ඇඳුම. එක පැත්තකින් බුරිය පේන්න අඳින්න පුලූවන් කම. අනිත් පැත්තෙන් පිටේ විශාල ප‍්‍රදේශයක් නිරාවරණය වි තිබීම. අනිත් අතට ලලනාවක සතු සියලූ සුන්දර රේඛා ලස්සනට සගවා ඉදිරිපත් කිරීම. වටොර උකුල මේ සියල්ල වඩාත් තීව‍්‍රව මතුවෙන ආකාරයටත් වඩාත් සියුම්ව මවා ගත හැකි ආකාරයටත් දක්වා තිබීම.

ඇත්තටම හේතුව කුමක් දැයි දැන් අපට හිතා ගත හැකි ය. එහෙත් විදුහල්පතිවරුන්ගේ ලිංගික ආසාවන් සපුරාලනු වස් අම්මලා සාරි ඇඳිය යුතු ද?

පාසල තහංචි පනවන මධ්‍යස්ථානයක සිට වඩා නිර්මාණාත්මක මතවාදයන් සකසන නව දැනුම සකසන මධ්‍යස්ථානයක් බවට පෙරලෙන්නේ කවදා ද?

44 Comments »

  1. c4 Said:

    සාරිය කොච්චර හොදද එක ඇන්දාම ඇකුල හොදට පෙනවානේ ලංකාවෙ ගැනු මෙකට මෙච්චර ආස ප්‍රදර්ශන කාමය හොදට කරගනන්න පුලුවන් නිසා

  2. අනූ Said:

    සහතික ඇත්ත මේක මහාලොකු සදාචාරයෙන් අයුතු ප්‍රයොජන ගැනීමක්. සාරියක් ඇදගෙන ආවා කියලා මොකද්ද වෙන දේ? බලන්න ආස අයට හොදට බලාගන්න පුළුවන් මුළු ඇගම.

  3. රන්දිල් Said:

    හැම ‍දේම අඩු පාඩු දකින්න එපා සාරි අදින්න කියන්නේ උකුල බලන්න නෙමෙයි එහෙම හැමෝටම පොදු ඇඳුමක් පිළිබද තීරණයකට ආවේ නැත්තම් නාභියට කරාබු දාගෙන ඉනේ බ‍ඩේ පච්ච කො‍ටාගෙන එන්න පටන් ගනී
    අවංකවම හිතන්න ඒ විදියට වඩා සාරිය ඔසරිය හොඳ නැද්ද?

    අපේ අම්මා රජයේ සේවිකාවකි
    ඇයද බොහෝ විටම අඳින්නේ සාරි හෝ ඔසරි ය
    ඒ කියා මම කිසි දවසක දැක නැහැ අම්මා ඔය කියන ආකාරයට නාභිය, “පිටේ විශාල ප‍්‍රදේශයක්” පෙනෙන පරිදි ඇන්ද බවක්
    සමහර විට ඔබට නෑදෑ වන කෙනෙක් එසේ අඳිනවා විය හැක
    ඔබගේ නෑදෑ වන කෙනා හෝ ඔබ දැක ඇති වෙනත් කෙනෙකු නිසා මේ ආකාරයට සිතන එක නිවැරදි දැයි ආපහු සිතා බලන්න

    ඔබතුමාගේ අදහසට අනුව ගත්තොත් ගුරුමෑණිවරුන් ගේ සාරි ඇඳීමත් ගැටළුවක් නොවේද? ඔවුන්ට ගැබිණි සමයේවත් වෙනත් ඇඳුමක් ඇඳීමට නොදීමට තරම් සාරිය ඔසරිය වැදගත් ඇඳුම් ලෙස පිළිගැනීමට ලක් වී ඇත (සැබවින් ම ඒ සමයේ දී වත් ඔවුනට ගවුමක් වැනි සැහැල්ලු ඇඳුමක් ඇඳීමට අවස්ථාව සලසා දීම පිළිබඳ කතිකාවක් මීට වඩා කාලෝචිත බවයි මගේ නම් සිතුවිල්ල)

    අනෙක් අතට මා හොඳා‍ කාරව දන්නා පරිදි මේ රීතිය පාසල් මට්ටමෙන් ඇති කිරීම ආරම්භ කලේ විදුහල්පති මහත්වරුන් නොව විදුහල්පති මෑණිවරුන්ය (මෑණි ය‍නුවෙන් අමතන්නේ අදටත් අප ඔවුන් සිහි කරන්නේ අපේම මව සිහිකරන්නාක් මෙන් බැතියෙන් නිසාවෙනි අදටත් ඔවුන් අපට දුන් ඔවා උපදෙස් අපට කොතරම් වටනේද කියා මොහොතින් මොහොත තහවුරු වනවා මිසක කිසිදාක අඩුවක් නම් සිහි නොවේ)

    ඇත්තටම එම රීතිය පාසල් මට්ටමෙන් ඇති කිරීමට විදුහල්පති මෑණිවරුන් උත්සහ කළේ ගුරුතුමා හිටගෙන සුළු දිය පහ කරද්දී ගෝලයෝ දුවමින් ඒ දේ කරන නියා දන්නා නිසාය
    අම්මලා “විච්චූරණ ඇඳුම් පාසල ඇඳීමෙන් ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ගේ ලිංගික ආසාවන් කුළු ගැන්වී ඉගෙනීමට බාධා පැමිණවීමට සිදුවීමත් පාසල තුළ නොසන්සුන්තාවයන් ඇතිවිය හැකි වීමත්” සිදුවීමට වඩා අම්මලා ඇඳුමේ භාගයක් ඇඳගෙන ආ කල දුවනියන් (1/4) කාලක් අඳින්නට පටන් ගන්නා නිසාය
    ඕනෑම කෙනෙකුට පාරට බැස්සහම දකින්න පුළුවන් හෙට දිනයේ රට භාර ගන්න ඉන්න දූ දරුවන්ට උපත ලබා දෙන්නට ඉන්නා අද තරුණ පරපුරේ හැදියාව
    රට යන අත ගැන දෙපාරක් තුන්පාරක් නොව දහස් වාරයක් හිතන්නට සිදුවී ඇති මෙවන් යුගයක එවැනි රීතීන් ඇති කිරීම කාලෝචිත බවයි මගේ නම් සිතුවිල්ල
    සමහර විට අම්මා පාසලට සාරි ඇන්දත් වෙන අවස්ථා වලදී ඔබතුමා කියන ආකාරයේ “විච්චූරණ ” අඳිනවා විය හැක
    ඒත් කාලයත් සමග නිවැරදි දේ වටහා ගෙන තමන් තම දරුවන්ගේ ආදර්ශය බව ඔවුන් වටහා ගනු ඇත

  4. beyondframe Said:

    මගේ විරුද්ධත්වය සාරි ගැන නොවේ. ඇත්තටම එයින් මතු කරන ශෘංගාරයට මා කැමති ය. ගැහැණියක් සුන්දර විය යුතු බව මගේ අදහසයි.

    සාරියක් පවා බුරිය පේන්නට හා පිට පේන්නට ඇඳිය හැකි ය. එහෙම ඉඩක් තිබියදී එයට අවසර ලැබෙන්නත් සාය හැට්ටය වැනි ඇඳුමක් එසේත් නැත්නම් සල්වාරිය වැනි ඇඳුමක් සඳහා එසේ නොලැබෙන්නටත් හේතුව මට සොයා ගත නොහැකි විය.

    තව ටික කලක් යන විට සාරියේ දිග පළල ගැන නීති දමන්නත් ඔබේ තීරය ගැන නීති පනවන්නත් විදුහල්පති වරු ඉදිරිපත් වුවහොත් ඒ ගැන ද පුදුම විය නොහැකිය.

    මිනිසුන් ට දැනුම දෙනු වෙනුවට ඔවුන්ට තහංචි දැමීමේ තේරුමක් නැති බවත් එසේ කරන්නට ගියවිට තහංචි දමා අවසානයක් කළ නොහැකි බව ත් කියන්නට මට ඕනෑ විය.

  5. රන්දිල් Said:

    මා දන්නා පරිදි නම් ශෘංගාරය රැඳී ඇත්තේ ඇඳුමේ වත්, අඳින කෙනා මතවත් නොවෙයි
    එය රැඳී ඇත්තේ බලන කෙනාගේ මනස මතයි
    අවුරුදු 75ක 80ක මහළු කාන්තාවකට පිටේ විශාල ප‍්‍රදේශයක් ප‍්‍රදර්ශනය වන ලෙසත්, ඔබේ තීරය අඩියක් හෝ අඩි එකහමාරක් පමණ වන ලෙසත්, වන පරිදි වූ සාරියක් ඇන්ද වූයේ නම් ශෘංගාරය ඇති අයුරු බලා ගත හැක
    ඔබතුමාට වුවත් යම් දිනෙක ඔබගේ පුතු සමග පාසලේ පැවැත්වෙන රැස්වීමකට යාමට සිදුවුවහොත්, උඩටත් නැති පහලටත් මැදටත් නැති ඇඳුම් ඇඳි මව්වරු පිරිසක් මැදට වැටුනහොත්, ශෘංගාරය ඇති කරවන සාරිය ඔසරිය, එම ඇඳුම් වලට වඩා දහස් ගුණයක් හොඳ බව වටහා ගනු ඇත

  6. Sagara Said:

    ප්‍රශ්නය සාරියද, ඔසරියද සල්වාරියද කියන එක නොවේ. දෙමාපියන්ගේ ඇඳුම ගැන නීති පනවන්නට මේ ගුරු නයිදේ, මහගේලාට ඇති අයිතිය මොකද්ද යන්නය. ඕනෑම සමාජයක, අනුන්ට කරදරයක් නොවේ නම් තමන් කැමති දෙයක් අඳින්නට කෙනෙකුට නිදහසක් ඇත. අනුන් බලෙන් සදාචාරවත් කිරීමට සැරසෙන්නේ (සමහර සිංහල බ්ලොග් ලියන්නන්ද ඇතුළු) මෝඩයින් කීපදෙනක් විතරය. දැන් මේ සාරි අඳින මඟුල පිළිගත්තාය සිතමු. තව ටික දවසකින් මුන් සාරියේ පාටටත් බාධා දමනු ඇත. (“රතු සාරි අඳින්න එපා. ළා පාට සාරි විතරක් අඳින්න.”) මුන් හිතාගෙන ඉන්නේ ළමයින් පමණක් නොව දෙමාපියනුත් තමන්ගෙන් ඉගෙන ගන්නවා කියාද?

  7. Siriyalatha Said:

    To Randil anne uba baba.
    I am living in out of Sri Lanka last 5 Months. In this Country, we had a very hart Winter. Now we are beginning of springtime. Still Some Days are Cold. But sometime we have a 23 Celsius Temperature.In these hot days Teenagers, Women, Men and most of them wearing Shorts, T-Shirts really Summer Cloths(Half Naked). Everyone want to see good looking. But it is not Disturbed for me and others. I enjoying it. Most of them going to Gem and care of there “Shape of Body”.

    In Sri Lanka , we have hole of the Year Summer Climate. But we wearing to thick cloths.It is too terrible to wearing a Frock with underskirt in this hot Climate.Can you imaging how about a Sarriy.It is with 3 Meters long.

    I like to ask the Boys, who comments this Letter. Are you ever tried in your Life to Ware a Sarri and travelling a Rush our (around 14 o clock of 18 o clock) in a Sri Lankan Bus.pls try to have a this Experience. Then after that you can comments.

    In my point of view , In Sri Lanka i like to weare baggy pants,T-Shirts,Shorts, shirtless with Cottons.

    Otherwise Sri Lanka is a so call Democratic Country. Who is the Bugger to tell me about my Cloths. If i am living a Democratic County. I like to have a benefits of Democratic.

    About the Boys Behaviour in 11th or 12th Class. It is typical not only Sri Lanka, Hole over the World.Young peoples attending to Puberty. Their Hormones are active. Searching for Love, like to have first Sex Experience with a Girl or Boy. But no no Sri Lanka , you are not allow to have a love affair. You should pass the Exam. Sri Lanka is a County ” We are silence and ok for all type of Killing and Love is prohibited”

    My English is not good. Unfortunately i don`t know how to comment in Sinhala Language using a Language software.

  8. Siriyalatha Said:

    Opps. I forget to thanks beyondframe. Thank you very much to write a such a nice Blog Letter for US. I am really enjoying your Letters. Keep writing.

  9. රන්දිල් Said:

    @ සාගර

    මේ ගැන වැඩි විස්තර දැන ගැනීම පිණිස වත්තල OKI International පාසල පිළිබද හසල දැනුමක් ඇත්තෙකුගෙන් විමසන්න.

    අනෙක් අතට ඔබ ‍බ්ලොග් සටහනින් මොන මොන අදහස් කීවත් කාටවත් කරදරයක් නැති නිසාවෙන් ඔබේ බිරිද ට ඔබේ දරුවාගේ පාසලට බිකිනියකින් සැරසී යාමට ඉඩදේ යැයි අපට නොසිතේ. ඔබේ ඔය අදහස ඕනෑම තත්ත්වයක් යටතේ වෙනස් නොවන්නේ නම් හැකි නම් ඇයට එසේ සැරසී යන ලෙස කියන්න. මොකද එයින් අපට නම් අබමල් රේණුවක තරම් වත් කරදරයක් නැති නිසාවෙනි. “ඔබ කියන පරිද්දෙන් ඕනෑම සමාජයක, අනුන්ට කරදරයක් නොවේ නම් තමන් කැමති දෙයක් අඳින්නට කෙනෙකුට නිදහසක් ඇත” යන කරුණ සනාථ කරන බැවිනි.

    කවුරු මොන මොන නම් වලින් ආවත්
    අත් අකුරු වගේම තමයි ශෛලියත්
    කෙනා හඳුන ගන්නට ප‍්‍රමාණවත්
    අනේ මෙහෙමත් සමහරක්

  10. ecH Said:

    හ්ම්… ලතින් ඇමරිකන් මිත්‍රයා නම් ජීවිතේට සාරියක් දැකල නැති නිසා එයාට එකපාරම සාරියෙන් මතු කරන ශෘංගාරය පේන්න ඇති. ඒ වුණාට ලංකාවෙ අයට නම් සාරිය අර කුකුලගෙ කරමලේ වගේ එකක් මම දන්න තරමින්. (මම දන්න තරම තමයි :D ) ලංකාවෙ අයට නම් වෙනත් විලාසිතා හරහා තමයි ශෘංගාරය දැනෙන්නේ. ඒ නිසා පාසලක් වගේ තැනකදි නම් යම් විනයක් තියෙන එක හොඳයි. අනික සාරිය නොඇඳ වෙනත් ඒව ඇඳීමෙත් සීමාවක් තියෙනවනේ.

    ලතින් ඇමරිකානු රටවල විකාශනය වෙන ප්‍රේක්ෂකයොත් සහභාගි වෙන රියැලිටි වර්ගයේ රූපවාහිනී වැඩසටහනක් මම ඔබනලයෙ දැකල තියෙනව. ඒක ඉදිරිපත් කරන නිවේදිකාව ඉන්නෙ යන්තම් වැහෙන්න ඇඳගෙන. ඒ රටවලදි ඒක ගානක් නැතිව ඇති. දැන් දැන් විලාසිතා පැතිරෙන විධියට ඉදිරියෙදි ලංකාවටත් ඒකෙ මහලොකු දෙයක් නැති වෙයි. සීමාවල් දාල සීමා කලොත් මිස විලාසිතා හරහා කාන්තාවන් අඳින ඇඳුම් ප්‍රමාණය අඩුවීම නතර කරන්න බෑ. ඒ සීමාව හදන්නෙ කවුද කියන එකයි කේස් එක.

  11. Sam Said:

    කතාවෙ ඇත්තකුත් තිබිය හැක. කොල්ලන්ගේ ලිංගික හැගීම් උත්දීපනය වෙනවා විය හැක. ech කී පරිදි, සීමා දැම්මේ නැත්තම් මෙ හයක් හතරක් නොදන්නා, අසමජ්ජාති ලංකාවේ අධම මිලේච්ච ගෑනු ජාතිය, කොටට අදින්න පටන් ගනීවි. දැන් අපි මේ නීතී රීතී දා, මේ ලංකාවේ ගෑනු සංහරය ආන්ඩුමට්ටු කර තියෙනා නිසා රන්දිල්ගේ අම්මාත් හොදට ඇග පත වැසෙන්නට අදිති. ඒ කෙසේ වුනත්, අපේ ලතින් මිත්‍රයාගේ කතාව අමතක කර නොහැක. අපි හැමදාම දකින නිසා, කුකුලාගේ කරමල වාගේ වුවාට, අපේ මැනීයන් දෙස බලා සමහර විට පිට පිරිමින්ගේ ලිංගික හැගුම් උත්සන්න වෙනවා විය හැක. මෙය මහා අබාග්‍යකී. මා යෝජනා කරන්නේ, කාන්තාවන්ගේ, හිස සිට දෙපතුල දක්වා වසා මේ කරන්න පටන් ගත්තු මහා පුන්යකර්මය හරියට කරනා ලෙසයී. මාගේ යෝජනවනම්, කලු ඇදුමකි. ( නැත්තම්, අපේ මිලේච්ච ගෑනු රතු අපේ ලිංගික හැගීම් උත්දීපනය වෙන්න රතු පාට, රෝස පාට අදින්න පටන් ගනී ). ඇස දැලකින් වැසීම යෙහෙකී.

    නීතී රීති නොමැතිව, යහපත් ඇදුමකින් සැරසී පාසලට යාමට අපි වගේ ශිෂ්ට සම්පන්න, උගත් වැදගත් පිරිමින් ගැන මා ආඩම්බරය.

  12. beyondframe Said:

    බොහෝ දෙනා හිතා ඉන්නේ තමන් ඇරුණහම මේ රටේ ඉන්න වැඩිහිටි බාල කවුරුත් අඳ බාලයන් කියා ය. ඒ නිසා උන් ආණ්ඩු මට්ටු කිරීම, උන්ට රෙදි ඇන්දවීම, උන්ට හැසිරෙන හැටි දක්වන නීති පැනවීම තමන්ගේ කටයුත්තක් ලෙස ය.

    විදුහල්පති වරු අම්මලාට සාරි අන්දන්නේත් අම්මලාට සාරි ඇන්දුවේ නැත්නම් උන් පිස්සු කෙළිනු ඇතැයි ඊයේ පෙරේදා කර දණ්ඩ මහත්වූ කොලූ පැටව් කියන්නේත් ඒ හේතුව නිසා ය.

    දෙමළුන් ලගට ආණ්ඩු මට්ටු කළ යුත්තේ අන්‍යාගමිකයින් සහ ගැහැණුන් ය. ඒ මේ රටේ උරුමක්කාරයින් හා පොල්මක්කාරයින් හිතන හැටි ය

  13. Sagara Said:

    @රන්දිල්,

    බිකිනියකත් සල්වාරයක්/ගවුමක් අතර වෙනස තේරුම් ගැනීමට සමහර උන්දලාට පුළුවන් කමක් නැත. උන් හිතන්නේ ගවුමත් බිකිනියක් කියාය.

    කෙසේ වෙතත් ඉතා පැහැදිළිව මා කලින් කියූ ලෙස මෙය ඇඳුම පිළිබඳ ගැටළුවක් නොව බලය පිළිබඳ ගැටළුවකි. තලේබාන් බෞද්ධයන්ට එය වටහා ගැනීම අසීරු විය හැකිය.

  14. ecHගේ පිළිතුරට එකඟ වෙනවා හැරෙන්න මට කිව හැකි දෙයක් නැත. සාරිය ඇදීමට ඔහොම නියෝගයක් දෙනවා නම් මුස්ලිම් කාන්තාවන්ට පාසල පැත්තට එන්න වෙන්නේ නැහැටි කියලාද කියන්න වෙන්නේ. ඇතැම් සාරි නෝනාවරුත් බුරිය විතරක් නොව බඩේන් බාගක් අදින නිසා එතුමියන්ට පාසලට එන්න කජ්ජක් නොවෙනු ඇත, විමසුවෝත් ‘අනේ පින්සි කිව්වේ සාරි ඇන්දන් එන්න කියලානේ ඔන්න ඉතින් මම ඇන්දන් ආවා ගෙදර තිබ්බ එක’ කියලා කියන්න බැරිකමක් නැහැනේ? විය යුත්තී අන්තවාදී චිත්තනයෙන් නොව නිසි බලධාරින් මගින් නිසි සංවර ඇඳුමක් ඇදිය යුතුයැයි යෝජනා කිරිමයි.

  15. Me Said:

    Sarees, Lipstick and powder – I believe that’s the national dress of Sri Lankan street prostitutes. Perhaps the principals of the schools only use higher class prostitutes that wear denims and tops…

    Ado Randil,
    Just because you get an erection seeing a woman wearing a skimpy dress doesnt mean today’s kids get one too. I believe the younger generation is more open and positive about sex these days.

    I know idiots like you will never get this, but that’s a good thing!

  16. nidhahasa Said:

    අනිත් අයට නීති පනවන්න අපේ අයට හරි උවමනාවක තියෙනව. ඒක තමයි තලේබාන් චම්පිකල ට මේ සමාජයේ පැවැත්ම ඇති වෙලා තියෙන්නෙ .

  17. මෙය මෙම ලිපියේ මූලික අදහස පිලිබඳ පලකරන සටහනක් නොවන බවත්. කිසිවෙකු මතු නොකල කනගාටුදායක පැතිකඩක් පිලිබඳ අදහස් දැක්වීමක් බවත් කරුණාකර සලකන්න.

    [ උපුටනය] මේ තහංචියට හේතු හැටියට දක්වන්නේ එවැනි විච්චූරණ ඇඳුම් පාසල ඇඳීමෙන් ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ගේ ලිංගික ආසාවන් කුළු ගැන්වී ඉගෙනීමට බාධා පැමිණවීමට සිදුවීමත් පාසල තුළ නොසන්සුන්තාවයන් ඇතිවිය හැකි වීමත් ය. [ නූඋපුටනය]

    මෙවන් බොලඳ අදහස් , අසන්නට ලැබීම, කියවන්නට ලැබීම හා ඒ පිලිබඳ කතා කරන්නට සිදු වීම අතිශය කණගාටුවට කරුණකි. ‘දරුවන්ගේ ලිංගික ආසාවන්’ වලට පොල්ල දැමීමට කිසිවෙකුට ඇති අයිතිය කුමක්ද?මේවා ශ්‍රී ලාංකීය මී හරක් සමාජ ව්‍යුහය තුල දක්නට ලැබෙන ඌණ සංවර්ධිත ලක්ෂණය. දරුවන්ගේ ලිංගික ආසාවන් බැකෑෂ් කරමින් දරුවන් යහ මගට ගන්නට තැත් කරන මේ මන්ද බුද්ධික චින්තකයින් තම නාඹර වයස පඳුරු තුල සැමරූ අය බවට සැකයක් නොමැත. උන් දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේත් තමා මෙන්ම පඳුරු තුල හෝ සිනමා ‘කර්මාන්තය’ නගා සිටුවීම පිණිස සිනමා සැල් තුලට හෝ පමනක් ලිංගිකත්වය කොටු කර තැබිය යුතු බවද?

  18. සෑම් ට පිලිතුරැ

    [ උපුටනය]සීමා දැම්මේ නැත්තම් මෙ හයක් හතරක් නොදන්නා, අසමජ්ජාති ලංකාවේ අධම මිලේච්ච ගෑනු ජාතිය, කොටට අදින්න පටන් ගනීවි. දැන් අපි මේ නීතී රීතී දා, මේ ලංකාවේ ගෑනු සංහරය ආන්ඩුමට්ටු කර තියෙනා නිසා රන්දිල්ගේ අම්මාත් හොදට ඇග පත වැසෙන්නට අදිති.[ නූඋපුටනය]

    විසි එක්වැනි සත වර්ශයේ දී මෙවැනි කියුන් අසන්නට ලැබේ යැයි මා කිසිසේත් බලා පොරොත්තු වූයේ නැත… සෑම්ගේ පිලිතුර පිලිබද මම බෙහෙවින්ම ශෝකයට පත් වෙමි…. ලංකාව ප‍්රජාතන්ත‍්රවාදී රටක් ලෙස පිලිගැනුනත්, මෙම ලෙස ගැහැනු අයව ආන්ඩු මට්ටු කිරීමට සැරසී සිටින අය සිටින තාත් කල් සැබවින්ම ලංකාව ප‍්රජාතන්ත‍්රවාදී රටක් වන්නේ නැත. පිරිමි උඩවිය කියනා තාලයට ගැහැනු නටනේ නම් මොවුන් අතිශයින්ම සතුටුය…

    රටේ ලෝකයෙ සිටිනා ගැහැනුන්ට නීතී දැමීමට හැකි අයිතිය කොහෙන් කොහොම ලැබුනාදැයි මම විස්මිත වෙමි…. සදාචාරය යනු බලෙන් පෙවිය හැක්කක් නොව… බලෙන් කිරීමට යන කිසිම දේක තේරැම්ක් හෝ පැවැත්මක් නැත… යම් දෙයක් සාර්ථක වන්නේ එහී ඇති වැදගත්කම සැබවින්ම හදුනාගෙන ක‍්රියාත්මක වන විටදීය.

    සැබවින්ම ලංකාව දේශගුනයෙන් අතිශයින්ම උනුසුම් රටකි… මෙවැනි දේශගුනයක් පවතින රටක ගැහැනුන්ට මුලු ශ‍්රීරයම වසාගෙන යෑම මහත් ක‍රද‍රයකි… මා මෙයින් අදහස් ක‍රන්නේ නිරැවතට හෝ අඩ නිරැවතට අනුබල දීමක් නෙවේ…

    කාරැනික පිරිමි සහොද‍්රවරැනි… හෙට සිට ඔබ සැමට අප්ගේ ජාතික ඇදුම හිස සිට දෙපතුල දක්වා අදිනට ලැහැස්තීනම් ගැහැනු අපිත් සාරී ඇදීමට සූදානම්ය… :P

  19. Sam Said:

    මධු නගේ, මේකනෙ පුරස්නේ. දැන් ඔය සිරිපාල සරම නොවෙයී, අමුඩෙ ගහගෙන ගියත් කෙල්ලන්ගෙ මද කිපෙන්නේ නැහැනේ. වැඩිම උනෝතින් ඕන් ලෙන්සුවෙන් කට පොඩිත්ත වහගෙන හිනාවෙයී. ඒ නිසා අපිවාගේ ශිෂ්ටසම්පන්න, බුද්දිමත් අතිගරුක පිරිමින්ට ඇදුම පිලිබද පුරස්නයක් නැතෙයී.

    දැන් අපේ මෑනියන්ලාගේ චීත්ත රෙද්ද වැලක දාලා තියනවා දැක්කත්, අපේ නාබර කොල්ලන්ගේ මද කිපෙනවානේ. කාගෙද වැරද්ද. හැදූ වැඩූ දෙමාපියන්ගේද. ඉගැන්වු ගුරුවරුන්ගේද? නැහැ. අර රෙද්ද අයීති මැනියන්ගේ.

    මම මේ කියන්නේ බොරුනම්, ඕන් ඕනෑම ආගමික පොතක් අරගෙන කියවන්න. (හැබැයී මම අහල තියනවා බුද්දාගමද මොකැද්දැයී කියලා මලදානයක්, නැහැ ගැහැනුගේ වැරද්දක් නැතෙයි, නීති දාලා සදාජාරේ රකින්න බැරියැයී කියලා තියනවා කියලා. ඒ නිසා ඒ පොත කියවන්න එපා හොදේයී)

    මේ වසර දෙදාහක ඉපරනි සංස්කෘතියක් තියන රටේ, විසි එක්වෙනි ශතවර්ශයක් ගැන කතා කරන්න නගාට පිස්සුද. අපි ඔය බටහිර සතවර්ශවලට වහල් නොවී, අපේ පැරනි විශිශ්ට සංස්කෘතිය රැක ගන්න ඕනේ.

  20. මට පෙනෙන හැටියට ඔය අයියා එක්කො ඉස්ලාම් ආගම අදහන්නෙක් එහෙම නැත්නන් ගැහැනුන්ව පෙන්නන්න බැරි ලෙඩක් තියෙන කෙනෙක්…

    එකනෙ කලු පාට ඇදුන් අන්දලා මුලු ඇගම වැහෙන්න ගැහැනු අයව අන්දන්න උත්සහ ක‍රන්නෙ… මම සිතනා ප‍රිදි අපි ඇදුම් අදින්නේ විලි වහ ගැනීම සදහාම නොවෙයි… බාහිරෙන් ශ‍රීරයට සිදුවන ආපදාවලින් ආරක්ශා වීමටයි… ලංකාව වැනි උනුසුම් රටකට ගැලපෙන්නේ මුලු ශ‍්රීරයම වැහෙන ඇදුම් නොවේ…

    නාබ‍ර කොල්ලන්ගෙ මද කිපෙන එක න‍රක දෙයක් ද? මම සිතනා ප‍රිදි නම් නිසි වයසේ දී මද නොකිපෙන තරැණ තරැණියන් කිසියම් අසනීපයකිම් පෙලෙන බවයි…

    ඔබ ගැහැනිය කෙරෙහි කිසියම් කෝපයකින් පෙලෙන බව සහතිකය.. පිරිමි ජාතිය ඔහොම්මමය… ඔනෑම ව‍රදකට ගැහැනිය පටලන්නට උත්සහ ද‍රන්නෙ ගැහැනිය පිරිමින්ට වඩා පහත් තත්වයක සිටින බව ඔබලා අතිශයින්ම විස්වාස ක‍රන නිසාය…

    පිරිමි අමුඩකෙටි ගහගෙන යද්දී ගැහැනුන්ගේ මද නොකිපෙන බව ඔබට කිවුවේ කවුද? කතා කල යුත්තෙ දන්නා දේවල් ගැන පමනය..

    ඇත්ත කතාව නම් පිරිමින්ට තමුන්ගේ ඉන්ද‍්රියයන් පාලනයක‍ර ගත නොහැකිය.. නමුත් ගැහැනිය එය ඉතාමත් දක්ශලෙස පාලනය ක‍රගනී…

    ඔය ත‍රම් අපේ සංස්කෘතිය රැක ගන්න වෙරද‍රන ඔබ ජාතික ඇදුම කී පාරක් ඇන්ද අදින කෙනෙක්ද?

    අවසාන වශයෙන් සත්යය නම් පිරිමින්ගේ දුර්වලතාවයන් නිසා (හැගීම් පාලනය ක‍රගැනීම) ගැහැනුන්ට ඊජිප්තු මමී ලෙස ඔතා හිරිහැර ක‍්රන්නට යන පිරිමියනි… අඩුම ත‍රමින් ඔබගෙ වැරදි පිලිගන්න…

  21. නිදහස් අදහස් Said:

    කොහොමටත් ලංකාව කියන්නනෙ හැමදාම වැලලිලා ගිය සංස්කෘතිය ගැන උඩ පැන පැන ඉන්න සදාචාරමය වශයෙන් අබ්බගාත වෙච්ච රටක්. ලීංගික කුහකත්වයෙන් පෙලෙන අපේ වගේ රටවල පිරිමින්ගෙ වැඩ වල හැටියට මේ වගේ විකෘති විහිලු එක දෙයක් පමණයි. ඒක නිසා තමයි ගෑණූ ඇඳුම ගැන මේ තරම් උනන්දු. ඒ වුනාට වැඩියෙන්ම අන්තර්ජාලයේ බලන්නෙ ගෑණූ ඇඳුම් ගලවගෙන ඉන්න හැටි. අබ්බගාත සංස්කෘතියට ජය වේවා !!!

  22. Sam Said:

    නංගි කියන්නේ ඩීස් එකේ, ආනන්දෙ, විශාකාවේ විදුහල්පතිලත් මුස්ලිම් කියලද? ගැහැනිය පිරිමියාට වඩා පහත්බව කියන්නේ මම නොවේය. අපේ උගත් දැනුවත් උදවියය. උඩ ඇති ලිපි කියවූවෝතින්, එහෙම උදවිය බොහෝමයකුගේ අදහස් දැකිය හැකිය. ඇදුම විතරක් නොවෙයී, ගැහැනුන්ට ලමයින් ගැන දයාවක් කරුනාවක්වත්, පිරිමින් තරමට නැත. ඒනිසානේ අපිට පොඩි ලමයී ඉන්නා ගෑනු උදවියට පමනක් රට යන එක තහනම් කොරලා නීතිහදන්න වුනේ. පිරිමි වෙනුවෙන් එහෙම නීති හැදුවේ නැත්තේ, එහෙම අවශ්‍යතාවයක් නැති නිසාය. ගැනුන්ට රාත්‍රියේ තනියම පාරේ යන එක තහනම් කොරලා නීති තියෙන්නේ, අපේ ගැනුන්ට තනියම රැට පාරේ යන්න එන්න දුන්නොතින්, නංගිලා වක්කඩ ඇරියා වාගේ අනාචාරයේ හැසිරෙන නිසාය. මේවගේ කාරනා මට බොහෝමයක් කියහැක. ඔය නීති හැදූ බොහොමයක් උදවිය කාන්තාවන්මය.

    අවසානයේ නගාට කියන්න තියන රහස, මා ඉහත ලියු දේ උසුලුවක් (sarcasm) බවය. ඒ නිසා හැබැවටම කේන්ති ගන්න එපා.

  23. රසික Said:

    අපේ රටේ ගුරු පරපුර ගැන ඔය වගේ කැත කතා කියන එක ගැන අපිට දුකයි. අපි අකුරු කළේ සැබැවින්ම ගුරු මව් වරුන්ගෙන්. ගුරු පියවරුන්ගෙන්. ඒ කාලේ අපි වැරදි කළා. අපිට ඒවට දඩුවම් දුන්නේ ඔවුන්ට විකෘති මානසිකත්වයක් තිබුණු හංදා නෙමෙයි. අපිට ආදරේ හංදා.(ඒත් වැරදි කරන ගුරුවරු කීප දෙනෙක් ඇති. ඒක සමාජ යතාර්ථය) .

    ඒත් ගුරුවරයා කියන්නේ පූජණීය චරිතයක්. දෙමව්පියන්ට සාරි අඳින්න කියන්නේ සාරිය සෙක්සි ඇඳුමක් හංදා ඒ දිහා බලා ඉන්න කියල මේ බියොන්ඩ් ප්රේම් නම් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගෙන නැති අව-ජාතික යා මතයක් හදන්න හැදුවට ඒක මේ රටේ ඉන්න මිනිස්සු පිළිගන්නෙ නෑ.

    මීට අවුරුදු 10කට ඉස්සර දෙමව්පියො පාසලට ඇන්ද ඇදුම් නොවෙයි දැන් අදින්නෙ. දෙමව්පියො ස්වයං විනය පවත්වගන්නෙ නැති වෙනකොට විදුහල්පති වරයා ඒ වගේ රීතියක් දැම්මට ඇති වැරැදද මොකක්ද? මෙතන තියෙන්නෙ පංජාබ් එකක් ඇඳගෙන, දිග සායක් හැට්ටයක් ඇඳගෙන පාසැල් එන එක නොවෙයි. සමහර අම්මල එන්නෙ ටයිට් ඩෙනිම් ඇඳගෙන.සමහරු ත්‍රී ක්වාටර් ඇඳන්. සමහරු කොට සායක් ඇඳගෙන.

    අපේ සම්මත සමාජයේ මෙම ඇඳුම් පූජනීය තැන්වලට අඳින්නෙ නෑ.පාසල කියන්නෙත් පූජනීය තැනක්.(බියොන්ඩ් ෆ්රේම් ඔබට මේව තේරෙන්නෙ නැතුව ඇති. මොකද ඔබ වැස්සකටවත් පාසලකට ගිය බවක් අපි පහුගිය කාලය පුරාවටම දැක්කෙ නෑ)

    මිනිස්සුන්ට කොච්චර කිව්වත් හැදුනේ නැති නිසා තමයි ශ්‍රී මහා බෝධිය ඉස්සරහ ඇඳුම බලල නීති පනවන්න උනේ.කවුරු හරි කියනව නම් කොට කලිසමක් ඇඳන් ශ්‍රී මහ බෝධිය වඳින්න නොදෙන එකෙන් ආර්ථික ප්‍රශ්නයක්, දුප්පතුන්ට අසාදාරනයක් වෙනව කියල ඒකට පිස්සු කියන්න තමයි අපිට වෙන්නේ !!!

    විදුහල්පතිගේ එවගේ රීතිවලට යටත් වෙන්න බැරිනම්, ත්‍රී ක්වාටරේ ගහගෙන ඉස්කෝලෙ යන්න ඕනෙම නම් තමුන්ගෙ ලමයව ඉන්ටනැෂනල් ස්කූල් 1 කට යවාගන්න.

    ඒත් අපේ ගුරුවරුන්ට මේවගේ කැත විදිහට අපහාස කරන්න එපා.

    ලබන ආත්මයේදී වත් හොඳ ගුරුවරු ඇසුරුකරන්නට බියොන්ඩ් ෆ්රේම්ට හැකියාව, වාසනාව ලැබේවා.

  24. beyondframe Said:

    @රසික

    ඇත්තටම වැස්සකටවත් මෙවැනි පාසල්වලට නොගිහින් ඉන්නට ලැබුනා නම් හොඳය කියා Beyondframe ට හිතෙන්නේ ඒ පාසල්වලින් එලියට පැමිණි ඊනියා බුද්ධිමතුන්ගේ දැනුම හා ආකල්ප දකින විට ය

  25. රසික Said:

    මම කියපු කිසි දෙයක් ගැන තර්කයක් ඉදිරිපත් නොකර සරල උත්තරයක් දී මග හැරීම ගැන ඇත්තටම මට කණගාටුයි.
    කෙසේ නමුත් ඔබට හෝ ඔබගේ බිරිඳට කිසිදිනක මෙවැනි ගැටළුවකට මුහුණපාන්න වන්නේ නැත.
    ඊට හේතුව Beyondframe කියවන හැමෝම දන්නවාය .

  26. @ sam

    [ උපුටනය] ගැහැනිය පිරිමියාට වඩා පහත්බව කියන්නේ මම නොවේය. අපේ උගත් දැනුවත් උදවියය. [ නූඋපුටනය]

    ඔබ මෙහි පවසන උගතුන් ගේ උගත් බව, ඔවුන් සිතන ආකාරයෙන්ම අපට මට පැහැදිලිය. ගැහැනිය පිරිමියාට වඩා පහත් වන්නේ කුමන අයුරින්ද යැයි දැනගැනීමට මම ආසාවෙන් පෙලෙමි. අම්මා කෙනෙකූ වීමට ස්බාධර්මට අවකාශ දී ඇත්තේද ගැහැනියකටය. එබදු උතුම් කාර්යයක් ක‍රන ගැහැනිය පිරිමින්ට වඩා පහත් තත්වයක සිටී යැයි විස්වාස ක‍රන්නන් සිටිම අතිශයින්ම දුක්බ‍රය.

    [ උපුටනය] ගැහැනුන්ට ලමයින් ගැන දයාවක් කරුනාවක්වත්, පිරිමින් තරමට නැත [ නූඋපුටනය]

    ඔබ මේ නිගමනයට පැමිනියේ කෙසේදැයි මම මවිත වෙමි. සමස්තයක් වශයෙන් මා දන්නා ප‍රිදි මෙලොව කිසිම මවක් තම දරැවන්ගෙන් වෙන් වීමට අකමැතීය. නමුත් ලංකාවේ ඇති ආර්ථික අර්බුද හා යුද්දය නිසා රැකියා අපේක්ශිත බොහෝ පිරිසක් විදේශගත වෙති… ඔබ සිතන ප‍රිදි ඔවුන් වැලි කත‍රේ දාසකමට යන්නේ හුදෙක් සිය සතුට පතාය….! මේ දේවල් මා ඔබට කීමට අවෂ්ය නැත. ලංකාවේ බහුත‍රයක් මෙම දුඛිත තත්වය ඉතා හොදින් දනී.

    ඔබේ තර්ක සියල්ලම මඩේ සිටවූ ඉනි සේය… එම නිසා කරැනාක‍ර පදනමක් ඇති තර්ක ඉදිරිපත් ක‍රන්න…!

  27. Sam Said:

    //ඔබ මේ නිගමනයට පැමිනියේ කෙසේදැයි මම මවිත වෙමි. //
    මා මේ නිගමනයට පැමිනියේ නැත. පැමින්යේ සිරිලංකා ජනරජයයී. කාන්තාවන්ට රට යෑම තහනම් කරේ මම නොවෙයී. පනිවිඩ කරුට තලා වැඩක් නැත.

    රසිකගේ මෑනියන්ට ස්ව්‍යන් විනයක් සදාජාරයක් නැතේයී කියන්නේ මා නොවෙයී. රසිකමයී. අපේ විදුහල් පතිලායී. මේ පූජනීය පාසල් වල ඉන්නා, අති උත්තම ගුරු පියවරුනුයී, එහෙම කියන්නේ. ඉතින් පනිවිඩ කරුට තලලා වැඩක් නැහැනේ.

    ඒ නිසා මම කියන්නේ, අපි වගේ දැනුවත් විනය ගරුක පිරිමි, මාගේ සහ රසිකගේ මෑනියන්ලාට නීතිපනවා තිබ්බේ නැත්තම්, අපේ කොල්ලො කුරුට්ටෝ ඔක්කොම අපේ මෑනියන්ලා සමග පදුරු අස්සේ නැත්තම් ලිංගික සිනමා ශාලා වලට යන බවය. බොරුනම් රන්දිකගෙන අහන්න.

  28. සෑම්

    ඔබ ඉතා දක්ශ අයුරින් මාතෘකාවෙන් පිට පනී… ශීු ලංකා ජන‍ රජය කිසියම් තැනක දක්වා තිබුනාද ලංකාවේ දරැවන් සිටින මව්වරැ ඔවුන්ගේ ලමුන් කෙරෙහි කරැණාවක් නැති බව…?

    එසේ ක‍ර තිබෙන්නේ නම් ඒ කොහේදැයි මට පෙන්වා දෙන්න…

    කරැණාකල මම සමග ඇති තර්කයට අනුන් සම්බන්ද ක‍ර නොගන්න…

  29. Sam Said:

    නගේ.. සිරිලංකා ජනරජය කිසිම තැනක මිනීමරුවන් ඇතිබ්ව ලේකන ගත කර නැත. ස්ත්‍රී දූශකයන් ඇති බව ලේකන ගත කර නැත. නමුත්, මිනීමැරිම තහනම් කර ඇත්තේ එවැන්නන් ඇත යන පදනමේ සිටය. ස්ත්‍රී දූශනය තහනම් කර ඇත්තේ එවැන්නන් ඇත යන පතනමේ සිටය. එලෙසම, මව්වරුන්ට රට යැම තහනම් කලේ, මව් වරු දරුවන්ගැන තකන්නේ නැත යන පදනමේ සිටය. නැතිව, කට කහනවාට නොවේ. අපේ පූජනීය පාසල්වල ඉන්නා, ගුරු පියවරු, මැනියනලාට සාරිය පමනක් අදින්න නියම කලේ, අපේ මෑනියන්ලාට තමනගේ විලි වසාගැනිමේ හැකියාවක් නැත යන පදනමේ සිටය.

    පිරිමින් වෙනුවන් එහෙම නීති හැදුවේ නැත්තෙ, පිරිමි උදවියට එහෙම නීතී හදා වැඩක් නැති නිසායී. ලන්කාවේ සති පූජාව තහනම් කර නීතී නැත්තේ, ලංකාවේ ඒවැන්නම් නැති නිසාය. සෑම නීතියකම අකුරු පමනක් නොවෙයී, අදහසකුත් තිබේ. නීතිය දෙස බලා, එය පැනවූයේ කුමන හේතුවක් නිසාදැයී ඕනෑම අයකුට තෙරුම ගැනිමේ හැකියාව තිබිය යුතුයී. නගාට තේරුනේ නැත්තම්, තවත් සරලව පැහැදිලි කර හැකියී.

  30. රසික Said:

    මෙහි කීප දෙනෙක් වලිගය පාගා ගෙන ඇත.
    මගේ අම්මා හැමදා පාසැලට ආවේ සාරියක් හෝ ඔසරියක් ඇඳගෙනය.

    එහෙත් මෙරට පොලොවේ පය නොගහන වාහනයෙන් පාසලට ආපු සමහර අම්මලා ටයිට් ඩෙනිම් ඇඳගෙන එදාද දෙමාපිය රැස්වීම් වලට පැමිණියේය.
    නමුත් ඒ අම්මලා බුද්ධිමත් අම්මලාය.. අපේ පන්ති බාර ගුරුතුමිය එක දවසක් රැස්වීමකදී කිවූ කතාවක් මේ අම්මලාට හොඳින් තේරුම් ගියේය.

    ඉන් පසු කවදාවත් ඒ ආකාරයෙන් පාසැල් ආවේ නැත. නමුත් ඒ බුද්ධිමත් අම්මලා තැනට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන ඉන් පසුද පාසැල් ආවේය.

    සිංහල වාක්‍ය 2ක් තේරුම් ගන්න බැරි, එංගලංතයක් මෙතන හදන්න හදන අ-ජාතිකයිනි, අපේ අහිංසක අම්මට මුකුත් කියන්න එපා.

  31. Sam Said:

    රසිකගේ අම්මා ගැන කතා කිරීමට පෙර අපේ අම්මා ගැන කිය යුතුය. අපේ මෑනියන්ට කිසිම විලි ලැජ්ජාවක්වත් සදාචාරයක්වත් තිබුනේ නැත. ඇය හැමදාම රෝහලේ රැකියාවට ඇන්දේ කොට සුදු ගවුමකි. අපේ ලොකු අක්කා මිනින්දෝරු වැඩෙ කලේ ඩෙනිමක් ඇදගෙනය. ඇයට අපේ පොලව ගැන කිසිම දැනුමක් තිබුනේම නැත්තේ, පොලවේ පය නොගහා වාහනෙන් ගමන් ගිය නිසාය. ලොකු නගා හමුදාවට ගියේ කකුල් දෙකටම කලිසමක් ඇදගෙනය. ඔය එකෙකුටවත් සදාජාරයක්වත්, අපේ රට ජාතිය ලමා පරපුර ගැන කැක්කුමක්වත් තිබුනෙ නැති බව, මම අපේ පූජනීය මහා ගුරුපියානන්ලා සමග එකග වී පිලිගනිමි.

    රසික සිතාගෙන සිටිනේ ඔහුගේ අම්මා අහින්සක සහ අනෙකුන්ගෙ අම්මලා අහින්සක නැති බවය. රසිකගේ අම්මා සාරිය සහ ඔසරිය ඇන්දේ, නීතියට බය නිසා මිසක සදාජාරයක් තිබෙන නිසා නොවේය. පහදන්න අවසර. ඇයගේ සාරිය ඇදි වත දැක, මාගේ තරුන මදය කිපෙයී. පදුරු අතරට යන්න සිතෙයී. ලිංගික සිනමා ශාලාවලට ඇදීයයී. මේ කාරනය සාරි අදින මෑනියන්ලා නොදන්නවායැයී මා සිතන්නේ නැත. රසිකලාගේ මෑනියන්නට සැබෑවටම සදාජාරයක් තිබුනානම්, නීතීයේ අවමය නොකර, අවන්කවම කල යුතුව තිබුනේ, කලු ඇදුමකින් හිස සිට දෙපතුල දක්වා වසාගෙන පාසලට පැමිනීමය. එසේ කලේ නම්, මා සහ මාගේ තරුන මිතුරන්ගේ මද කිපෙන්නෙ නැත.

    අපේ ගුරු පියානන්ලා, අපේ මැනියන්ගේ ඇදිවත් ගැන උකසිත වීම අගනාය. මා නැවතත් කියන්නේ, සාරියෙන් පයෝදරයන්ගේ හැඩරුවද, පස්ජාත්බාගයේ අසිරියද, අතමිටින් ගතහැකී ඉනේ රසවත්බවද පෙනෙනා බැවින්, මේ මහා පුන්‍යකර්මය නිසිලෙස කර, කලු ඇදුමක් කාන්තාවන් සදහා නිර්නය කර, අපේ ලමා පරපුර බේරා ගන්නා ලෙසය.

    මේ අසන්වර ස්ත්‍රී පාර්ශවයෙන් රට බේරා ගැනීමේ පුන්‍ය ක්‍රියාව ගැන දිගටම ලිවීමට නොහැකී වීම ගැන සමාව අවසර. අලංකාර සාරි වලින් සැරසී සිටින රාගික නිලියන්ගේ රූප බලන්න යන්න තියනවා.

  32. බෝ අක්කා Said:

    අනේ සෑම්, ඔයා හරී ස්වීට් මෙයා. ඔයාට හමුදාවෙ නංගි කෙනෙක් ඉන්නවද? හමුදාවෙ නංගිලාට මම හරී ආදරෙයි. හමුදාවෙ අයියලාටත් හරීයට ආදරෙයි. ඒ අයනේ අපේ රට ජාතිය රැක ගන්නේ නේද? කොයි තරම් ස්වීට්ද? අනික රට ජාතිය රැක ගන්න එකේ ඔය කලිසමක් ඇඳන් සංස්කෘතිය පොඩ්ඩක් විනාස කළාට මොකද මෙයා? මොකද කලිසං නැතුව සාරි ඇඳන් යුද්දෙට යන්නද මෙයා?

    ඔන්න මෙයා ඔයාගේ වීරෝධාර දේශප්‍රේමී නංගි ගැන මම කවියකුත් ලිව්වා.

    කලිසං ඇඳන් රට රැක ගන්න ගිය නංගී
    තල් අරඹේ කොටි හපුවන් මරපං නංගී
    එහෙට හොඳයි මෙහෙට හොඳ නැති නිසා නංගී
    ගෙදර එනකොට සාරියක් ඇඳන් වරෙන් නංගී

  33. සාධාරණය Said:

    මොකකද යකෝ මේ අහිංසක කෙල්ලෙක් අල්ලගෙන තොපිල කරන වැඩේ.එකි උබලට කරපු වැරැද්ද මොකක්ද?මේක පස්සේ ඉන්න උන් කවුද කියල මට හිතාගන්න පුලුවන්. උබලට ප්‍රශ්නයක් තියෙනවානම් කෙලින්ම නමින්ම එකිත් එක්ක කතා කරපල්ලා.එහෙම නැතිව මේ විධියට මඩ ගහන් එක කැතයි.උබලට නංගිලා, අක්කලා නැද්ද? උබලා උනට කවුහරි මෙහෙම මඩ ගහනවට කැමතියිද?එකි කාටවත් වචනයකින් වත් වැරැද්දක් කරන එක්කෙනෙක් නෙවේ.මේවා කරන උබල මැරෙන්න පන අදිනකොට මේ කරන දේවල් මතක් වෙලා පසුතැවේවි.

  34. Sam Said:

    බෝ අක්කේ, මසුරන් කවි පොඩිත්ත.

  35. රසික Said:

    අපේ බොහෝ දෙනෙක්ට වරදින තැන සෑම්ටත් වැරදී ඇත.

    අපේ සමාජයේ විවිධාකාර ඇඳුම් තිබේ. කාන්තා ඇඳුම් අතර සාරිය,ඔසරිය,කලිසම්,ටී ෂර්ට්, ගවුම්, සාය, ආදී බොහෝ ඇඳුම් තිබේ. ඒ එක් එක් ඇඳුම විවිධ හැඩයක් ගත්තේ විවිධ අවශ්‍යතා සඳහාය. උදාහරණයක් ලෙස ගොවියා අඹුඩය ඇන්දේ තමා කරනු ලබන කර්මාන්තයටත්, ශරීරයටත් ඇති පහසුව නිසාය. නමුත් ඒ ගොවියා අඹුඩය ඇඳගෙන බුදුන් පුදට පන්සල් ගියේ නැත. පන්සල් ගියේ සුදු සරමක් ඇඳගෙනය.

    මේ සරල සිද්ධාන්තය තේරුම් ගන්නට නොහැකි වූ සෑම් ගැන මම අනුකම්පා කරමි.

    මම කියන්නේ රාත්‍රී සාදයට අඳින ඇඳුමක් හෝ හවසට ව්‍යායාම කරන්නට අඳින ඇඳුමක් තම දරුවාගේ පාසලට ඇඳීම උචිත නොවන බවය.

    ඒ නැතිව කලිසමක් ඇඳගෙන රට රකින යුධබිමේ සොයුරිය හෝ අඹුඩයක් ඇඳන් රටට බත සපයන ගොවි දෙවි වරු රටේ සදාචාරය වනසනවා යැයි කියන්නට තරම් මම මෝඩයෙකු නොවෙමි. මොකද අපිට රත්තරං දෙමවුපියන් ඉන්නා බැවිනි.

    තැනට ගැලපෙන ඇඳුම තෝරා ගන්නට බැරි වූ සෑම් ලා වැනි අය ගැන අනුකම්පා කරනවා ඇර කරන්නට වෙන දෙයක් නැත.

    නමුත් මම හැමදා ආසාවෙන් කියවන කවි ලියන බෝ අක්කාත් මේ තත්වය උපහාසයට ගැනීම ගැන මට ඇත්තේ දුකකි.

    මම මේ ගැන තවත් කතා කරන්නට යන්නේ නැත.

  36. Sam Said:

    තැනට ගැලපෙන ඇදුම් නැති බව කවුරුවත් පවසා නැත. මේ කතාවම පාසලට සුදුසු ඇදුම සාරිය පමනක් නොවන බවය. පාසලට ගැලපෙන්නේ, ගවුමක් ඇදගෙන කොහුමෝලෙ වැඩට යන අපේ නැන්දාටද, තකහනියේ කෑම පැයේදී පාසලට යා හැකි ඇදුමකි. කොට ගවුමක් ඇදගෙන රැකියාවට යන අපේ අම්මාටද යා හැකි ඇදුමකි. කඩේ යන ගමන් වුනත් ඇදගෙන යා හැකී ඇදුමකි.

    උපහාස්මාත්මක දෙයක් උපහාස්මක ලෙසම ගැනීම සතුටකි. කාන්තාවට නීතී තැනීම විහුලුවකි. ඉස්පිරිතාලයට, ග්‍රාමසේවක කාරයාලයට ඇදගෙන යා හැකි ඇදුමකි. මේ ගැන මම තවත් කතා කරන්න යන්නේත් නැත්තේ, මට අලංකාර සාරි ඇදගෙන ඉන්නා රාගික කාන්තාවන්ගේ රූප නරබන්න තියන නිසාය.

  37. beyondframe Said:

    මේ රටේ ඉන්න අම්මලා ද තාත්තලා මෙන්ම පාසැල් ගිය උදවිය ය ඒ අයට තමන් ඇඳිය යුත්තේ කෙසේදැයි කියා දෙන්නට තවමත් පාසැල් සූදානම් වන්නේ නම් එහි තේරුම පාසැල්වල භූමිකාව හරිහැටි ඉටුවී නැති බව ය හරි හැටි තේරුම් ගෙන නැති බව ය

    අතලොස්සක් අම්මලා “හරි හැටි” නොඇන්දාට අම්මලා සංහතියෙන්ම නීති දමා මෙසේ පලි ගැනීම හරි දැයි තාත්තලා ද පුතාලා ද නැවත සිතිය යුතු ය

    මේ රටේ මිනිස්සු අඳ බාලයින් යැයි කල්පනා කොට ඔවුන්ට එරෙහිව අනවශ්‍ය නීති පැනවීම මේ රටේ උරුමක්කාරයින් යයි පොල්මක්කාරයින් යැයි සිතා සිටින මිනිසුන්ගේ අමන කටයුත්තකි

    අප වැඩිහිටියන්ට ගරු නොකරන බවත් ඇත්තටම ඔවුන්ට සළකන්නේ ද අඳ බාලයින් ලෙස බවත් අම්මලාට දමා ඇති මේ සාරි නීතියෙන් මොනවට පැහැදිලි වෙයි

    අප ළමුන්ට වදින්නට කියන්නේ ඇඳුම ගැනවත් තීරණයක් ගන්නට අසමත් දුර්වල අම්මලා පිරිසකට වීම ශ‍්‍රී ලංකාවේ ඛේදවාචකයයි

  38. රන්දිල් Said:

    @ රසික

    ඇත්තටම මේ වගේ මූඩ විදිහට හිතන මිනිස්සු තව කොච්චරක් නම් මේ රටේ ඉන්නවා ඇතිදැයි දැන්වත් වැටහෙනවද?

    ඕවට උත්තර සපයනවට වඩා හොදයි මේ එවලා තියෙන comments බලලා අනේ අ‍පොයි සිරි ලංකාවට වෙන්න යන දෙයක් කියලා අඩන එක නැත්තම් හිනා වෙන එක

    මල්ලී (හරි අයියා හරි) මම එකක් කියන්නම් මේ තියෙන comments බැලුවම තේරෙන්නේ නැද්ද නම වෙනස් උනාට වැඩි හරියක් එකම අතින් type කරපුවා කියලා

    අනිත් එක තමයි මම එච්චර ඔය බෝ කියන කෙනා දන්නේ නැහැ
    ඒත් එයාගේ කවි කිහිපයක් comments කිහිපයක් එහෙම කියවලා තියෙනවා

    ඒ අනුව නම් මට හිතෙන්නේ නැහැ ඔය වගේ තුට්ටු දෙකේ comment එකක් වත් කවියක් වත් එයාගෙන් එයි කියලා (මට හිතෙන්නේ මම කලින් ඉදන් දන්න කෙනෙක් ඉන්නවා බෝදිනි රන්මැණිකේ කියලා කවි වල ශෛලිය අනුව බෝ කියලා ඉන්නෙත් එයා වෙන්න ඕනි ඒ එයා නම් මට විශ්වාසයි මේ comment එක එයාගේ වෙන්න බැහැ) හරිම අවර ගණයේ කවියක්නේ ඒක
    Blogs වල ඕන කෙනෙකුට වෙනත් කෙනෙකුගේ නමින් comments දාන්න පුළුවන් නිසා මේකත් තම මතය ස්(අ)නාථ කරන්න ඔය උඩින් comments දාලා තියෙන අයියාගෙම වැඩක් වෙන්න ඇති

    • මට හිතෙන්නේ මම කලින් ඉදන් දන්න කෙනෙක් ඉන්නවා බෝදිනි රන්මැණිකේ කියලා කවි වල ශෛලිය අනුව බෝ කියලා ඉන්නෙත් එයා වෙන්න ඕනි ඒ එයා නම් මට විශ්වාසයි මේ comment එක එයාගේ වෙන්න බැහැ)

      ඔබ හරි!

  39. පොලි ටික්කා Said:

    පාලු ගෙයි වලන් බිදින මෙ ගොන්නු ගැන මෙක බලන හැමොටම තෙරේනව ඇති, ලිංගික හැගිම් ඇවිස්සෙනවනම් කරන්න ඕන, සාරිය අදිනකොට අපෙ අම්මල ඇන්ද විදිහට හැකි තාක් බඩ පිට පෙන්නෙ නැති විදිහත ඇන්ද නම් හරි නේ
    එ ගැන කතා නොකර මෙ කෙරෙන කතාවෙන් පැහැදිලියි මෙයාලා මොනජාතියේ මානසික රොගින් ද? කියලා,
    ඔය පිට රට ඉන්න අයට නම් මට කියන්න තියෙන්නෙ, මම තැන් සදහන් කරන්න කැමථි නැ
    එත් ඔයලා දන්නැන්තිව ඇති nude christian කියලා මුලදර්මවාදි සංවිදානයක් තියෙනවා එයාල නම් අම්මලා, තාත්තල, දුවල, පුතාල ඔක්කොම ඉන්නෙ හෙලුවෙන්, බලන්න යන්න ඔනේ නැ දුර කතර ගෙවා ගෙන
    (මම නම් දැකලා තියෙනවා) නිකන් පිරික්සුමක් දාන්නකො, එතකොට ඔයලගෙ අම්මව, නන්ගිව, අක්කව එහෙමත් නැත්නම් ආච්චිව වත් මතක් වෙනවද කියලා බලන්න.
    මෙවා කතා කරලා වැඩක් නැ මුන්ට ඕන ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න
    දිගටම සාම සාකච්ජා කර කර ජාතිවාදය විකුනන් කන්න, එක කරගන්න බැරි වෙනකොට රන්විරුවන්ට පහර ගහන්න, සිංහල ජාතිය විනාශ කරන්න, බුදු දහම සමච්චලෙට ලක් කරලා, අපෙ සිරිත් විරිත් විනාශ කරල, මෙ රට විනාශ කරන්න,
    එවටනේ මුන්ට ඩොලර් කදු පිටින් ලැබෙන්නේ, එ රටවල ගැහුනුන් විකිනෙනවා පෙන්නේ නැ මුන්ට, විස්කි බිබි කුඩු ගගහා, අපෙ අහිංසක කෙල්ලො ටික විනාස කරන්න යනව.
    මුන් ඇවිත් මුන්ගෙ අම්මලා අක්කලා නංගිලා එක්කත් රමණය කරන එවුන් මුන්ට මොන සාරි ද? මුන්ට ඔන අර කියුව නිරුවත් ආගම් සංස්කෘතිය.

    හලාවත පැත්තෙ එක කතෝලික මුලධර්ම වාදි කණ්ඩායමක් මෙ වැඩෙ කරන්නව. හෙලුවෙන් යාඤා කරනවා පවුල් පිටින් එකතු වෙලා, එකනේ තොපිට ඕන වෙලා තියෙන්නෙ ලිපිනය දෙනනම්, පලයව් එවට, හැබැයි එක කොන්දෙසියක් පිට තොපෙ ගැනු, ලමයි, අම්මලා ඔක්කොම අරන් වරෙන්,
    මොකදා දෙවියන්ට අනුගත වෙන්න ඔක්කොම එක ගොඩෙ බිම දිගාවේලා පොඩි වැඩක් කරන්න තියෙනවා, සමහර වෙලාවට, ඔය ලමයි නැති අයට ලමයි ලැබෙන්නෙත් මෙ දෙයියට අනුගත වුන වෙලවටයි.
    මාත් හරිම ආසාවෙන් ඉන්නේ දෙයියට අනුගත වෙන්න අලුත් කෙනෙක් එක්ක

  40. beyondframe Said:

    පොලිටික්කො

    පොලිටික්කගෙ අම්ම සාරිය අඳින විදිහටම අනිත් අම්මලත් සාරි අඳිනව ද කියල පරීක්ෂා කරල බලන්න සංස්කෘතික පොලිසියකුත් පාසල් ඇතුළට ගෙනාවොත් මොකද?

    අපේ අම්මල මොන විගඩමක් නටයිද කියල කව්ද දන්නෙ? – පොලිටික්කගෙ අම්ම වගේ නෙවෙයිනෙ!

  41. Sam Said:

    පොලිටික්කා එක්ක මමත් එකගයී. මම දැක්ක ඔය හලාවත පැත්තෙම සුදු සාරි අදින පල්ලියකුත්. ඒ මදිවට බයීබලේද මොකද්ද කියන පොත, අපේ සිංහල සංස්කෘතියෙන් කොපි කරලා, දැන් ගෑනුන්නට අදින හැටිත් නියම කරලා තියෙනවානේ. කීවට තරහ ගන්න එපා, පොඩි පරහකට තියෙන්නේ පොලිටික්කාගේ අම්මාගේ සාරිය දුටුවහම මට හැගීම් ඇවිස්සෙන එකයී. හම නොපෙනුනාට, මෑනියන්ගේ ශරීර හැඩය අලංකාරව පෙනෙන එකයී. පාදයේ ඇගිලි, දිග හිසකේ. රාගිකයි. රාගිකයි. සමහර අම්මලා තොල් සායම් ගාලා, තියනවා මදිවට, විච්චූරන රත්තරන් ආබරනත් පලදනවා. මාලේ දාන්නේ හරියට පයෝදරේ උඩට. හරියට මේන් බලන්න, මේන් බලන්න කියනවා වගේ.. මම කියන්නේ ඉතින්, පොලිටික්කෝ හැදියාවක් නැති ඔය වගේ ස්ත්‍රී පාර්ශවයෙන් අපේ සංස්කෘතිය රැක ගන්න අපි ගෑනුන්ට කලු දිග ඇදුමක් නියම කරන ලෙසයී. නැත්තම් ඉතින් ඕහේ කීවා වගේ අපි ලංකාවේ ගෑනු හැත්තත් , මම මේ කියන්නේ ඔය ඒ දවස්වල ඉදලම බුරිය පේන්න සාරි ඇදපු සිරිමාවෝ වගේ ගෑනුත් (කිසි හැදියාවක් නැති ), අපේ අම්මලාත්, රෙදි ගලවාගෙන පල්ලියේ තමයී නවතින්නේ.

    අනේ අපේ මැනීයන්ලා නිසි තැන තියන්න දන්නා පොලිටිකා රන්දිල්ලා වගේ පිරිමි මේ ජාතියට වාසනාවක්.

  42. Rane Said:

    සුදු සාරි තමයි භයානකම! ඒවායේ පොඩි විනිවිද පේන ගතියක් තියෙනව. ටිකක් පොට තද කරල ඇන්ද නම් කියල වැඩක් නැහැ.

    අත් නැති, පිට නැති, හැට්ටෙකුත් ඇඳල, බුරිය පේන්න පොඩ්ඩක් ඉස්සරහින් පාත් කරා නම් ආයි වෙන ඇඳුමක් ඕන වෙන් නෑ!

  43. ඉස්සර ගෑනුන්ගේ අඳුම ගැන කතා කළේ මම විතරයි. දැන් හැම අනුකාරක රිලවම ඒ ගැන කතා කරන්න පටන් අරන් කිසිම ගතියක් නෑ. ඒ හන්දා ඔන්න මම ලිව්වා නියම ලිපියක් සුපිරි වෙළඳ සල් හෙළා දැකලා. මොකද මුන් නොනගතේටවත් වැහුවේ නැහැනේ. කොහොමද මගේ අයිඩියාස්? ඕකනේ කියන්නේ හැමෝටම මේ වගේ අයිඩියාස් එන්නේ නෑ. මං වගේ සුපිරි ප්‍රාඥයෙකුට විතරයි ඒවා පහළ වෙන්නේ.

    http://www.divaina.com/2009/04/19/feature15.html

    මහාචාර්ය නලින් ද සිල්වා
    වීමංසක පර්ෂදය
    කැළණිය විශ්ව විද්‍යාලය


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment