ඉතිහාසය හා සාහිත්‍ය පාසලින් ඉවත් කිරීම මගින් වූයේ ව්‍යාසනයක් යයි බොහෝ දෙනා කියති. මෙයට පිළිවදන් දුන් අය විමසුවේ ඒවායින් ඇති ඵලය -ප‍්‍රයෝජනය- කුමක් ද යන්න ය. ඒවායින් බඩ පිරේද යන්න ය.
ඉවත්කිරීමෙන් වූයේ ව්‍යාසනයක්ය යන්න මම නොඅදහමි. එහෙත් ඒවා පරිශීලනය කළ යුතු වැදගත් විශයයන් ලෙස උදක්ම සළකමි.
ඒ අපභ‍්‍රංසය කුමක් දැයි ඔබට හිතුනා නම් මට පුදුම නැත. විශයය වටිනවා නම් එය ඉවත් කිරීම ව්‍යාසනයක් නොවන්නේ කෙසේ දැයි ඔබ අසන්නට පුලූවන.
ඉතිහාසය හා සාහිත්‍ය පාසල තුළ උගන්වනු ලැබුවේ වැරදියට ය. ඉතිහාසය ඉගෙනීම යනු රජවරු ගැනත්, උන්ගේ රාජධානි තිබුයේ කොහේද යන වගත්, උන් රජකළ වකවානු කවරේද යන වගත්, කටපාඩමින් මතක තබාගැනීමට නම් ඒ ඉතිහාසය නොතිබුනාට කමක් නැත. ඉතිහාසය භාවිතා කළේ ලෝකෙන් උතුම් රට ලංකාව බව කියා පම්පෝරි ගැසීමට නම්, අල්ලපු ගෙදර සිටි දෙමළාට තඩිබා උන්ගේ ගෙවල් පුලූස්සා දමන්නට නම්, සුද්දාට පලූ යන්නට බැන උන්ගෙන් උගන්නට තිබෙන දෑ විසිකර දමන්නට නම්, ඒ ඉතිහාසයෙන් වැඩක් නැත.
එහෙත් ඉතිහාසයෙන් ඉගෙනීමට බොහෝ දේ තිබේ. අප ඉගෙන නොගත්තේ ඒවා ය. යුද්ධ ඇතිවන හැටි, රටවල් බිහිවෙන හැටි, කලාපීය සහයෝගය ගොඩ නැගෙන හැටි, සමාජය විකාශනය වන හැටි, ශිෂ්ඨාචාර ගොඩනැගෙන හැටි හා ඒවා විනාශ වී යන හැටි, නොයෙකුත් සමාජ සංස්ථා බිහිවන හැටි, ආගම් ගොඩ නැගෙන හැටි, ඒවා ව්‍යාප්ත වන හැටි, ඒවා අධිරාජ්‍යයන් ගොඩ නැගීමට කඬේ යන හැටි, ආදි නොයෙක් දේ අපට ඉන් උගත හැකි ය.
එහෙත් ඒ සඳහා ඉතිහාසය විශයක් හැටියට ගොඩ නගා ගැනීම අවශ්‍යය. මහා වංශය දේව වාක්‍ය ලෙස සළකා එවන් විද්‍යානුකූලව හැදෑරිය හැකි ඉතිහාසයක් ගොඩ නැගිය නොහැකිය.
සාහිත්‍යය ද එබඳු ය. සාහිත්‍ය පරිශීලනය පිළිගත් ග‍්‍රන්ථ කිහිපයකට සීමා වූ අතර මනුෂ්‍යත්වයේ සියුම් තැන් අනාවරණය කෙරෙන නිර්මාණයක් ලෙස සාහිත්‍යය පලල් ලෙස හදාරණු වෙනුවට එම ග‍්‍රන්ථ වටා ගොඩනැගුනු පට්ටා ගසන ලද මතිමතාන්තර එයට විශය විය.
හීන්සැරය පරිශීලනය කෙනෙක් මහා දෙයෙහි ඇති පේන්නට තිබෙන බලයට අභියෝග කළ හැකි අසීමිත බලයක් කුඩා යයි බැහැර කරන දෙයක් තුළ තිබෙන බව සියුම්ව තේරුම් ගනී. කුඩා කණ්ඩායමක් සතු ත‍්‍රස්තවාදයකට අසීමිත බලයක් ලැබෙන බවත් ඒ නිසාම එය අවලංගු කර දැමීම මතුපිටින් ඇති බලය යොදා පමණක් යොදා කළ නොහැකි දෙයක් බවක් තේරුම් ගනී.
පඩික්කම් පුරවමින් ජීවත්වන, පතක් පොතක් පරිහරණය නොකරන, ඊනියා ස්වාමීන් වහන්සේලාගේ (මේ සඳහන අතලොස්සක් වූ සාධු ගුණයෙන් යුත් ස්වාමීන් වහන්සේලා ගැන නොවේ, බහුතරයක් වහන්සේලා ගැනය) පටු මෝහයේ අන්ධකාරය සමග ජීවත්වනවා වෙනුවට කුමාරණතුංග මුණිදාසයන් වැනි බුද්ධිමතකුගේ සාහිත්‍ය රචනයකින් අපට අපගේ ජීවිතය එලිය කරගැනීමට හැකියාව තිබියදීත් අප එසේ නොකරන්නේ අපගේ කරුමයම නිසා විය යුතු ය. හීන් සැරය කියවූවද සාහිත්‍ය විශයක් ලෙස හැදෑරුවද එයින් කියවෙන සියුම් පණිවුඩය ජීවිතයට ඇතුළක් කර ගැනීමට නොහැකි වූයේ ඒ නිසාවෙනි.
ඉතිහාසයෙනුත් සාහිත්‍යයෙනුත් ඉගෙන ගත හැක්කේ විභාගඅභිමුඛ විශයන් ලෙස ඒවා පාසල නම් සංස්ථාප්තිත ආයතනය තුළ කොටු කොට ඒවා බලාහාත්කාරයෙන් දරුවන්ට පෙවීමෙන් නොවේ. තමන්ගේ ඉතිහාසය ගැන පම්පෝරි ගසමින් අතීතයේ ජීවත්වීමට හා යල්පැන ගිය සාරධර්ම දරුවන් තුළට ගෙඩි පිටින් ගිල්ලවීමට මිසක ඒ ක‍්‍රියාපටිපාටියෙන් සිදුවන වෙන දෙයක් නැත.
ඒ විශයයන් දෙකෙන් ඵල ප‍්‍රයෝජන ගත හැක්කේ ඒවා පිළිබඳ ජනතාව තුළ ආශාවක් ජනිත කොට ඒවා හැදෑරීම ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කිරීමෙනි.
ඒ සඳහා ඉතිහාසයත් සාහිත්‍යයත් ඔලූවෙන් සිටවීමට මේ කාලයයි.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



Kulendra Said:
on January 5, 2009 at 10:46 am
‘එහෙත් ඉතිහාසයෙන් ඉගෙනීමට බොහෝ දේ තිබේ. අප ඉගෙන නොගත්තේ ඒවා ය. යුද්ධ ඇතිවන හැටි, රටවල් බිහිවෙන හැටි, කලාපීය සහයෝගය ගොඩ නැගෙන හැටි, සමාජය විකාශනය වන හැටි, ශිෂ්ඨාචාර ගොඩනැගෙන හැටි හා ඒවා විනාශ වී යන හැටි, නොයෙකුත් සමාජ සංස්ථා බිහිවන හැටි, ආගම් ගොඩ නැගෙන හැටි, ඒවා ව්‍යාප්ත වන හැටි, ඒවා අධිරාජ්‍යයන් ගොඩ නැගීමට කඬේ යන හැටි, ආදි නොයෙක් දේ අපට ඉන් උගත හැකි ය.’
- ඇති යන්තම්. එකෙක් හරි හිතනවා.
සාගර Said:
on January 5, 2009 at 10:52 am
ලංකාවේ කිසි කළෙක විද්‍යාත්මකව ගොඩ නැඟුණු ඉතිහාසයක් තිබුනේ නැත. අපට ඇත්තේ මහා වංශයේ සුන්දර කතාන්තර මත ගොඩ නඟන ලද, ලෝකයේ වෙන අප තරම් කෙරුම්කාරයින් නැතැයි සිතන, අපේ රජවරුන් සමකාලීන පාලකයන් මෙන් නොව කෙලෙස් පහකළ රහතුන් යැයි අන්ධ භක්තියෙන් විශ්වාස කරන මෝඩ ඉතිහාසයකි. මේ මෝඩ ඉතිහාසයට අනුව දඹදිව සිටි ගෞතම බුදුන් අහසින් මෙහි වැඩි බව විශ්වාස කරන්නෝද වෙති. මෙබඳු අවිද්‍යාත්මක ඉතිහාසයක් උගන්වනවාට වඩා නූගැන්වීම යහපත්ය.
gayankt Said:
on January 5, 2009 at 1:15 pm
මෙහි ඇත්තේ සාහිත්‍යය හා ඉතිහාසය හෝ ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ ගැටලුවක් නොවේ. ඇත්තේ වසර 30-40 පමණ අතීතයේ තවමත් කල් ගෙවන අපගේ පාසල් අධ්‍යාපනයේ පවත්නා අවිධිමත් භාවයයි.
Sam Said:
on January 5, 2009 at 2:00 pm
ලොකයේ පලවනු රජූ පහල වුනේ හිරුගෙන්ය. ඒ නිසා ඔහු සූර්‍ය කුමරාය. ඔහුගෙන් ආරම්බවූ වන්ශය ශාක්‍ය වන්ශය වන්නේය. තමන්ගේ සහෝදරියන් සමග විවාහවී, ශාක්‍ය කුමරුන් වන්සේ රැකගත්තේය. එම වන්ශයට දාව ඉපදුනේ සිද්දාර්ථ නම් කුමාරයාය. එම කුමාරයාගේ නෑ සහෝදරයෙකු වෙන විජය රජුගෙන් මේ සිංහලය ආරම්බ විය. අපේ මහා බුදු රජානන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පලමුව ලංකාවේ ඔප්පුව ලියා හින්දු දෙවියෙකුට දුන්නේ, මේ ශාක්‍ය වන්සයෙන් පැවතෙන සිංහලය රැක ගැනීමටය.
ඔන්න අපේ ඉතිහාස පාඩම ලමයීනේ.
නිදහස් අදහස් Said:
on January 5, 2009 at 3:10 pm
මේ ඉතිහාසයට 71, 83, 89 වත් මෑත අවුරුදු 50 තුල ඉතිහාසය වත් උගන්නවන්නේ නැත. එම නිසා මෑත ඉතිහාසයෙන් අප කිසිදා ඉගෙන ගන්නේ ද නැත.
kasun Said:
on January 7, 2009 at 2:29 am
that’s true. great post