Archive for December, 2008

තෑගිත් අරන් අකාලයේ ආ අවුරුදු කුමාරයා

මේ කාලයට එන නත්තල් සීයා බොහෝ ගෙවල්වල අහලකටවත් ආවේ නැත. එහෙත් අවුරුදු කුමාරයා නම් අකාලයේ ආවේ ය. ඒ තෑගි මල්ලක් අරගෙන ය.

රුපියල් 10 කොළ දුප්පතුන්ට දුන් ඔහු රුපියල් දෙකේ කාසි පොහොසතුන්ට ද විසි කළේ ය. කුමාරයා කොචොක් කරන්නටත් ඉගෙන ගෙන ඇති බව ඉන් පෙනී ගියේ ය.

කොචොක් කළේ පෝලිම්වල සිටි පොහොසතුන්ට ද එහෙම නැත්නම් අලූත්කඬේ දේවාලයට ද යන්න පැහැදිලි නැත.

සමහරු කියන්නේ කුමාරයා හදිසියේ පැමිණියේ දේවාලයේ වැඩ වසන දෙයියන්ගේ අනුහසින් බව ය. නැත්නම් ඊලග අයවැය තෙක් වඩින්නට අදහසක්වත් ඔහුට තිබුනේ නැති බව ය.

කොහොම වුනත් කාරි නැත. දැන් ඉතින් දෙයියනේ කියලා අපිටත් අවුරුදු කන්නට පුලූවන. කවුරු කොහොම කිව්වත් 2009 සුභ වෙන බවට ලකුණු පහල වෙමින් තිබේ.

ලබන්නාවූ අවුරුද්ද

ලබන්නා වූ අවුරුද්ද අරගල වසරක් වේවා යි පතන්නේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහය. ලබන්නා වූ අවුරුද්ද සංවර්ධන වසරක් වේවා යි පතන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාය. ලබන්නාවූ අවුරුද්ද මැතිවරණ වසරක් වේවා යයි රජය පතන බව අපට කීවේ ඌව පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාය. ලබන්නාවූ වසර ආර්ථික අර්බුදයට රට තල්ලූ කරන වසරක් වෙනු ඇතැයි කියන්නේ එජාපයයි. ලබන්නාවූ වසර ප‍්‍රභාකරන් පරදින වසර වනු ඇතැයි කියන්නේ හෙලයේ උරුමක්කාරයින් හා පොල්මක්කාරයින් ය.

ලබන්නා වූ වසර ඇත්තට ම කිනම් ස්වරූපයක් ගනී ද?

එයට උත්තර දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණකි. කටට එන උපහැරණයක් නිසා කියනවා විනා එයාවත් දන්නවාදැයි හරියටම පැහැදිලි නැත. ඒ නිසා අප දන්නා කරුණු කාරණා අනුව කුමන ආකාරයේ වසරක් වනු ඇත් දැයි අනුමාන කිරීමට බලමු.

කුමක් වුවත් එය අරගල වසරක් වන්නේ නම් නැත. මක්නිසාද යත් අරගලය පාවා දී දැන් ගොඩක් කල් නිසා ය. වත්මන් තත්වය යටතේ අරගල කිරීම දේශද්‍රෝහී බව ජවිපෙ පවා අදහන නිසා ය. මේ අරගල වසර පිළිබඳ කතාව ඔවුන් කියන්නේ පිට පිට තුන්වෙනි වතාවට නිසා ය. දෙවරක් කීවේ ලාල් කාන්තය. දැන් කියන්නේ සෝමවංශය. ඒ  අර්ථයෙන් හැර මෙහි අලූත් යමක් නැති නිසා ය.

එය සංවර්ධන වසරක් නම් වෙන එකක් නැත. වෙනවා නම් සංවර්ධනය වනු ඇත්තේ රට කරවන්නන් පමණ ය. අප එසේ කියන්නේ පහුගිය වසර දෙකේ අත්දැකීම්වලට අනුව ය. බොහෝ දෙනෙකුගේ අග පසග පිළිබඳව කරන ලද පරීක්ෂණයකින් පසුව ය. ඔවුන්ගේ ශරීරවලින් සංවර්ධනයේ මෙතෙක් තරම කිව හැකි නිසා ය.

එය මැතිවරණ වසරක් වීමේ ඉඩකඩ තිබේ. එහෙත් ඒ ඊළග මැතිවරණවල ප‍්‍රතිඵල අනුව ය. ඒවා සතුටු දායක නොවෙතොත් ඒ බලාපොරොත්තුවත් ඉවත දමන්නට සිදුවේ. සියල්ල කිලිනොච්චිය මත තීරණය වනු ඇත. කිලිනොච්චියත් මිරිගුවක් වාගේ ය. ළග ළග බව දැනෙතත් කිට්ටුවන විට එය ඈත්වේ. මැතිවරණය පිළිබඳ සැබෑ ප‍්‍රශ්නය ඇත්තේ මේ තුළය.

ලබන වසර රට ආර්ථික අර්බුදයකට තල්ලූ කරන වසරක් වනු ඇතැයි කියන්නේ එජාපයයි. උන් කොහොමටත් දේශ ද්‍රෝහී නිසා දේශපේ‍්‍රමී රජය අපහසුතාවයට පත් කරන්නට එසේ කියනවා වන්නට පුලූවන. මිහින් එයාර් වගේ පාඩු ලබන ආයතනයක් නඩත්තු කිරීමට පවා තමන් සතුව අරමුදල් ඇතැයි රජය විසින් ඔප්පු කර තිබියදී ආර්ථික අර්බුදයක් ඇතැයි සිතන්නට කොහොමටවත් බැරි ය. සියලූ වරප‍්‍රසාද සහිතව සිියයකට අධික කැබිනට් මණ්ඩලයක් නඩත්තු කළ හැකිව තිබිය දී ආර්ථික අර්බුදයක් ඇතැයි කියන කාරණය කොහොමටත් පිලිගන්නට බැරි ය.

ලබන වසර ප‍්‍රභාකරන් පරදවන වසරක් වේ යයි විශ්වාසයක් පවතී. අවසානයේ අපට ලබන වසර සම්බන්ධයෙන් සත්‍යයයි සිතිය හැකි එකම කාරණය එයයි. ගිය වසරේද ප‍්‍රභාකරන්ට ඊලග උපන් දිනය සමරන්නට නොලැබෙතැයි ලොකුම තැනකින් සහතිකයක් පවා අපට ලැබිණ. ඒ සහතිකය මේ වසරේ මෝසම් මාසයේ හැමූ සුලගත් සමග හුලගේ ගියේ ය. මෙවර උපන්දිනයේ වත් එය අලූත් වූයේ නැත. ඒ නිසා ඒ ගැනද පුංචි විචිකිඡ්චාවක් ඇත.

පෙනෙන විදිහට මේ අවුරුද්දත් වෙන අවුරුදු වාගේම වීමේ ඉඩකඩ මේ නිසා වැඩිය. ඒ නිසා වෙනත් අවුරුදු වාගේම මෙය වංචාවේ හා බොරුවේ වසරක් වනු ඇතැයි අපට හැගේ.

එවැන්නකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය හා විශේෂයෙන් ඉවසීම අපගේ පාඨකයින්ට- ඔබට- ලැබේවායි අපි ඉතසිතින් පතමු.

අවසන් නිවේදනය නැවතත්….ඇගිලි ඉවරයි ගණන් කරලා

කෙහෙවල්ලෙන් අල්ලා හරි ගෙනෙන්නම්
හත් වෙනිදාට ඉස්සෙල්ලා

කිලිනොච්චිය පැය කීපයකින් වැටෙන බව
සති කිහිපයකට පෙර කිවු
කෙහෙලිය කියයි සිය ගිරිය පුප්පා

කාවද අප්පේ
මේ ගේන්නේ

වෙන කවුද
මැරි මැරී උපදින
මැරුනත් නොමැරෙන
අර හතුරා

ඇයි හත්වෙනිදා වෙනකම්

නෑ එදා තමයි කතිර යුද්ධය
අපි ජය ගන්නා
යුද්ධයේ අනුහසින්
බොරුවේ අවියෙන් හා
වංචාවේ උණ්ඩයෙන්

ඇයි විශ්වාස නැත් ද

නෑ ඉතින්
දිනන බව නම් ෂුවර්
හොඳින් නැත්නම් නරකින්..
මම මේ බැලූවෙ
ඔය කීවෙනි
අවසාන නිවේදනය ද කියාලයි

ගණන් කර ගෙන යන කොට
ඇගිලි ඉවරයි අත්දෙකේ

කකුලෙන් ගැනපං ය…කෝ
.. ගණින්නම  ඕනෑ නං

සෙල්ලම් ද කොල්ලෝ මේ නාකි විද්වතුන් එක්කලා

කොස් ඇට පිච්චුවාම
රස ගුණ ඇති හොඳම කෑමක්
පිච්චි පිච්චි බා ගැනීම
අතට රිදෙන පල් ගේමක්

ඕකත් මහ කජ්ජක් ද
ලිප ලගම ලැග ඉන්නා
පූස් තඩිය ඉන්නා තුරු

බා ගනින් බා ගනින්
ඇති වෙනකම්
කොස් ඇට
අතත් බේරාගෙනම

අන්දාපන් තරුණ කොල්ලො
පළඳවපං පදක්කම්
යවපන් පෙරමුණට
බාන්නට කොස් ඇට

දාපන් හුරේ
හැබැයි පුතෝ
ටිකක් ඈතින් ඉඳගෙන
දාපන් කොඩි බැනර්
හැබැයි දකුණට වෙන්න
රහයි කොස් ඇට
ගානට පිච්චුනෝතින්

සහෝදරත්වයේ දුම්රිය
නවතාපන් වවුනියාවෙදි
මක් කිව්වා ?
තව ටිකක් එහාට

සෙල්ලම්ද කොල්ලෝ
මේ නාකී…
…විද්වතුන් එක්කලා

කොස් ඇට ඩිලිවරිය
උණු උණුවෙ එවපං වවුනියාවට
එහෙං අපි ගන්නම්
උඹලාට සරණයි
තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ
(රටම උඹලක් එක්ක)

කපුටා සහ මලකුණ

ගුණදාස අමරසේකර ප‍්‍රත්‍යාවලෝකනා

මළ කුණ මත නැගී
කපුටා කෑගසයි
පරපුරට
ඉස්තරම් මගුල් කෑමකට

උගෙ හිතේ ඌ කොවුලෙක් කියාලයි

අපට නොදැනුනාට
උගේ පරපුරට
මිහිරි වන්නට බැරිද ඒ නද
කොවුල් නදටද වඩා

ඔය එන්නෙ හතර දෙසින් ම

හඩ ඇහිලා ද
ගඳ දැනිලා ද

පෙට‍්‍රල් වනාහී

පොල්තෙල් මෙන් තාල වර්ගයේ ගසකින් නොගත්තත් එය ද තෙල් වර්ගයකි.

පාවිච්චි කරන්නේ පුංචි පහේ මිනිසුන් නොව ලොකු සල්ලි කාරයින් ය.

මෙයින් දුවන රථ ඇත්තේ සියයට හතරක් වුවද මෙය රු 22 කින් අඩු කළ විට යුද්ධය නතර වී සහනාධාර  දීමට නොහැකිවී රට ම අසරණ වෙයි.

රට පාලනය කරන බොහෝ දෙනෙකු ගණිතය විශය සමත්ව නැති බව මේ තුළින් හෙලිවීම නිසා ගණිතය ප‍්‍රශ්නයෙන් බැටකමින් සිටින අපොස සාපෙ ශිෂ්‍යයින්ගේ සිත් වල සහනයක් ඇති කිරීමට එය සමත්ව තිබේ.

අධිකරණය කොතරම් දේශද්‍රෝහී ද යන්න ජනතාවට අවබෝධ කරවීමට මෙය මෑතක දී සමත් වීම නිසා රාවය කර්තෘ තුමාට සතුටක් අත්කර දී තිබේ.

දේශද්‍රෝහීන් කවුද දේශපේ‍්‍රමීන් කවුද යන්න තීරණය කිරීමේ නොවරදින නිර්මාපකයක් එය විසින් ජනතාවට ලබා දී තිබිම නිසා දේශද්‍රෝහීන්ට විරුද්ධ යුද්ධයට පහසුවක් එය විසින් මහසෝන් බලකායට ලබා දී තිබේ.

කන්න  ඕනෑ වූ විට කබරගොයා තලගොයා කරගැනීමට දක්ෂ කවුරුන්දැයි හෙලි කිරීමට එය සමත් ව තිබේ. ආණ්ඩුවට ගහන්නට තර්ක කරුණු කාරණා තිබියදීත් හරිහැටි ගහන්නට නොදැන ලතවෙන විරුද්ධ පාක්ෂිකයින් කවුරුන් දැයි ද එය හෙලි කර තිබේ.

රට පාලනය කරන්නේ කවුරුන්දැයි ජනතාවට නැවත සිතන්නට එය විසින් පොළඹවා තිබේ.

එය විසින් දේශපාලඥයින් බබා ලා කර තිබේ.

ලිපියක් කොළඹ එක් ස්ථානයකින් තව ස්ථානයකට යාමට කොතරම් කාලයක් ගතවේද යන්න පිළිබඳ තොරතුරු එය විසින් හෙලිදරව් කර තිබේ.

අධිකරණය කොතෙක් ශ්‍රේෂ්ඨ වුවද එය විසින් දෙන තීන්දු ඒ ආකාරයටම පිළිපැදිය යුතු නැති බවත් පෙට‍්‍රල් විසින් ජනතාවට කියා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ගත යුතු කි‍්‍රයාමාර්ගය අධ්‍යයනය කර වාර්ථා කරන ලෙස කැබිනට් ඇමතිවරුන්ට උපදෙස් දී ඇති නිසා ඔවුන් ගණිතය ප‍්‍රශ්නපත‍්‍රයට දෙවැනි වතාවටත් මුහුණ දීමට ඇති සිසුන්ට ද වඩා අමාරුවක වැටි තිබේ.

ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරුන් හා උපදේශකයින්ට පමණක් නොව නක්ෂත‍්‍රකරුවන්ට පවා තෙල් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි අසමින් තමන් සොයා එන කැබිනට් ඇමතිවරුන්ට මුහුණ දීමට සිදුව තිබේ. බන්දුල ගුණවර්ධන මහතා සැගවී ඇතැයි වාර්ථාවෙන අතර නිව්රාඞ් කබ්රාල් මහතා සොයා දෙන්නෙකුට තුටු පඩුරු පිරිනැමීමට පවා ඇමති වරු ඉදිරිපත් ව සිටිති.

මුදල් අමාත්‍යංශයේ නව ලේකම් තුමා කේන්දරේ බලවා ගැනීමට සුදුස්සෙකු සොයා රට පෙරලන බවට ද ආරංචි පැතිර යයි. මෙයට හේතුව ඇත්තේ කේන්දරේට අනුව හිරේ විලංගුවේ වැටීමට ඉඩක් ඇතැයි කියමින් යන්ත‍්‍රරාජයෙක් පැළඳවීමට රු කෝටියක් නක්ෂත‍්‍රකරුවෙකු විසින් දැනටමත් ඉල්ලා තිබීම ය.

ෂෙඞ් කාරයින් සතුව ඇති බලය කුමක් ද යන්න එයින් ඔප්පු කර තිබේ. එසේ වුවද අයි  ඕ සී යනු ඉතා බියගුලූ ආයතනයක් බව ද ඉන්දියානු ව්‍යාප්තවාදය ඔය විමල්ලා කියන තරම් ශක්තිමත් බිල්ලකු නොවන බවද පෙට‍්‍රල් අපට කියා දී ඇත.

මේ රටේ මහ ජනතාව කොතරම් ලනු කෑමට දක්ෂ ද යන වග හා කොතරම් කීකරු අහිංසක පුරවැසියන් කොටසක් ද යන වග මුලූ ලොවටම හා විශේෂයෙන් රටේ පාලකයින්ට කියා දී තිබේ. තවත් ගොඩක් බදු ගැසීමට ආණ්ඩුවට පුලූවන් බව ඒ මගින් මුදල් අමාත්‍යංශයට පෙන්වා දී තිබේ.

රනිල්ට හා කොටින්ට දිගින් දිගටම පහර දීමෙන් විඩාපත්ව සිටි රජයේ මාධ්‍යයන්ට බැට දීමට අලූන් මුවහමක් ලැබී තිබේ. ඔවුහු නව උද්යෝගයකින් මේ දිනවල පහර දීමේ යෙදී සිටිති.

මීට අමතරව වඩා ශක්තිමත් අධිකරණය ද විධායකය ද යන්න අපට පෙන්වා දීමට ද හෙට අනිද්දා එයට හැකිවනු ඇත.

පොල් ගස වෙනුවට පෙට‍්‍රල් ගැන රචනාවක් ලියන්නට අවසර දෙන්නේ නම් තාලවර්ගයට අයත් නොවූව ද ඇට්ටි හැලෙන්නට දෙන්න පුලූවන් යයි කොල්ලන් පමණක් නොව කෙල්ලන් පවා කියන්නට පටන් ගෙන ඇත.

අවබෝධතා ගිවිසුමෙන් නිරාවරණය වූ හෙලූව

දේශපාලනයේ දී වචනයෙන් පමණක් නොව ලිඛිතව ද දුන් පොරොන්දු කඩ කිරීම අපේ රටේ නම් දැරූ චාරිත‍්‍රයකි. එය රාජපක්ෂට ද කලින් ආරම්භ කළ නාඩගමක් වූ අතර මේ බොහෝ අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් විමල් වීරවංශට ද අමතක කළ නොහැකි දීර්ඝ අතීතයක් ඇත.

විමල් වීරවංශ හිටි ජවිපෙට මුලින්ම ලිඛිත පොරොන්දුවක් දුන්නේ චන්ද්‍රිකා ය. ඇගේ පොරොන්දුවට අනුව තුන් මසක් ඇතුළක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නියමිතව තිබූ අතර ඒ පොරොන්දුව නිසා ජවිපෙ මැතිවරණයට තරග කිරීමෙන් වැළකී සිටින බව ප‍්‍රකාශයට පත්විය. අන්තිමේදී ජවිපෙ මැතිවරණයට තරග නොකළ නමුත් චන්ද්‍රිකා තම පොරොන්දුව ඉටු කළේ නැත.

එජාපය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කළ පසුදාම එජාපයෙන් පැමිණි 17 දෙනා පිළිගෙන ඒ අවබෝධතාවයට පයින් ගැසීමට රාජපක්ෂ කටයුතු කළේ ය. ඒ නිසා පොදුවේ රාජපක්ෂ හා අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් ඇත්තේ ද ඊට නොවෙනස් කතාවකි.
එය එජාපය සම්බන්ධයෙන් පමණක් නොව වෙන  ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් වලංගු බව රාජපක්ෂ කියා සිටියේ තමන්ගේ දකුණත් සවු මංගල සමරවීරත් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ බර ඇදි ශී‍්‍රපති වත් පස්සට පයින් ගසා එලවා දැමීමෙනි. ඒවා වාචික අවබෝධතා වූ බව සැබෑ ය. එහෙත් ඒවාත් අවබෝධතා විය.

බොහෝ ජයගොස නගා ජවිපෙ සමග ඇතිකරගෙන තිබුන ලිඛිත අවබෝධතා ගිවිසුම ද මහින්ද රාජපක්ෂ කඩ කළේ ය. ඒ ජවිපෙන් පළාත් සභා මැතිවරණය සඳහා තරග වැදීම සඳහා ඉවත්වූ මන්ත‍්‍රීවරයාගේ මන්ත‍්‍රී පදවිය උදුරාගෙන කරුණාට දීමෙනි.

ජවිපෙට අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් ඇතිවිය යුත්තේ එක පාරක් නොව කීප පාරක් බැට කෑමෙන් ඇතිවූ ඉතා අමිහිරි මතකයන් ය. ඊයේ පෙරේදා වනතෙක්  ජවිපෙ තුළ සිටියාවූ ද අදත් දේශපාලනයේ නියැලෙන්නාවූද විමල්ට ඊට වෙනස් මතකයක් මේ සම්බන්ධයෙන් තිබිය නොහැකි ය.

එහෙත්  ඒ පිළිබඳ වගේ වගක් නැතිව ඔහු අවබෝධතා ගිවිසුම් ගසයි.

ඒ පිළිබඳ උත්සවය පැවැත්වුනේ ජනාධිපති මන්දිරයේම ය. එය ඓතිහාසික එකක් කරන්නට රජයේ මාධ්‍යයන් කොතෙක් උත්සහ කළ ද එහි පිලූනු ගඳ වහන්නට ඒවාට නොහැකි විය. සහභාගීවූවන් තුළ පවා ඒ පැරණි නාඩගමේ බාල කොපියක චරිත රගන්නට වීම පිළිබඳ ප‍්‍රසාදයක් තිබුනේ නැති තරම් ය.

මේ සියල්ල ජනතාව රවටා ගජ මිතුරු දේශපාලනයේ නිරත වන්නට ය. හයියෙන් කෑ ගැසුවාට විමල්ට ආත්මයක් නැත. මේ ගිවිසුම මගින් ද පෙන්නුම් කළේ ඒ ආත්මයෙන් තොර නැවත නැවතත් දැකීමට අප‍්‍රිය සහගත විමල්ගේ හෙලූව ම ය.

සබඳ අපි කඳුනොවෙමු උනුන් පරයා නැගෙන-මැරතන් දුවන සොයුරන්ට සුභා සිරි සමග

මේ අප අසා ඇති ජනප‍්‍රිය ගීතයකි. අමු සිංහලෙන් කිව්වොත් මෙහි අදහස එකිනෙකා පරයා පොර වෙන්නට හදන්න එපා යන්න ය. මම මේ අදහසට පක්ෂ නැත්තෙමි. කඳු වී නවතින්නේ නැතිව හැකි නම් ලොවම ආලෝකවත් කරන සරු කරන ගිනි කන්දක් වෙන්නැයි මම ඔබට කියමි.

අප තරග කළ යුතු ය. ඒ එකිනෙකාගේ බෙලි කැපීමට වත් උන්ගේ කකුලෙන් ඇද ඉදිරියට යාමටවත් නොවේ. අපගේ දක්ෂතාවලින් යා හැකි ඉහළම දුරක් යාමට ය. සමාජයට ප‍්‍රයෝජනවත් විය හැක්කේ ඔහේ ජීවත්වන තවත් එක් අයෙකු වීමෙන් නොවේ. සැබෑ ලෙසම පොරක් වීමෙනි.

සබඳ අවසරයි පොරක් වන්නට.

මේ බ්ලොග් සටන විශේෂයෙන් දැන් ක‍්‍රියාත්මක වන බ්ලොග්  මැරතන් තරගයට සුභ පැතීම සඳහා ය’ ඊට  සම් බන්ධ නොවුනත් ඒ තරගය සමග අප ඉන්නා බව කීම ට ය.  සංවිධායකින් කියා සිටි පරිදි ඔවුන් අනුස්මරණය කරන යසරුවන් ගුණතිලක සහෘදයා ද සි හිපත්  කිරීමට  අපිදු කැමැත්තෙමු. නිහඩව බොහෝ දේ කළ හැකි බව ඔහු අපට කියා සිටි කෙනෙකි. යමක් කීම සඳහා වචන බොහෝ නාස්ති කරන අපට ඔහු එක් අතකට ගුරුවරයෙකි.

ඔබ සි යලූ දෙනා ට ජය

ඒක උත්තල නෑ නෑ අවතල මං නම් හිතන් උන්නේ නිකම් තල කියල දර්පනය

අල්ලයි රුව පෙනෙන්නට කැඩපතක්
පැත්තක ඉඳන්
කමකට නැති එකෙක්
දැක්කේ නිරුවතින් ඉන්නා සෙයක්
වියරුවෙන් සොයයි
ඇල්ලූ එකා කන්ණාඩිය

අල්ලාපිය  ඕකා
මා නිරුවත් කළ

සීතාම්බර සලූ පැළඳුවාට
කොල්ලන්ට හූ කියන්න
අවසරත් දිය හැකි ද

කවුද  ඕකා
අලූගේත්තුරු වැඩ කරනා

එහෙම නොකියන් ඌට
සිනමා පොරක් ඌ
අර අශෝක

මොනවා සේරසිංහ
නැහැ නැහැ   සේරසිංහ නඩු දැමූ ඌ හඳයා

ගනින්  ඕකා
දෙකක් ඇන දමන්නට කූඩුවේ
විලි සංගා නැති ඒවා කෙරුවාට
ඕවත් පෙන්නනවාද හැමෝටම දැක ගන්න

වැඩක් නැහැ
නඩුකාරයා ඌවත් නිදහස් කළා නොවැ
මේ ඊයේ පෙරේද

උඹ ඔය ඇත්තමද කියන්නෙ
බඩුම තමා

 

අන්තිම සටනත් දිනුවා

ඇති යාන්තම්
පාර දිගේ ෂෙඞ් අසලින් ගලා ගිය දේශද්‍රෝහය
නැවතුනා හිටි අඩියේ
විසි දෙකට විකුණූ දේශපේ‍්‍රමය
ඔන්න ආපහු ඇවිත්

මූණත් නොපෙනෙන්ට හංගා
ලජ්ජාවෙන් හොරෙන් හොරෙන්
රිංගලා පෝලිමට
වේලි වේලි ඉඳලා
විකුණූ කාලය ඉවරයි

සාක්කුවට බරක් වුනත්
හිතට දැනේ සැහැල්ලූවක්
(එපා වෙලා තිබුනේ මට)

තුරුලූ කරන් දැන් නැවතත්
අපි එන්නම්
රට දිනනා සටන් බිමට
දේශපේ‍්‍රමය සමගින්

මෙන්න අපේ සටන් පාඨ
ඉන්දියාව ද අපි දිනුවා
අන්තිම සටන ද දිනුවා

රවියා දැන් අකුලාගෙන
සුසුම් හෙලනවා ඇති
අධිකරණය බලූ වීලා
වකුටු වෙලා බුදි ඇති

ඇති යන්තම්
රට රැකුණා
(කාලෙකට පස්සෙ ඊයෙ හොඳට නින්දගියා)

« Previous entries